ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග ඊයේ (05) දිනයෙන් ආරම්භ වුනා.
කොළඹ මහානාම විද්‍යාලය සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයත්, මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය සහ මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලයත්, කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයත් මෙම තරගවල දී තරග වැදීම ආරම්භ කළා.
මෙහි දී දිනයේ කැපී පෙනෙන ක්‍රීඩකයා බවට පත් වූ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ මලිත් රත්නායක කඩුලු 06 දස්කමක් ප්‍රදර්ශනය කරනා අතරේ, ත්‍රිත්ව විද්‍යාලය වෙනුවෙන් චනිරු සේනාරත්න, මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය වෙනුවෙන් කෙවන් ප්‍රනාන්දු, කොළඹ රාජකීය විද්‍යාලය වෙනුවෙන් රෙහාන් පීරිස් සහ රමිරු පෙරේරා විසින් අර්ධ ශතක වාර්තා කිරීමට සමත් වුනා.
මෙම තරග ත්‍රිත්වයේ ම දෙවැනි දිනය අද (06) ක්‍රියාත්මක වීමට නියමිතයි.
- ශ්‍රී ලංකා පළමු ඉනිමට නවසීලන්තයෙන් ප්‍රබල පිළිතුරක්
- බංග්ලාදේශයට තරග 4-1ක ජයක්
- පවන් දකුණු අප්‍රිකානුවෝ දණ ගස්වයි
- කමිඳු තවත් ශතකයක් කරා; පළමු දිනයේ වැඩි වාසි ශ්‍රී ලංකාවට
- කිවි – සිංහ ගැටුමට පෙර
කොළඹ මහානාම විද්‍යාලය සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය
(පොලොන්නරුව රාජකීය විද්‍යාල ක්‍රීඩාංගණයේ දී)
මහානාම විද්‍යාලය – 74/10 (35.4) චාමික හීනටිගල 26, මලිත් රත්නායක 6/21
ත්‍රිත්ව විද්‍යාලය – 141/5 (50) චනිරු සේනාරත්න 75*, දුල්නිත් සිගේරා 3/19
පළමු දිනයට තරගය නතර කළා.
මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය සහ මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය
(අනුරාධපුර සාලියපුර ගජබා රෙජිමේන්තු ක්‍රීඩාංගණයේ දී)
සාන්ත අන්තෝනි විද්‍යාලය – 204/10 (70) කෙවන් ප්‍රනාන්දු 89*, සනුක කල්පන 41, මලින්ත සිල්වා 4/60
සාන්ත සෙබස්තියන් විද්‍යාලය – 45/1 (17.2)
පළමු දිනයට තරගය නතර කළා.
කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය
(අනුරාධපුර සමාධි ක්‍රීඩාංගණයේ දී)
රාජකීය විද්‍යාලය – 271/6 (90) රෙහාන් පීරිස් 82, රමිරු පෙරේරා 81, කවිඳු ඩයස් 2/54
පළමු දිනයට තරගය නතර කළා.
පාසල් ක්‍රිකට් පිටියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<