ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග ත්‍රිත්වයක් ඊයේ (29) දිනයෙන් නිමාවට පත් වුනා.
මෙම තරගවල දී ජයග්‍රහණ වාර්තා කිරීමට මාතර සාන්ත තෝමස් විද්‍යාලය සහ මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය සමත් වූ අතර, ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය විසින් පළමු ඉනිමේ ජයක් තහවුරු කර ගැනීමට සමත් වුනා.
මෙම තරග අතුරින් කොළඹ සාන්ත බෙනඩික්ට් විද්‍යාලය සහ මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය අතර පැවැත්වුණු තරගයේ දී බෙනඩික්ට් විද්‍යාලයේ සියලු පිතිකරුවන් පාහේ ඉතා දුරවල පිතිකරණයක යෙදෙනා අතරේ කණ්ඩායම් නායකයා වූ ශරුජන් ශන්මුගනාදන් පළමු ඉනිමේ ලකුණු 105ක් මෙන්ම, දෙවැනි ඉනිමේ ලකුණු 55ක් ලබා ගැනීමට සමත් වීම විශේෂ සිදුවීමක්. මේ අතර සාන්ත අන්තෝනි විද්‍යාලය වෙනුවෙන් කෞශික කුමාරසිංහ කඩුලු 5 දස්කමක් දැක්වීමට සමත් වුනා.
මේ අතර මාතර සාන්ත තෝමස් නායක පෙසඳු සන්ජන් විසින් කළුතර තිස්ස විද්‍යාලයට එරෙහිව විශිෂ්ට ඉනිමක් දියත් කරමින් ලකුණු 141ක් ලබා ගැනීමට සමත් වුනේ හතරේ පහර 22කින් ඉනිම වර්ණවත් කරගන්නා අතරතුරයි. එමෙන්ම ඔහු පන්දු යැවීමෙන් ද කඩුලු 5ක් (කඩුලු 4 දස්කමක් ද සමඟ) දවා ගැනීමට සමත් වුනා.
මේ අතර මාතර සාන්ත සර්වේශස් විද්‍යාලයට එරෙහිව තුන් ඉරියව් දස්කම් පෑමට සමත් වූ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයේ දිනෙත් ගුණවර්ධන පිත්තෙන් ලකුණු 95ක් මෙන්ම, ඉනිම දෙක තුළ දී පන්දුවෙන් කඩුලු 5ක් දවා ගැනීමට ද සමත් වුනා.
- ශ්‍රී ලංකා පළමු ඉනිමට නවසීලන්තයෙන් ප්‍රබල පිළිතුරක්
- බංග්ලාදේශයට තරග 4-1ක ජයක්
- පවන් දකුණු අප්‍රිකානුවෝ දණ ගස්වයි
- කමිඳු තවත් ශතකයක් කරා; පළමු දිනයේ වැඩි වාසි ශ්‍රී ලංකාවට
- කිවි – සිංහ ගැටුමට පෙර
මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය සහ කොළඹ සාන්ත බෙනඩික්ට් විද්‍යාලය
(සාන්ත අන්තෝනි විද්‍යාල ක්‍රීඩාංගණයේ දී)
සාන්ත අන්තෝනි විද්‍යාලය – 268/10 (70.2) ඔකිත ප්‍රනාන්දු 69, විහඟ රත්නායක 4/46, මාණික්‍ය දේශප්‍රිය 3/50
සාන්ත බෙනඩික්ට් විද්‍යාලය – 146/10 (45.1) ශරුජන් ශන්මුගනාදන් 105, කෞශික 5/36 & 103/10 (f/o) (60.3) ශරුජන් ශන්මුගනාදන් 55, කෙවන් රමික 4/8, චාරුක ඒකනායක 3/33
මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලයට ඉනිමකින් සහ ලකුණු 17කින් ජය ලබයි.
මාතර සාන්ත තෝමස් විද්‍යාලය සහ කළුතර තිස්ස විද්‍යාලය
(මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ දී)
තිස්ස විද්‍යාලය – 116/10 (57) මල්ෂ කවිශාන් 25, සෙනුර ගිහාන් 3/22 & 192/10 (70.4) මින්දෙව් හන්සන 51*, පෙසඳු සන්ජන් 4/58, මනුග ගුරුගේ 3/68
සාන්ත තෝමස් විද්‍යාලය – 246/8d (52.1) පෙසඳු සන්ජන් 141, තාරුක සමින්ජිත් 3/57& 63/5 (11.5)
මාතර සාන්ත තෝමස් විද්‍යාලයට කඩුලු 5ක ජයක්.
මාතර සාන්ත සර්වේශස් විද්‍යාලය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය
(ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාල ක්‍රීඩාංගණයේ දී)
සාන්ත සර්වේශස් විද්‍යාලය – 133/10 (62.3) විශ්ව සුපුන් 25, දිනෙත් ගුණවර්ධන 3/14 & 161/7 (69) චමරිඳු නෙත්සර 50*, දිනෙත් ගුණවර්ධන 2/27
සාන්ත තෝමස් විද්‍යාලය – 273/6d (75.2) දිනෙත් ගුණවර්ධන 95, අවිනාශ් ප්‍රනාන්දු 77, ජේඩන් අමරවීර 72, ප්‍රවීන් මදුශංක 3/59
තරගය ජය පැරදුමෙන් තොරයි, ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.
පාසල් ක්‍රිකට් පිටියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<