රුසිත් සහ විහස් කැපී පෙනෙන දක්ෂතා අතරට

U19 Division 1 Schools Cricket Tournament 2024/25

26
U19 Division 1 Schools Cricket

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ Tier A කොටසේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග තුනක් ඊයේ (07) දිනයෙන් නිමාවට පත් වුනා.

එමෙන්ම Tier B අර්ධ අවසන් තරහ තුනක් ඊයේ දිනයේ ම ආරම්භ වුනා.

Tier A තරග අතුරින් පූර්ණ ජයක් ලබාගැනීමට මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය සමත් වන අතරේ, පළමු ඉනිමේ ජයක් ලබා ගැනීමට කොළඹ රාජකීය විද්‍යාලය සමත් වුනා. එම කණ්ඩායම් ද්විත්වය තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා ද සුදුසුකම් ලබා ගත්තා.

මේ අතර ඊයේ ආරම්භ වූ Tier B තරගවල දී කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය සහ කොළඹ ඉසිපතන විද්‍යාලයත්, පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය සහ ගාල්ල මහින්ද විද්‍යාලයත්, කඳාන ද මැසනඩ් විද්‍යාලය සහ කොළඹ තර්ස්ටන් විද්‍යාලයත් තරග බිමට පිවිසුණා.

මෙම තරගවල දී පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය වෙනුවෙන් රුසිත් ජයවර්ධන කඩුලු 06 දස්කමක් දක්වන අතරේ, කොළඹ තර්ස්ටන් විද්‍යාලය වෙනුවෙන් විහස් තෙව්මික කඩුලු 05 දස්කමක් දැක්වීමට සමත් වීමත් විශේෂත්වයක්.

කොළඹ මහානාම විද්‍යාලය සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය

(පොලොන්නරුව රාජකීය විද්‍යාල ක්‍රීඩාංගණයේ දී)

  • මහානාම විද්‍යාලය – 74/10 (35.4) චාමික හීනටිගල 26, මලිත් රත්නායක 6/21
  • ත්‍රිත්ව විද්‍යාලය – 141/5 (50) චනිරු සේනාරත්න 75*, දුල්නිත් සිගේරා 3/19

තරගය විසඳුමකින් තොරව අවසන් වුනා.

මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය සහ මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය

(අනුරාධපුර සාලියපුර ගජබා රෙජිමේන්තු ක්‍රීඩාංගණයේ දී)

  • සාන්ත අන්තෝනි විද්‍යාලය – 204/10 (70) කෙවන් ප්‍රනාන්දු 89*, සනුක කල්පන 41, මලින්ත සිල්වා 4/60 & 103/10 (35.4) ඔකිත ප්‍රනාන්දු 29, මලින්ත සිල්වා 6/54, ශෙනාස් හශේයින් 3/23
  • සාන්ත සෙබස්තියන් විද්‍යාලය – 159/10 (67) නවෝද් ප්‍රනාන්දු 34, දිනුර ගනේගොඩ 3/20, චාරුක ඒකනායක 3/66 & 149/6 (51.1) නවෝද් ප්‍රනාන්දු 58, කවීෂ පෙරේරා 49, සදෙව් අමරකෝන් 2/22

මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලයට කඩුලු 04ක ජයක්.

කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය

(අනුරාධපුර සමාධි ක්‍රීඩාංගණයේ දී)

  • රාජකීය විද්‍යාලය – 301/10 (102.4) රෙහාන් පීරිස් 82, රමිරු පෙරේරා 81, යසිඳු දිසානායක 58, කවිඳු ඩයස් 2/69 & 248/9d (63.5)
  • සාන්ත තෝමස් විද්‍යාලය 120/10 (58.2) සචිත්‍ර ගුණසිංහ 33, සෙහඳු සූරියආරච්චි 5/31 & 182/3 (39)

තරගය ජය පැරදුමෙන් තොරයි, කොළඹ රාජකීය විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.

කොළඹ ඉසිපතන විද්‍යාලය සහ කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය

(රත්නපුර දිස්ත්‍රික්ක ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී)

  • ඉසිපතන විද්‍යාලය – 197/10 (59.1) මලීෂ සඳරුවන් 46, ලෙසඳු කල්පගේ 45, ශෙහාන් කුමාර 3/50, යශ්මින් ජයසුන්දර 3/34
  • සාන්ත ආනා විද්‍යාලය 8/0 (4)

පළමු දිනට තරගය නතර කළා.

ගාල්ල මහින්ද විද්‍යාලය සහ පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය

(මොණරාගල දිස්ත්‍රික් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී)

  • මහින්ද විද්‍යාලය – 217/10 (84.4) දුල්සිත් දර්ශන 67, මනිත රාජපක්ෂ 60, රුසිත් ජයවර්ධන 6/65
  • ශ්‍රී සුමංගල විද්‍යාලය – 1/0 (2)

පළමු දිනයට තරගය නතර කළා.

කඳාන ද මැසනඩ් විද්‍යාලය සහ කොළඹ තර්ස්ටන් විද්‍යාලය

(කොළඹ සාන්ත ජෝසප් විද්‍යාල ක්‍රීඩාංගණයේ දී)

  • කඳාන ද මැසනඩ් විද්‍යාලය – 153/10 (40.5) ශෙවන් වෙල්ගම 26, විහස් තෙව්මික 5/37
  • තර්ස්ටන් විද්‍යාලය – 104/4 (43.3) සෙත්රූ ප්‍රනාන්දු 59

පළමු දිනයට තරගය නතර කළා.

පාසල් ක්‍රිකට් පිටියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<