දිමුතු සහ මෙනුල ඉසිපතන විද්‍යාලයට දැවැන්ත ජයක් ගෙන දෙයි

U19 Division 1 Schools Cricket Tournament 2024/25

84
U19 Division 1 Schools Cricket Tournament 2024/25

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ Tier A කොටසේ තවත් තරග දෙකක් අද (24)  නිමාවට පත් වුනා.

මෙම තරග අතුරින් මහනුවර සාන්ත සිල්වෙස්තර විද්‍යාලයට එරෙහිව පැවති තරගයේ දී දැවැන්ත ජයක් ලබා ගැනීමට සමත් වූ කොළඹ ඉසිපතන විද්‍යාලය වෙනුවෙන් නායක ලෙසඳු කල්පගේ අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත් වූ අතර, දිමුතු තාරක කඩුලු 5 දස්කමක් සමඟ සමස්ත තරගයේ කඩුලු 8ක් ද, මෙනුල සදෙව් කඩුලු 6 දස්කමක් සමඟ සමස්ත තරගයේ කඩුලු 8ක් ද දවා ගැනීමට සමත් වුනා. එමෙන්ම තරගය පරාජයට පත් වූ සිල්වෙස්තර විද්‍යාලය වෙනුවෙන් නිමේෂ සිල්වා ද කඩුලු 5 දස්කමක් දැක්වීමට සමත් වුනා.

මේ අතර කොළඹ ලුම්බිණි විද්‍යාලය සහ මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය අතර තරගය ජය පැරදුමකින් තොරව නිමා වූ අතර, මෙහි දී සාන්ත අන්තෝනි විද්‍යාලයට පළමු ඉනිමේ ජයක් ගෙන ඒමට මුල් වූ නායක චාරුක ඒකනායක පන්දු යැවීමෙන් කඩුලු 4ක් ද පිත්තෙන් ලකුණු 80ක් ලබා ගැනීමට සමත් වුනා. මේ අතර කොළඹ ලුම්බිණි විද්‍යාලය වෙනුවෙන් නැවතත් පන්දු යැවීමෙන් සාර්ථක වූ ප්‍රවීන් මනීෂ කඩුලු 5 දස්කමක් දැක්වීමට සමත් වුනා.

කොළඹ ඉසිපතන විද්‍යාලය සහ මහනුවර සිල්වෙස්තර විද්‍යාලය

(අනුරාධපුර සාලියපුර ගජබා රෙජිමේන්තු ක්‍රීඩාංගණයේ දී)

  • ඉසිපතන විද්‍යාලය – 270/10 (84.4) ලෙසඳු කල්පගේ 58, දසිත් සෙනාල් 47, චනුල් දිනෝත් 47, නිමේෂ සිල්වා 5/79
  • සිල්වෙස්තර විද්‍යාලය– 51/10 (23.1) ඉශික විජේසේකර 18, දිමුතු තාරක 5/2, මෙනුල සදෙව් 2/9 & 175/10 (f/o) (53.5) විදුසර ගනේගොඩ 41, මෙනුල සදෙව් 6/50, දිමුතු තාරක 3/49

කොළඹ ඉසිපතන විද්‍යාලයට ඉනිමක සහ ලකුණු 44ක ජයක්.

කොළඹ ලුම්බිණි විද්‍යාලය සහ මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය

(සාන්ත අන්තෝනි විද්‍යාල ක්‍රීඩාංගණයේ දී)

  • ලුම්බිණි විද්‍යාලය– 174/10 (79.3) යශෝද් කවිඳු 41, චාරුක ඒකනායක 4/54, රයන් ග්‍රෙගරි 3/22, කෙවන් රමික 3/45 & 45/1 (19)
  • සාන්ත අන්තෝනි විද්‍යාලය– 235/9d (67) චාරුක ඒකනායක 80, ඔකිත ප්‍රනාන්දු 48, ප්‍රවීන් මනීෂ 5/88

සාන්ත අන්තෝනි විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.

පාසල් ක්‍රිකට් පිටියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<