ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ Tier A කොටසේ එක් අවසන් පූර්ව තරගයක් මේ වන විට ක්‍රියාත්මක වනවා.
කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය සහ මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය අතර ඊයේ (12) දිනයෙන් ආරම්භ වුන මෙම තරගයේ දී මේ වන විටත් ශතක ද්විත්වයක් වාර්තා වී තිබීම විශේෂත්වයක්.
මෙහි දී සාන්ත ජෝසප් විද්‍යාලය වෙනුවෙන් මානස මධුභාෂණ ශතකයක් වාර්තා කරද්දී, සාන්ත සෙබස්තියන් විද්‍යාලය වෙනුවෙන් උශේන් සිල්වා ද ශතකයක් වාර්තා කිරීමට සමත් වුනා.
මේ අතර සාන්ත සෙබස්තියන් විද්‍යාලයේ මලින්ත සිල්වා ශතකය පෙනි පෙනී ලකුණු 99කට අවාසනාවන්ත ලෙස දැවී යාමත් විශේෂ සිදුවීමක් ලෙස සඳහන් කළ හැකි.
මේ අතර සාන්ත සෙබස්තියන් විද්‍යාලය වෙනුවෙන් අදේශ් අල්මේදා කඩුලු 06 දස්කමක් දක්වන අතරේ, සාන්ත ජෝසප් විද්‍යාලය වෙනුවෙන් ඩේමියන් ද සිල්වා කඩුලු 05 දස්කමක් දැක්වීමට සමත් වුනා.
මේ අතර සාන්ත ජෝසප් විද්‍යාලයේ යෙනුල දෙව්තුස තුන් ඉරියව්වෙන් ම කැපී පෙනීමට සමත් වීමත් විශේෂත්වයක්.
මේ වන විට සාන්ත සෙබස්තියන් විද්‍යාලය තරගයේ පළමු ඉනිමේ ජයක් වාර්තා කර ගැනීමට සමත් වී සිටින නමුත්, හෙට (14) දිනය තුළ තරගයේ වෙනස් කමක් සිදුවීමට ඉඩ නැතිවාම නොවේ.
- ශ්‍රී ලංකා පළමු ඉනිමට නවසීලන්තයෙන් ප්‍රබල පිළිතුරක්
- බංග්ලාදේශයට තරග 4-1ක ජයක්
- පවන් දකුණු අප්‍රිකානුවෝ දණ ගස්වයි
- කමිඳු තවත් ශතකයක් කරා; පළමු දිනයේ වැඩි වාසි ශ්‍රී ලංකාවට
- කිවි – සිංහ ගැටුමට පෙර
කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය සහ මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය
(අනුරාධපුර සමාධි ක්‍රීඩාංගණයේ දී)
- සාන්ත ජෝසප් විද්‍යාලය– 270/10 (84.3) මානස මධුභාශණ 116, යෙනුල දෙව්තුස 74, අදේශ් අල්මේදා 6/47 & 0/0
- සාන්ත සෙබස්තියන් විද්‍යාලය– 342/10 (91.2) උශේන් සිල්වා 106, මලින්ත සිල්වා 99, ඩේමියන් ද සිල්වා 5/127, යෙනුල දෙව්තුස 3/96
තරගය දෙවැනි දිනයට නතර කළා.
පාසල් ක්‍රිකට් පිටියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<