ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ Tier A කොටසේ තවත් තරගයක් අද (11) නිමාවට පත් වුනා.
මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය සහ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය අතර පැවැත්වුණු මෙම තරගයෙන් පළමු ඉනිමේ ජයක් ලබා ගැනීමට සාන්ත අන්තෝනි ක්‍රීඩකයින් සමත් වුනා.
කෙසේ වෙතත් තරගයේ පිතිකරණ අංශයෙන් ඉහලම දක්ෂතාව දැක්වීමට රිච්මන්ඩ් විද්‍යාලයේ නිකිල් ජයවීර සමත් වුනේ විශිෂ්ට ශතකයක් (ලකුණු 111ක්) රැස් කරමිනුයි. නමුත් මෙම තරගයේ දී සාන්ත අන්තෝනි විද්‍යාලය වෙනුවෙන් අර්ධ ශතක තුනක් වාර්තා වූ අතර මෙහි දී චාරුක ඒකනායක ලකුණු 92ක්, අන්ජන දිනෙත් ලකුණු 55ක් සහ කෙවන් රමික ලකුණු 53ක් ලබා ගැනීමට සමත් වීම විශේෂත්වයක්.
මේ අතර සාන්ත අන්තෝනි විද්‍යාලයේ පළමු ඉනිමේ ජය තහවුරු කිරීමේ වගකීම අකුරට ඉටු කළ කෙවන් රමික තම අර්ධ ශතකය වාර්තා කිරීමෙන් පසුව පන්දු යැවීමෙන් ද ක්‍රියාත්මක වෙමින් ලකුණු 26කට රිච්මන්ඩ් පළමු ඉනිමේ කඩුලු 6ක් බිඳ හෙළීමට සමත් වුනා.
- ශ්‍රී ලංකා පළමු ඉනිමට නවසීලන්තයෙන් ප්‍රබල පිළිතුරක්
- බංග්ලාදේශයට තරග 4-1ක ජයක්
- පවන් දකුණු අප්‍රිකානුවෝ දණ ගස්වයි
- කමිඳු තවත් ශතකයක් කරා; පළමු දිනයේ වැඩි වාසි ශ්‍රී ලංකාවට
- කිවි – සිංහ ගැටුමට පෙර
මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය සහ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය
(සාන්ත අන්තෝනි විද්‍යාල ක්‍රීඩාංගණයේ දී)
- සාන්ත අන්තෝනි විද්‍යාලය– 275/10 (82.5) චාරුක ඒකනායක 92, අන්ජන දිනෙත් 55, කෙවන් රමික 53, පුබුදු මිහිරංග 4/79, මලිත් ද සිල්වා 3/36 & 103/3 (21.3) කෞශික කුමාරසිංහ 52
- ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය– 181/10 (63.4) නිකිල් ජයවීර 111, කෙවන් රමික 6/26
තරගය ජය පැරදුමෙන් තොරයි, මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.
මීට අමතරව තවත් තරග ද්විත්වයක් ද අද දිනයේ ආරම්භ වුනා. මෙම තරගවල දී මාතර සාන්ත තෝමස් විද්‍යාලය සහ කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලයත්, කටුනේරිය සාන්ත සෙබස්තියන් විද්‍යාලය සහ මොරටු මහා විද්‍යාලයත් තරග වදිමින් සිටිනවා. එම තරග හෙට (12) දිනයෙන් නිමා වීමට නියමිතයි.
එම තරග විස්තර ද සමඟ පාසල් ක්‍රිකට් පිටියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<