මහනුවර සහ කොළඹ දකුණ අවසන් තරගයට සුදුසුකම් ලබා ගනී

U 17 Sri Lanka Youth League Tournament 2024

2
U 17 Sri Lanka Youth League Tournament 2024

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන වයස අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යොවුන් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට Kandy කණ්ඩායම සහ Colombo South කණ්ඩායම සමත් වූවා.  

තරගාවලියේ අද (28) පැවැති පළමු අවසන් පූර්ව තරගයේ දී Kandy කණ්ඩායම විසින් Colombo North කණ්ඩායම පරාජය කරමින් ද සහ Colombo South කණ්ඩායම විසින් Galle කණ්ඩායම පරාජය කරමින් ද මෙම අවස්ථාව උදා කර ගත්තා.  

Colombo North සහ Kandy අතර තරගය සාලියපුර යුද හමුදා ක්‍රීඩාංගණයේ දී. 

කාසියේ වාසිය දිනා ගත් Colombo North කණ්ඩායම පළමුවෙන් ම පන්දුවට පහර දීම තොරා ගනිමින් පිටියට පිවිසි අතර ඒ අනුව ඔවුන් සියලුම දෙනා දැවී ලකුණු 226ක් ලබා ගත්තා. 

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි මහනුවර ක්‍රීඩකයෝ එම අභියෝගය තරගය නිමා වීමට තවත් පන්දු 10ක් ඉතිරි ව තිබිය දී කඩුලු 7ක් පමණක් අහිමි කර ගනිමින් සපුරා ගත්තා.  

පළමුවෙන් පන්දුවට පහර දුන් Colombo North කණ්ඩායම වෙනුවෙන් පළමු කඩුල්ලට පන්දු 44ක දී ලකුණු 45ක් එක් කිරීමට දුල්නිත් සිගේරා සහ සෙනුජ වැකුණගොඩ සමත් වුනා.  

දුල්නිත් සිගේරා පන්දු 39කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 33ක් ද සහ සෙනුජ වැකුණගොඩ පන්දු 28ක දී හතරේ පහර 6ක් සමඟින් ලකුණු 36ක් ද ලබා ගත්තා. 

ඊට අමතර ව ඉනිමේ වැඩිම ලකුණුලාභියා බවට පත් වූයේ අංක 10 පිතිකරු ලෙසින් පිටියට පිවිසි දිනෝෂ් ගමගේ. ඔහු පන්දු 43කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 41ක් ලබා ගත්තා.  

ඔහු සෙත්රූ ප්‍රනාන්දු සමඟ 9 වැනි කඩුල්ලට පන්දු 70ක දී ලකුණු 61ක සබඳතාවක් ගොඩ නැගීමට ද සමත් වුනා. සෙත්රූ ප්‍රනාන්දු පන්දු 64කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුනු 38ක් ලබා ගත්තා.  

කඩුලු දවා ගැනීමේ දී කෙලුල පිහිලියංග ලකුණු 35කට කඩුලු 3ක් දවා ගත් අතර කවිජ ගමගේ සහ සෙත්මික සෙනෙවිරත්න කඩුලු 2ක් බැගින් ද, රයන් ග්‍රෙගරි සහ නිමේෂ් සිල්වා කඩුල්ල බැගින් ද දවා ගත්තා.   

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි Kandy කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වූයේ කාශ්‍යප දිසානායක. ඔහු පන්දු 45කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 50ක් ලබා ගත්තා.  

ඔහු දිමන්ත මහවිතාන (14) සමඟ එක් ව පළමු වැනි කඩුල්ලට පන්දු 48ක දී ලකුණු 57 ලබා ගැනීමට ද සමත් වූවා.  

ඊට අමතර ව ආදම් හිල්මි පන්දු 56කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 44ක් ලබා ගැනීමට සමත් වුනා.  

කඩුලු දවා ගැනීමේ දී කිත්ම විදානපතිරණ ලකුණු 19කට කඩුලු 2ක් දවා ගත් අතර ඊට අමතර ව සෙත්රු ප්‍රනාන්දු, තනුග පලිහවඩන, මෙවන් දිසානායක සහ දුල්නිත් සිගේරා කඩුල්ල බැගින් දවා ගත්තා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව 

Colombo North – සියලුම දෙනා දැවී 226 (50.0) දුල්නිත් සිගේරා 33, සෙනුජ වැකුණගොඩ 36, ලිතුම් සෙනුජ 26, සෙත්රූ ප්‍රනාන්දු 28, දිනෝෂ් ගමගේ නොදැවී 41, සෙත්මික සෙනෙවිරත්න 2/53, කෙනුල පිහිලියංග 3/35, කවිජ ගමගේ 2/32 

 

Kandy – කඩුලු 7ක් දැවී 228 (48.2) කාශ්‍යප දිසානායක 50, කවිජ ගමගේ 20, සෙත්මික සෙනෙවිරත්න 30, ආදම් හිල්මි නොදැවී 44, කිත්ම විදානපතිරණ 2/19 

 

Kandy කණ්ඩායමට කඩුලු 3ක ජයක්.  

Colombo South සහ Galle අතර තරගය අනුරාධපුර සමාධි පිටියේ දී. 

කාසියේ වාසිය දිනා ගත් ගාලු ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කරමින් පිටියට පිවිසි අතර ඒ අනුව ඔවුන් සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 171ක් පමණයි. අනතුරු ව පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි Colombo South ක්‍රීඩකයෝ තරගය අවසන් වීමට තවත් පන්දුවාර 18ක් ඉතිරි ව තිබිය දී කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 173ක් ලබා ගනිමින් තරගයේ ජයග්‍රහණය වාර්තා කළා.  

පළමුවෙන් පන්දුවට පහර දුන් ගාලු ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ රශේන් දිල්හාර. ඔහු පන්දු 50කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 33ක් ලබා ගත්තා. ඊට අමතර ව ගිම්හාන රසාංජන පන්දු 33ක දී හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 26ක් ද ලබා ගත්තා.  

කඩුලු දවා ගැනීමේ දී රුසිත් ජයවර්ධන, රන්දීශ බණ්ඩාරනායක, ඔශාන් ද සිල්වා සහ රමිරු පෙරේරා කඩුලු 2ක් බැගින් ද, ජොශුවා සෙබස්තියන් සහ හිරුෂ ප්‍රනාන්දු කඩුල්ල බැගින් ද දවා ගත්තා.  

හඹා ගිය ඉනිම වෙනුවෙන් ඔශාන් ද සිල්වා පන්දු 60කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 65ක් ලබා ගත්තා.  

ඔහු සිව් වැනි කඩුල්ල වෙනුවෙන් දිනෙත් සිතුමිණ හා එක් වෙමින් පන්දු 89කට ලකුණු 83ක සබඳතාවක් ගොඩ නගනවා.  දිනෙත් සිතුමිණ පන්දු 41කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 29ක් ලබා ගන්නවා.  

ඊට අමතර ව රමිරු පෙරේරා තරගය ජයග්‍රහණයෙන් අවසන් වෙද්දී පන්දු 21කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 31ක් ලබා සිටියා.  

කඩුලු දවා ගැනීමේ දී විරාන් චමුදිත ලකුණු 21කට කඩුලු 2ක් දවා ගත් අතර ඊට අමතර ව රශේන් දිල්හාර, ලින්දුල නුවංගන සහ ගිම්හාන රසාංජන කඩුල්ල බැගින් දවා ගත්තා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව 

Galle – සියලුම දෙනා දැවී 171 (42.3) දුල්සිත් දර්ශන 24, ගිම්හාන රසාංජන 26, රශේන් දිල්හාර 33, ඔශාන් ද සිල්වා 2/25, රන්දීශ බණ්ඩාරනායක 2/17, රමිරු පෙරේරා 2/26, රුසිත් ජයවර්ධන 2/16

 

Colombo South – කඩුලු 5ක් දැවී 173 (32.0) සුහස් ප්‍රනාන්දු 23, ඔශාන් ද සිල්වා 65, දිනෙත් සිතුමිණ 29, රමිරු පෙරේරා 31, විරාන් චමුදිත 2/21 

 

Colombo South කණ්ඩායමට කඩුලු 5ක ජයක්.  

Kandy සහ Colombo South කණ්ඩායම් අතර පැවැත්වෙන අවසන් මහා තරගය මේ මස 30 වැනිදා අනුරාධපුර සමාධි පිටියේ දී පැවැත්වීමට නියමිතයි.  

වයස අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යොවුන් ලීග් ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<