ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එක්ව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 13න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (15) කොළඹ ආනන්ද විදුහල් ක්‍රීඩාංගණයේ දී නිමාවට පත්වුනා.
බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය සහ කොළඹ රාජකීය විද්‍යාලය අතර පැවති එම තරගය අවසන් වුනේ කණ්ඩායම් දෙකම සම ශූරයින් බවට පත් කරමින්.
මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය සහ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය පරාජය කරමින් පිළිවෙළින් රාජකීය විද්‍යාලය (A කණ්ඩායම) සහ සාන්ත පීතර විද්‍යාලය (A කණ්ඩායම) මේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තා.
- ශතකයේ දසුන් හිත සනසද්දී, ශ්‍රී ලංකාවට ලකුණු 67ක පරාජයක්!
- Rohit සහ Kholiගේ T20 පරිච්ඡේදය අවසන් වෙයි ද?
- සුපිරි ඉන්දීය වේගපන්දු යවන්නෙක් ශ්‍රී ලංකා තරගාවලියෙන් ඉවතට
- ඉන්දීය ක්‍රිකට් සයුරේ ගිලුණ T20 තරගාවලිය
තරගයේ කාසියේ වාසිය දිනා ගත් රාජකීය විද්‍යාලය පළමුව පන්දුවට පහර දුන් අතර ඔවුන් සිය පළමු ඉනිම වෙනුවෙන් පන්දුවාර 50ක් තුල කඩුලු 6ක් දැවී ලකුණු 225ක් ලබා ගත්තා.
එහි දී රාජකීය ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වුනු නිතේෂ් ජයසිංහ පන්දු 61ක් තුල ලකුණු 51ක් ලබාගෙන දස්කම් දැක්වූ අතර ඔහුගේ ඉනිමට 4 පහර 7ක් අන්තර්ගත වුනා. රසුල මදාරසිංහ පන්දු 77ක් තුල ලකුණු 41ක් ලබාගෙන දැක්වූ දස්කම්වලට අමතරව තුමිඳු සෝමසිරි ලකුණු 30ක් ලබාගෙන රාජකීය ලකුණු සටහන වර්ධනය කිරීමට සහය වුනා.
පන්දු යැවීමේ දී සාන්ත පීතර විද්‍යාලයේ ආරම්භක වේගපන්දු යවන්නා වන ලෙශාන් පෙරේරා පන්දුවාර 8ක් තුල ලකුණු 12කට කඩුලු 3ක් දවාගෙන දස්කම් දැක්වූවා.
පිළිතුරු ඉනිම දියත් කරමින් සිටි සාන්ත පීතර විද්‍යාලය පන්දුවාර 37ක් අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 124ක් ලබාගෙන සිටි අතර ඒ අවස්ථාවේ දී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුනා.
ඉන් අනතුරුව තරගය නැවතත් ක්‍රියාත්මක කිරීමට හැකියාවක් නොලැබුණු නිසා අවසන් මහා තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුනා. ඒ නිසාවෙන් රාජකීය සහ සාන්ත පීතර විද්‍යාලය අතර මේ ශූරතාවය සමව බෙදී ගියා.
- රාජකීය විද්‍යාලය – 225/6 (50): නිතේෂ් ජයසිංහ 51, රසුල මදාරසිංහ 41, තුමිඳු සෝමසිරි 30, චනිතු කන්කානම්ගේ 25*, ලෙශාන් පෙරේරා 3/12.
- සාන්ත පීතර විද්‍යාලය – 124/3 (37): හිරුන් නෝයා 58, මෙතුක ගුණරත්න 32.
තරගය ජය පරාජයෙන් තොරව අවසන්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<