රාජකීය විද්‍යාලය වසර 3කට පසුව පළමු පෙළට

489

සිංගර් කුසලාන දෙවන පෙළ දෙදින පාසල් ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව වටයේ තරගය ඊයේ (5) කොළඹ රාජකීය විද්‍යාලය හා කළුතර විද්‍යාලය අතර කළුතර දොඹගොඩ දී ආරම්භ විය. එම තරගයේ පළමු ඉනිම ජය ගත් රාජකීය විද්‍යාලය දෙවන පෙළ  තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.

රාජකීය පිතිකරුවෝ රාජකීය ලකුණු පුවරුවක් නිර්මාණය කරයි

සිංගර් කුසලාන දෙවන පෙළ දෙදින පාසල් ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව වටයේ තරගය ඊයේ (5) කොළඹ රාජකීය විද්‍යාලය හා කළුතර විද්‍යාලය අතර කළුතර…

ඒ අනුව මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය හා කොළඹ රාජකීය විද්‍යාලය දෙවන පෙළ දෙදින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත් නිසා එම කණ්ඩායම් දෙකම ලබන වසරේ පළමු පෙළ කාණ්ඩය යටතේ තරග වදිනු ඇත.

මේ තරගයේ පළමු දිනය අවසන් වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි රාජකීය විද්‍යාලය කඩුලු 4ක් දැවී ලකුණු 404ක් ලබාගෙන ඉතාමත් ප්‍රබල තැනක පසු විය. නොදැවී ක්‍රීඩා කරමින් කඩුල්ලේ රැඳී සිටින දකුණතින් පිතිකරණයේ නිරත වෙමින් සිටි ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක පසිඳු සූරියබණ්ඩාර ලකුණු 146*ක් ලබාගෙන සිටි අතර ඔහු දිනයේ පළමු කාර්තුව තුල දී ම ලකුණු 160ක් ලබාගෙන සිටිය දී දැවී ගියේය.

ඊට අමතරව රාජකීය ඉනිමේ පසුපෙළ සවිමත් කළ කවිඳු පතිරත්න ලකුණු 64ක් ලබාගෙන ඔවුන්ගේ පළමු ඉනිමේ ලකුණු ප්‍රමාණය ලකුණු 500 සීමාව අභිබවා රැගෙන යන ලදි. අවසානයේ රාජකීය විද්‍යාලය ඔවුන්ගේ පළමු ඉනිම වෙනුවෙන් සියලුම දෙනා දැවී ලකුණු 514ක් ලබාගත්තේ පන්දුවාර 148ක් තුලයි. පන්දු යැවීමේ දී කළුතර විද්‍යාලයේ විශ්මික කොස්තා ලකුණු 67කට කඩුලු 4ක් දවා ගන්නා විට කවිඳු ජයවික්‍රම කඩුලු 2ක් තමන් සතුකරගත්තේය.

“ලෝක කුසලානයට මම සූදානම්” – කුසල් පෙරේරා

දකුණු අප්‍රිකාවේ දී සුපිරි දස්කම් දැක්වූ සුපිරි ප්‍රවේගකාරී පිතිකරු කුසල් ජනිත් පෙරේරා තමන් ලෝක කුසලානයට සූදානම් බව BBC සිංහල වෙබ් අඩවියට අදහස් දක්වමින් පවසා…

එයට පිළිතුරු ලෙස සිය පළමු ඉනිම දියත් කළ කළුතර විද්‍යාලය ඔවුන්ගේ පළමු ඉනිම අවසානයේ සියල්ලන්ම දැවී රැස්කරගත්තේ ලකුණු 95ක් පමණි. ඒ නිසාවෙන් මේ තරගය සවස 4ට පමණ වන විට නිමාවට පත්වූ අතර පන්දු යැවීමේ දී සිය තුන් ඉරියව් දස්කම් ප්‍රදර්ශනය කළ දකුණතින් පිට දඟපන්දු යවන කමිල් මිශාර හා දඟපන්දු යවන මනුල පෙරේරා අතරේ කඩුලු 4 බැඟින් බෙදී ගියේය.

රාජකීය විද්‍යාල පළමු ඉනිම – 514 (148): පසිඳු සූරියබණ්ඩාර 160, කමිල් මිශාර 83, ඉසිවර දිසානායක 68, කවිඳු මදරසිංහ 64, කවිඳු පතිරත්න 64, විශ්මික කොස්තා 4/67, කවිඳු ජයවික්‍රම 2/127

කළුතර විද්‍යාල පළමු ඉනිම – 95 (35.1): ඉෂාර ප්‍රනාන්දු 22, කමිල් මිශාර 4/09, මනුල පෙරේරා 4/26.

මේ තරගාවලියේ දෙවන පෙළ දෙදින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ තරග විකාශනයට අමතරව , තරග තොරතුරු හා තරග සේයා රූ ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<