ශාරුජන් මංගල ශතකය රැස් කරයි

23
U19 Asia Cup 2024 - Sri Lanka 2nd match Report

ආසියානු ක්‍රිකට් කවුන්සිලය 11 වැනි වරටත් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලාංකීය පිතිකරුවෙක් රැස් කරන ලද පළමු ශතකය රැස් කිරීමට ශාරුජන් ශන්මුගනාදන් අද (01) සමත් වුනා.

Sharja ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ඇෆ්ගනිස්තානය හා සමඟ පැවැති මෙම තරගයේ දී ශාරුජන් ශන්මුගනාදන් දැක් වු මෙම දක්ෂාව හේතුවෙන් ප්‍රතිවාදී ඇෆ්ගනිස්තාන කණ්ඩායමට එරෙහි ව ලකුණු 131ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ද ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වුනා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 7ක් දැවී ලකුණු 243ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් ප්‍රතිවාදී ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 112ක් පමණයි.

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම

විහස් තෙව්මික (නායක), පුලිඳු පෙරේරා, දුල්නිත් සිගේරා, ශාරුජන් ශන්මුගනාදන් (කඩුලු රකින්නා), විමත් දින්සර, ලක්වින් අබේසිංහ, කවිජ ගමගේ, විරාන් චමුදිත, ප්‍රවීන් මනීශාන්, නිව්ටන් රන්ජිත්කුමාර්, කුගදාස් මතුලාන්.

ඇෆ්ගනිස්තාන වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම

Mahboob Khan (නායක), Uzairullah Niazai, Faisal Shinozada, Hamza Khan (කඩුලු රකින්නා), Barkat Ibrahimzai, Ezat Barakzai, Nazifullah Amiri, AM Ghazanfar, Naseer Khan Maroofkhil, Abdul Aziz, Nooristani Omarzai.

කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට පිටයි පිවිසෙමින් තම පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 7ක් දැවී ලකුණු 243ක් ලබා ගත්තා. එම ඉනිමේ දී ශාරුජන් ශන්මුගනාදන් පන්දු 132කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 102ක් ලබා ගත්තා.

ඊට අමරත ව ශ්‍රි ලංකා ඉනිමේ වැඩිම ලකුණුලාභියා බවට පත් වෙන්නේ ආරම්භක පිතිකරු පුලිඳු පෙරේරා. ඔහු පන්දු 80කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 53ක් ලබා ගන්නවා.

ඔවුන් දෙදෙනා අතර 2 වැනි කඩුල්ලට සබඳතාව ලකුණු 100ක්.

කඩුලු දවා ගැනීමේ දී AM Ghazanfar ලකුණු 35කට කඩුලු 3ක් දවා ගත් අතර ඊට අමතර ව Abdul Aziz, Mahboob Khan, Abdul Aziz, Naseer Khan Maroofkhil සහ Nooristani Omarzai කඩුල්ල බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ඇෆ්ගනිස්තාන කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගත්තේ Nazifullah Amiri. ඔහු පන්දු 34කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 33ක් ලබා ගත්තා. ඊට අමතර ව Hamza Khan පන්දු 61කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 32ක් ලබා ගත්තා.

කඩුලු ලබා ගැනීමේ දී ප්‍රවීන් මනීශාන් ලකුණු 16කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව විහස් තෙව්මික, විරාන් චමුදිත සහ නිව්ටන් රංජිත්කුමාර් කඩුලු ද්විත්වය බැගින් ද කුගදාස් මතුලාන් කඩුල්ලක් ද දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – කඩුලු 7ක් දැවී 243 (50.0)  පුලිඳු පෙරේරා 53, ශාරුජන් ශන්මුගනාදන් 102, විමත් දින්සර 26, AM Ghazanfar 3/35

 

ඇෆ්ගනිස්තාන වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 112 (28.2) Hamza Khan 32, Nazifullah Amiri 33, නිව්ටන් රංජිත්කුමාර් 2/28, විරාන් චමුදිත 2/14, ප්‍රවීන් මනීෂ 3/16, විහස් තෙව්මික 2/10

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට ලකුණු 131ක ජයක්.

තරගාවලියේ ශ්‍රී ලංකා සහභාගී වන මීළඟ තරගය දෙසැම්බර් 3 වැනිදා බංග්ලාදේශය සමඟින් Dubai ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<