කොළඹ රාජකීය විද්‍යාල ‘B’ කණ්ඩායම සහ සාන්ත පීතර විද්‍යාල ‘B’ කණ්ඩායම් ද්විත්වය වයස අවුරුදු 15න් පහළ දෙවැනි පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගෙන තිබෙනවා.
පසුගිය දා පැවැත්වුණු එහි අවසන් පූර්ව තරගවල දී රත්නපුර ඇලෝසියස් විද්‍යාලය සහ වාද්දුව මධ්‍ය මහා විද්‍යාල කණ්ඩායම් පරාජය කරමින් පිළිවෙළින් රාජකීය විද්‍යාලය සහ සාන්ත පීතර විද්‍යාල කණ්ඩායම් මේ තීරණාත්මක අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තා.
රාජකීය – සාන්ත ඇලෝසියස් තරගයේ දී පළමුව පන්දුවට පහර දුන් රාජකීයයන් කඩුලු 8ක් දැවී ලකුණු 169ක් ලබාගෙන සිය පළමු ඉනිම අත්හිටවූ අතර එහි දී ජනිරු වීරරත්න සහ ජීවත් පෙරේරා පිළිවෙළින් ලකුණු 38ක් සහ ලකුණු 30ක් ලබාගෙන ඉනිමේ වැඩිම ලකුණු ලාභීන් දෙදෙනා වුනා.
- දේවපතිරාජ සහ කුලරත්නයන්ගේ ශූරයන්ගේ සටන
- සුකිතගේ සුපිරි දස්කම් මොරටු මහා විද්‍යාලය ජයග්රහණයෙන් සරසයි
- රණ ශූරයින්ගේ සටනේ වැඩි ගෞරවය දේවපතිරාජයට
- මැංගුස් සටනේ ජය කළුතර විද්‍යාලයට
- තියුණු තරගයකින් පසු ජයග්‍රහණය අශෝක විද්‍යාලයට
පන්දු යැවීමේ දී සසිඳු දිලක්ෂිත ලකුණු 40කට කඩුලු 4ක් දවාගෙන දස්කම් දක්වන විට රාජකීය පළමු ඉනිමට පිළිතුරු ලෙස ඔවුන්ට ලබාගැනීමට හැකි වුනේ ලකුණු 104ක් පමණයි. ඒ අනුව රාජකීය විද්‍යාල B කණ්ඩායම මේ තරගයේ පළමු ඉනිමේ වාසිය දිනා ගත්තා. එහි දී සඳුල් අබේවර්ධන ලකුණු 26කට කඩුලු 4ක් දවාගෙන දස්කම් දක්වන විට, දිසස් නානායක්කාරවසම් සහ මුදිත් ගුණසේකර කඩුලු 2ක බැගින් දවා ගත්තා.
වෙස්ලි විදුහල් ක්‍රීඩාංගණයේ දී පැවති දෙවැනි අවසන් පූර්ව තරගයේ දී පළමුව පන්දුවට පහර දුන් සාන්ත පීතර විද්‍යාලය කඩුලු 9ක් දැවී ලකුණු 150ක් ලබාගෙන සිය පළමු ඉනිම අත්හිටවූවා.
ලකුණු 30ක් ලබා ගත් තිසත් ජයසුන්දර, ලකුණු 25ක් ලබාගත් මයිකල් ෆලීල් සහ ලකුණු 25ක් ලබා ගත් රෙනිෂ් ඇන්තනි ඉනිමේ වැඩිම ලකුණු ලාභීන් තිදෙනා වුනා. පන්සිළු රශ්මිත සහ සදෙව් නිම්සර වාද්දුව මධ්‍ය මහා විද්‍යාලය වෙනුවෙන් කඩුලු 2ක බැගින් දවා ගත්තා.
පිළිතුරු ඉනිම දියත් කළ වාද්දුව මධ්‍ය මහා විද්‍යාලයට පළමු පන්දුවේ සිටම හොඳ අභියෝගයක් ලබා දෙන්නට සාන්ත පීතර විද්‍යාලයේ ලෙසන් පෙරේරා ඇතුළු ක්‍රීඩකයින් සමත් වුනා.
එහි දී ලෙසන් කඩුලු 3ක් දවා ගන්නා විට, විතුල ප්‍රනාන්දු සහ රිතික් බරයිස්නාන් කඩුලු දෙක බැගින් දවාගෙන වාද්දුව මධ්‍ය මහා විද්‍යාල ඉනිම ලකුණු 113කට සීමා කළා. ඒ අනුව සාන්ත පීතර විද්‍යාල B කණ්ඩායම පළමු ඉනිමේ වාසිය දිනා ගනිමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තා.
අවසන් පූර්ව තරගවල ලකුණු සාරාංශයන්,
රාජකීය විද්‍යාල B සහ රත්නපුර සාන්ත ඇලෝසියස් විද්‍යාලය
- රාජකීය විද්‍යාල B – 169/8d (1): ජනිරු වීරරත්න 38, ජාවෙත් පෙරේරා 30, චෙනුක මරන්තොට 22, සසිඳු දිලක්ෂිත 4/40, රුවිඳු දිදුලක 2/18 & 26/3 (6.4)
- සාන්ත ඇලෝසියස් විද්‍යාලය – 104 (42): විනුජ තත්සර 26, සඳුල් අබේවර්ධන 4/26, දිසස් නානායක්කාරවසම් 2/15, මුදිත් ගුණසේකර 2/21
තරගය ජය පරාජයෙන් තොරව අවසන් – පළමු ඉනිමේ ජය රාජකීය විද්‍යාල B කණ්ඩායමට
සාන්ත පීතර විද්‍යාලය B සහ වාද්දුව මධ්‍ය මහා විද්‍යාලය
- සාන්ත පීතර විද්‍යාල B – 150/9d (55): තිසත් ජයසුන්දර 30, රෙනිෂ් ඇන්තනි 25, මයිකල් ෆලීල් 25, සදෙව් නිම්සර 2/21, පන්සිළු රශ්මිත 2/32
- වාද්දුව මධ්‍ය මහා විද්‍යාලය – 113 (44.3): සුමේෂ් මල්ක 29*, ලෙසන් පෙරේරා 3/29, විතුල ප්‍රනාන්දු 2/14, රිතික් බරයිස්නාන් 2/20
තරගය ජය පරාජයෙන් තොරව අවසන් – පළමු ඉනිමේ ජය සාන්ත පීතර විද්‍යාල B කණ්ඩායමට
මේ තරගාවලියේ අවසන් මහා තරගය මේ මස 14 වැනිදා කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාල ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<