පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය විශිෂ්ට ජයක් කරා

U19 Division 1 Schools Cricket Tournament 2024/25

53
U19 Division 1 Schools Cricket Tournament 2024/25

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග හතක් ඊයේ (28) දිනයෙන් අවසන් වුනා.

මෙම තරගවල දී ජයග්‍රහණ වාර්තා කිරීමට මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය, කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය, කොළඹ නාලන්දා විද්‍යාලය, කොළඹ ආනන්ද විද්‍යාලය සහ පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය සමත් වුනා.

ඊයේ දිනයේ දී කැපී පෙනෙන ක්‍රීඩක දක්ෂතාව ලෙස පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයේ නායක දුරංක සිල්වා විසින් මහනුවර සාන්ත සිල්වෙස්තර විද්‍යාලයට එරෙහිව වාර්තා කළ විශිෂ්ට ශතකය හඳුන්වාදිය හැකි. මෙහි දී ඔහු පන්දු 78ක් පමණක් වැය කරමින් ලකුණු 141ක් ලබා ගැනීමට සමත් වූ අතර, ඔහුගේ ඉනිමට හතරේ පහර 13ක් සහ හයේ පහර 10ක් අන්තර්ගත වුනා. එමෙන්ම ඔහුගේ මෙම ඉනිම ශ්‍රී සුමංගල විද්‍යාලයට නොතිබූ ජයක් රැගෙන ඒමට ද සමත් වීම විශේෂත්වයක්.

මීට අමතරව මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය වෙනුවෙන් රයන් දිසානායක ඉනිම් දෙක තුළ කඩුලු 05 සහ 06 බැගින් දවා ගැනීමට සමත් වුනා. එමෙන්ම කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය වෙනුවෙන් යෙනුල දෙව්තුස සහ නුශාන් පෙරේරා කඩුලු 05 දස්කම් දැක්වීමට ද සමත් වීම විශේෂත්වයක්.

මීට අමතරව කොළඹ නාලන්දා විද්‍යාලය වෙනුවෙන් මල්ෂ ප්‍රනාන්දු කඩුලු 05 දස්කමක් දැක්වීමට සමත් වන අතරේ, ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය වෙනුවෙන් දිනෙත් ගුණවර්ධන ශතකයක් වාර්තා කිරීමට ද සම්ත් වුනා. මේ අතර කොළඹ ආනන්ද විද්‍යාලය වෙනුවෙන් අශින්ස නයිනායක කඩුලු 06 දස්කමක් දැක්වීමත් දිනයේ කැපී පෙනෙන දක්ෂතාවක් ලෙස හඳුන්වාදිය හැකි.

කුරුණෑගල මලියදේව විද්‍යාලය සහ මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය

(මලියදේව විද්‍යාල ක්‍රීඩාංගණයේ දී)

මලියදේව විද්‍යාලය – 119/10 (41.5) රජිත් නවෝද්‍ය 43, රයන් දිසානායක 5/24 & 100/10 (23.5) විනුක ගලප්පත්ති 46, රයන් දිසානායක 6/54, මලින්ත සිල්වා 4/46

 

සාන්ත සෙබස්තියන් විද්‍යාලය – 173/10 (51.5) නවෝද් ප්‍රනාන්දු 56, දිමත් අබේසිංහ 4/34, දම්ලත් නිසාර 3/12 & 49/0 (6.1)

සාන්ත සෙබස්තියන් විද්‍යාලයට කඩුලු 10ක ජයක්.

කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය සහ කොළඹ සාන්ත බෙනඩික්ට් විද්‍යාලය

(සාන්ත බෙනඩික්ට් විද්‍යාල ක්‍රීඩාංගණයේ දී)

සාන්ත ජෝසප් විද්‍යාලය – 310/8d (59) සෙනුජ වකුණුගොඩ 71, මානස මදුභාශණ 77, ඩනික් පෙරේරා 50, ශරුජන් ශන්මුගනාදන් 3/89

 

සාන්ත බෙනඩික්ට් විද්‍යාලය – 121/10 (32.5) ශරුජන් ශන්මුගනාදන් 88, යෙනුල දෙවුතුස 4/21, නුශාන් පෙරේරා 3/46 & 143/10 (f/o) (42.2) ශරුජන් ශන්මුගනාදන් 39, යෙනුල දෙව්තුස 5/33, නුශාන් පෙරේරා 5/53

සාන්ත ජෝසප් විද්‍යාලයට ඉනිමක සහ ලකුණු 46ක ජයක්.

කොළඹ නාලන්දා විද්‍යාලය සහ මීගමුව මාරිස් ස්ටෙලා විද්‍යාලය

(කදිරන ක්‍රීඩාංගණයේ දී)

කොළඹ නාලන්දා විද්‍යාලය – 323/10 (95.3) මනුප මන්මිත 43 ගෙවිඳු මනම්පේරි 40, යොහාන් ආලෝක 2/40

 

මාරිස් ස්ටෙලා විද්‍යාලය – 161/10 (45.2) ලෙවින් ප්‍රනාන්දු 44, ගෙවිඳු මනම්පේරි 2/15 & 135/10 (f/o) මිනෙත් ප්‍රනාන්දු 40, මල්ෂ ප්‍රනාන්දු 5/27

කොළඹ නාලන්දා විද්‍යාලයට ඉනිමක සහ ලකුණු 27ක ජයක්.

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය

(SLAOC ක්‍රීඩාංගණයේ දී)

රිච්මන්ඩ් විද්‍යාලය – 75/10 (30) යූරි කොත්තිගොඩ 13, අභීත් පරණවිදාන 3/14, ආරෝන් ද සිල්වා 3/13, මිනෝන් වර්ණසූරිය 3/18 & 11/0 (2)

 

සාන්ත තෝමස් විද්‍යාලය – 314/9d (104) දිනෙත් ගුණවර්ධන 119, කවිඳු ඩයස් 75, නෙතුජ භාශිත 4/76

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.

කොළඹ ආනන්ද විද්‍යාලය සහ කටුනේරිය සාන්ත සෙබස්තියන් විද්‍යාලය

(අඹේපුස්ස යුද හමුදා ක්‍රීඩාංගණයේ දී)

ආනන්ද විද්‍යාලය – 301/9d (73.3) මිහින් මුණසිංහ 118, අශින්ස නයිනායක 60, මහීෂ සිතුම් 3/110

 

සාන්ත සෙබස්තියන් විද්‍යාලය – 73/10 (40.3) දම්සිත් සුභාශන 15, ශාරධ ජයරත්න 3/14, අශින්ස නයිනායක 3/20 & 166/10 (f/o) (33.5) සුපුන් ලියනගේ 50, අශින්ස නයිනායක 6/52

කොළඹ ආනන්ද විද්‍යාලයට ඉනිමක සහ ලකුණු 62ක් ජයක්.

කඳාන ද මැසනඩ් විද්‍යාලය ඩහ මහනුවර ධර්මරාජ විද්‍යාලය

(ද මැසනඩ් විද්‍යාල ක්‍රීඩාංගණයේ දී)

ද මැසනඩ් විද්‍යාලය – 421/3d (93) ශරිත් සුදීන 184, නෙශාන් පීරිස් 108, ඩිනෝශ් ජෙලෝන් 72, දක්ශික මනුකල්ප 2/99 & 14/0 (2)

 

ධර්මරාජ විද්‍යාලය – 204/10 (93.2) ලක්වින් අබේසිංහ 80, තරිඳු වර්ණකුලගේ 54, ඩිනෝශ් ජෙලෝන් 3/26

කඳාන ද මැසනඩ් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.

මහනුවර සාන්ත සිල්වෙස්තර විද්‍යාලය සහ පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය

(මහනුවර ධර්මරාජ විද්‍යාල ක්‍රීඩාංගණයේ දී)

සිල්වෙස්තර විද්‍යාලය -184/10 (69) කවීෂ චන්දිමාල් 67, සෙනිර විජේතුංග 3/26 & 145/8d (32.5) යෝශිත ඉසුරංග 67, සදෙව් හෙට්ටිආරච්චි 3/38

 

ශ්‍රී සුමංගල විද්‍යාලය – 132/10 (60.5) අනුහස් ද සිල්වා 40, නිමේශ සිල්වා 4/22 & 198/1 (25.2) දුරංක සිල්වා 141, අනුහස් ද සිවා 51*

පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයට කඩුලු 09ක ජයක්.

පාසල් ක්‍රිකට් පිටියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<