ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් වයස අවුරුදු 17න් පහළ වයස් කාණ්ඩය වෙනුවෙන් පවත්වනු ලබන යොවුන් ලීග් ක්‍රිකට් තරගාවලියේ මූලික වටය යටතේ සහභාගි වූ තෙවැනි තරගයෙන් ද කඩුලු 8ක ජයක් වාර්තා කළ කොළඹ උතුරු කණ්ඩායම අපරාජිතව අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට අද (28) සමත් වුනා.
ඒ අනුව ඔවුන් හෙට (29) මහනුවර සමඟ අවසන් මහා තරගයේ දී ශූරතා කුසලාන වෙනුවෙන් තරග වැදීමට නියමිතයි.
කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේ පැවති කොළඹ උතුර සහ දඹුල්ල තරගයේ දී පළමුව පන්දුවට පහර දුන් දඹුල්ල කණ්ඩායම ලකුණු 117කට සීමා කළ කොළඹ උතුරු කණ්ඩායම පන්දුවාර 29කුත් පන්දු 4ක දී කඩුලු 2ක් පමණක් දැවී සිය ඉලක්කය සපුරා ගත්තා.
පන්දු යැවීමේ දී කැපී පෙනෙන දස්කම් දැක්වූ ගරුක සංඛේත් ලකුණු 27කට කඩුලු 5ක් දවා ගනිමින් දඹුල්ල කණ්ඩායම අඩු ලකුණු සංඛ්‍යාවකට දවා ගැනීමට මූලිකත්වය ගත් අතර ඔහුට අනගි සහයෝගයක් ලබා දුන් තනුග පලිහවඩන ලකුණු 24කට කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුනා.
ඉලක්කය හඹා යෑමේ දී කොළඹ උතුර කණ්ඩායම වෙනුවෙන් සහන් දාබරේ නොදැවී ලකුණු 57*ක් ලබා ගනිද්දී, ශාරුජන් ශන්මුගනාතන් ලකුණු 37*ක් ලබා ජයග්‍රහණය සනාථ වන තුරුම කඩුල්ලේ රැඳී සිටියා.
- මහනුවර අපරාජිත බව අහිමි වෙයි
- ගාල්ල මංගල ජය සමරද්දී කොළඹ උතුරට දෙවැනි ජය
- සෝමරත්නගේ සටන්කාමී ශතකයෙන් ජය ශ්‍රී ලංකාවට
- මහනුවර අපරාජිතව ඉදිරියට
- මහනුවර සහ කොළඹ උතුර ජයග්‍රාහකයින් අතරට
මේ අතර රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවති මහනුවර සහ ගාල්ල අතර තරගයේ දී ලකුණු 243ක ඉලක්කයක් හඹා ගිය ගාල්ල කණ්ඩායම පන්දුවාර 35කුත් පන්දු 5ක් අවසානයේ දී සිය නියමිත ඉලක්කය සපුරා ගත්තේ කඩුලු 4ක ජයක් ලබාගෙනයි.
එම හඹා යෑමේ දී පළමු කඩුල්ල ලකුණු 8 දී බිඳ වැටුනත්, දෙවැනි කඩුල්ලට එක්වුණු දිනුර කළුපහන සහ රිවිෂාන් නෙත්සර ලකුණු 76ක සම්බන්ධතාවත් පවත්වමින් ඔවුන්ගේ කණ්ඩායමට සාර්ථක අඩිතාලමක් එක් කළා.
මෙහි දී රිවිෂාන් ලකුණු 56කට දැවී ගිය ද දිනුර අබේවික්‍රම සමඟ එක් වූ දිනුර කළුපහන තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 116ක දැවැන්ත සම්බන්ධතාවයක් පවත්වමින් ඔවුන්ගේ ජයග්‍රහණය පහසු කළා.
පන්දු 84කට මුහුණ දුන් දිනුර කළුපහන ලකුණු 73ක් ලබා ගනිද්දී, දිනුර අබේවික්‍රම පන්දු 57ක දී වේගවත් ලකුණු 78ක් එක් කළේ මහනුවර කණ්ඩායමට එරෙහිව දැඩි ප්‍රහාරයක් එල්ල කරමිනි.
පන්දු යැවීමේ දී මහනුවර කණ්ඩායම වෙනුවෙන් කඩුලු 4ක් දවා ගැනීමට අකිල වික්‍රමසිංහ සමත්කම් දැක්වූවා.
මෙම තරගයෙන් ගාල්ල කණ්ඩායම ජය ලැබුවත්, ලකුණු ලබා ගැනීමේ වේගය අනුව මහනුවර ඉදිරියෙන් පසුවීම නිසා අවසන් මහ තරග අවස්ථාව මහනුවර කණ්ඩායමට හිමි වුනා.
කොළඹ උතුර සහ දඹුල්ල
- දඹුල්ල – 117 (33): එන්. එබානසර් 48, විශ්ව රාජපක්ෂ 18, ගරුක සංඛේත් 5/27, තනුග පලිහවඩන 3/24.
- කොළඹ උතුර – 118/2 (29.4): සහන් දාබරේ 57*, ශාරුජන් ශන්මුගනාතන් 37*, කවිඳු අමමෙත්
කොළඹ උතුරට කඩුලු 8ක ජයක්
ගාල්ල සහ මහනුවර
- මහනුවර – 242 (49.5): සුපුන් වඩුගේ 78, මනුල කුලරත්න 50*, පුලිඳු පෙරේරා 36, තිසර ඒකනායක 22, සදෙව් ගමගේ 3/26, සංජු ඩිල්ෂාන් 3/47, සෙනිත හැළඹගේ 2/36
- ගාල්ල – 246/6 (35.5): දිනුර කළුපහන 73, දිනුර අබේවික්‍රම 78, රවිෂාන් නෙත්සර 56, අකිල වික්‍රමසිංහ 4/43
ගාල්ලට කඩුලු 4ක ජයක්
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<