ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග අද (10) දිනයෙන් නිමාවට පත් වුනා.
මෙහි දී Tier A කොටස යටතේ පැවැත්වුණු අර්ධ අවසන් පූර්ව තරගයෙන් කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය කඩුලු 09ක ජයක් ලබා ගැනීමට සමත් වූ අතර, Tier B කොටස යටතේ පැවැත්වුණු තරගයෙන් මාතර සාන්ත තෝමස් විද්‍යාලය පළමු ඉනිමේ ජයක් ලබා ගැනීමට සමත් වුනා.
මෙහි දී සාන්ත ජෝසප් ජය තහවුරු කිරීමේ බර කරට ගත් නුශාන් පෙරේරා කඩුලු 07 දස්කමක් දැක්වීමට සමත් වන අතරේ, අවීෂ සමාෂ් ඉනිම් දෙකේ දීම අර්ධ ශතක වාර්තා කිරීමට සමත් වුනා.
මේ අතර රත්ගම දේවපතිරාජ විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලබා ගැනීමට සමත් වූ මාතර සාන්ත තෝමස් විද්‍යාලය ඒ වෙනුවෙන් සිය පළමු ඉනිම සඳහා ලකුණු 472ක අති දැවැන්ත ලකුණු පුවරුවක් සටහන් කිරීමට සමත් වුනා.
මෙහි දී සාන්ත තෝමස් නායක පෙසඳු සන්ජන් ලකුණු 172ක් ලබා ගැනීමට සමත් වූ අතර, එතැනින් ද නොනැවතී දෙවැනි ඉනිමේ ද අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත් වුනා. එමෙන්ම ඔහු පන්දු යැවීමෙන් ඉනිම් දෙක තුළ කඩුලු 5ක් දවා ගැනීමට ද සමත් වුනා. මේ අතර පෙසඳුට නොදෙවෙනි තුන් ඉරියව් දක්ෂතා දැක්වීමට සමත් වූ මනුග ගුරුගේ පන්දු යැවීමෙන් කඩුලු 4ක් දවා ගැනීමට මෙන්ම, තෝමසුවන්ට අවශ්‍ය ම වූ මොහොතේ පිත්තෙන් ද ලකුණු 86ක් ලබා ගනිමින් පළමු ඉනිමේ ජය තහවුරු කිරීමට සමත් වුනා.
- ශ්‍රී ලංකා පළමු ඉනිමට නවසීලන්තයෙන් ප්‍රබල පිළිතුරක්
- බංග්ලාදේශයට තරග 4-1ක ජයක්
- පවන් දකුණු අප්‍රිකානුවෝ දණ ගස්වයි
- කමිඳු තවත් ශතකයක් කරා; පළමු දිනයේ වැඩි වාසි ශ්‍රී ලංකාවට
- කිවි – සිංහ ගැටුමට පෙර
රත්ගම දේවපතිරාජ විද්‍යාලය සහ මාතර සාන්ත තෝමස් විද්‍යාලය
(කුරුණෑගල මලියදේව විද්‍යාල ක්‍රීඩාංගණයේ දී)
- දේවපතිරාජ විද්‍යාලය– 418/10 (109.2) ගිම්හාන් රසාන්ජන 119, මතීෂ සාරංග 62, දර්ශක සංදීප් 58, මනුග ගුරුගේ 4/142 පෙසඳු සන්ජන් 3/120 & 202/6 (35) දර්ශක සංදීප් 100, පෙසඳු සන්ජන් 2/42
- සාන්ත තෝමස් විද්‍යාලය – 472/10 (105) පෙසඳු සන්ජන් 172, මනුග ගුරුගේ 86, අබ්දුල් මජීඩ් 67, චමිඳු පද්මික 2/49, ගිම්හාන් රසාංජන 3/74 & 91/4 (22) පෙසඳු සන්ජන් 55*
මාතර සාන්ත තෝමස් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.
කොළඹ සාන්ත පීතර විද්‍යාලය සහ කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය
(පොලොන්නරුව ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී)
- සාන්ත පීතර විද්‍යාලය– 214/10 (85.2) දිලන දම්සර 46, යෙනුල දෙව්තුස 5/48 & 167/10 (38.2) නාතන් ඩේවිඩ් 64, නුශාන් පෙරේරා 7/69
- සාන්ත ජෝසප් විද්‍යාලය– 245/10 (81.2) අවීෂ සමාෂ් 92, ඩනික් පෙරේරා 54, ජොෂුවා සෙබස්තියන් 3/19, තරීන් සංඛේත් 3/46 & 140/1 (22.2) අවීෂ සමාෂ් 71*
කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලයට කඩුලු 09ක ජයක්.
පාසල් ක්‍රිකට් පිටියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<