ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග තුනක් ඊයේ (06) දිනය තුළ ක්‍රියාත්මක වුනා.
මෙම තරගවල දී මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් මහනුවර සාන්ත අන්තෝනි දෙවැනි ඉනිම සම්පූර්ණයෙන්ම බිඳ දැමීමේ වගකීම බාරගත් මලින්ත සිල්වා කඩුලු 06ක් දවා ගැනීමට සමත් වූ අතර, ඒ අනුව ඔහු සමස්ත තරගයේ කඩුලු 10ක් බිඳ හෙළීමට සමත් වීම විශේෂත්වයක්.
මේ අතර කොළඹ රාජකීය විද්‍යාලය වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ සෙහඳු සූරියආරච්චි කඩුලු 05 දස්කමක් දැක්වීමට ද සමත් වුනා.
- ශ්‍රී ලංකා පළමු ඉනිමට නවසීලන්තයෙන් ප්‍රබල පිළිතුරක්
- බංග්ලාදේශයට තරග 4-1ක ජයක්
- පවන් දකුණු අප්‍රිකානුවෝ දණ ගස්වයි
- කමිඳු තවත් ශතකයක් කරා; පළමු දිනයේ වැඩි වාසි ශ්‍රී ලංකාවට
- කිවි – සිංහ ගැටුමට පෙර
කොළඹ මහානාම විද්‍යාලය සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය
(පොලොන්නරුව රාජකීය විද්‍යාල ක්‍රීඩාංගණයේ දී)
මහානාම විද්‍යාලය – 74/10 (35.4) චාමික හීනටිගල 26, මලිත් රත්නායක 6/21
ත්‍රිත්ව විද්‍යාලය – 141/5 (50) චනිරු සේනාරත්න 75*, දුල්නිත් සිගේරා 3/19
පළමු දිනයට තරගය නතර කළා.
මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය සහ මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය
(අනුරාධපුර සාලියපුර ගජබා රෙජිමේන්තු ක්‍රීඩාංගණයේ දී)
සාන්ත අන්තෝනි විද්‍යාලය – 204/10 (70) කෙවන් ප්‍රනාන්දු 89*, සනුක කල්පන 41, මලින්ත සිල්වා 4/60 & 103/10 (35.4) ඔකිත ප්‍රනාන්දු 29, මලින්ත සිල්වා 6/54, ශෙනාස් හශේයින් 3/23
සාන්ත සෙබස්තියන් විද්‍යාලය – 159/10 (67) නවෝද් ප්‍රනාන්දු 34, දිනුර ගනේගොඩ 3/20, චාරුක ඒකනායක 3/66 & 0/1 (0.1)
දෙවැනි දිනයට තරගය නතර කළා.
කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය
(අනුරාධපුර සමාධි ක්‍රීඩාංගණයේ දී)
රාජකීය විද්‍යාලය – 301/10 (102.4) රෙහාන් පීරිස් 82, රමිරු පෙරේරා 81, යසිඳු දිසානායක 58, කවිඳු ඩයස් 2/69 & 50/2 (14)
සාන්ත තෝමස් විද්‍යාලය – 120/10 (58.2) සචිත්‍ර ගුණසිංහ 33, සෙහඳු සූරියආරච්චි 5/31
දෙවැනි දිනයට තරගය නතර කළා.
පාසල් ක්‍රිකට් පිටියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<