මහින්ද – තර්ස්ටන් Tier B අවසන් මහා තරගය ආරම්භ වෙයි

U19 Division 1 Schools Cricket Tournament 2024/25

52
Schools Cricket

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ Tier B කොටසේ අවසන් මහා තරගය ඊයේ (27) දිනයේ දී ආරම්භ වුනා.

සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ගාල්ල මහින්ද විද්‍යාලය සහ කොළඹ තර්ස්ටන් විද්‍යාලය අතර ආරම්භ වූ මෙම තෙදින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය මහින්ද විද්‍යාලය සතු වූ අතර, ඔවුන්ගේ ආරාධනයෙන් තර්ස්ටන් ක්‍රීඩකයින් පළමු ඉනිම සඳහා පිටියට අවතීර්ණ වුනා.

තර්ස්ටන් ඉනිමේ ආරම්භක පිතිකරුවන් වූ දිනාල් ඉඳුවර සහ තනුජ රාජපක්ෂ විසින් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 120ක් එක් කිරීමට සමත් වූ අතර, මෙහි දී දිනාල් ලකුණු 41ක් ලබා ගත් අතර, තනූජගේ පිත්තෙන් ලකුණු 76ක් වාර්තා වුනා.

කෙසේ වෙතත් සාර්ථක ආරම්භයක් ලැබීමෙන් පසුව තර්ස්ටන් ක්‍රීඩකයින් දිනය නිමා වන විට සිය ලකුණු පුවරුවේ ලකුණු 274ක් සටහන් කිරීමට සමත් වී සිටියා.

ඒ වන විට තර්ස්ටන් කඩුලු 05ක් බිඳ වැටී තිබූ අතර, දිනය නිමා වන විට විශිෂ්ට ඉනිමක් දියත් කරමින් සිටි විහස් තෙව්මික නොදැවී ලකුණු 70ක් ලබා ගැනීමට සමත් වී සිටියා.

ගාල්ල මහින්ද විද්‍යාලය සහ කොළඹ තර්ස්ටන් විද්‍යාලය  

(සූරියවැව අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී)

  • කොළඹ තර්ස්ටන් විද්‍යාලය – 274/5 (87) තනුජ රාජපක්ෂ 76, විහස් තෙව්මික 70*, දිනාල් ඉඳුවර 41, මනිත රාජපක්ෂ 1/36

පළමු දිනය සඳහා තරගය නතර කළා.

පාසල් ක්‍රිකට් පිටියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<