ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එක් ව සංවිධානය කළ අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ දෙවැනි කොටසේ Tier B කොටසේ ශූරතාව දිනා ගැනීමට ගාල්ල විද්‍යාලෝක විද්‍යාලය පසුගියදා සමත් වුනා.
මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය සමඟ අනුරාධපුර, සාලියපුර යුද හමුදා ගජබා රෙජිමේන්තු ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම අවසන් මහා තරගයේ දී ඔවුන් මෙම ජයග්‍රහණය ලබා ගන්නේ ප්‍රතිවාදීන් ඉදිරියේ පළමු ඉනිමේ දී පසු බැසීමෙන් පසුව වීම විශේෂත්වයක්. මෙම තරග නිමාවත් සමඟ කණ්ඩායම් ද්විත්වය ම එළැඹෙන තරග වාරයේ දී දෙවැනි කොටසේ පාසල් ක්‍රිකට් තරගමලාවේ Tier A කාණ්ඩයෙන් තරග වැදීමට සුදුසුකම් ලබා ගන්නවා.
මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් විද්‍යාලෝක විද්‍යාලයීය නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි කිංග්ස්වුඩ් ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 227ක් ලබා ගන්නවා. ඊට පිළිතුරු ලෙසින් පිටියට පිවිසි විද්‍යාලෝක ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට ලබා ගන්නේ සියලුම දෙනා දැවී ලකුණු 191ක් පමණයි.
ලකුණු 36ක් ඉදිරියෙන් සිටිමින් තම දෙවැනි ඉනිමට පිටියට පිවිසි කිංග්ස්වුඩ් ක්‍රීඩකයෝ එවර සියලුම දෙනා දැවී ලබා ගන්නේ ලකුණු 161ක් පමණයි. ඒ අනුව ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 198ක ඉලක්කයක් වෙනුවෙන් 2 වැනි ඉනිමට පිටියට පිවිසි විද්‍යාලෝක ක්‍රීඩකයෝ එම ඉලක්කය කඩුලු 8ක් පමණක් දැවී සපුරා ගන්නවා.
කිංග්ස්වුඩ් විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
චනුල් කොඩිතුවක්කු, ආදිල් ශෙරීෆ්, මනුල විජේතුංග, කවිජ ගමගේ, යෝසත් අබේකෝන්, නිකේශල නානායක්කාර, ඒශාන් විජේකෝන්, ගෞරංග බණ්ඩාර, උපාදි ජයවර්ධන, ඩොමින්සර පීරිස් සහ ප්‍රමුදිත බණ්ඩාර.
විද්‍යාලෝක විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
නිමේෂ් ආවින්ද, ප්‍රගීත් බිම්සර, තෙශාන් මෙන්ඩිස්, ලිදුල නුවංග, පසන් මධුශංක, සෙනිරු නිඳුවර, සචිත්‍ය ඉඳුවර, තරුෂ ජයමිත්, සුමීර සජනක, පුලිඳු චමුදිත සහ ජනිශ් ඉරන්ත.
පළමුවෙන් පන්දුවට පහර දුන් කිංග්ස්වුඩ් ක්‍රීඩකයන්ගේ ඉනිමේ වැඩිම ලකුණුලාභියා වෙන්නේ ආදිල් ශෙරීෆ්. ඔහු පන්දු 184කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 69ක් ලබා ගන්නවා.
ඔහු පළමු ඉනිම වෙනුනේ චනුල් කොඩිතුවක්කු සමඟ එකතු වෙමින් ලකුණු 57ක සබඳතාවක් ද ගොඩ නගනවා. චනුල් කොඩිතුවක්කු ලබා ගත් ලකුණු සංඛ්‍යාව ලකුණු 33ක්. ඔහු ඊට පන්දු 55කට මුහුණ දෙන අතර හතරේ පහර 4ක් ද එක් කරනවා.
අනතුරු ව මැදි පෙළින් පිටියට පිවිසි නිකේශල නානායක්කාර පන්දු 81කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 56ක් ලබා ගන්නවා.
කඩුලු දවා ගැනීමේ දී සෙනිරු නිඳුවර ලකුණු 74කට කඩුලු 4ක් දවා ගන්නා ලද අතර පුලිඳු චමුදිත, නිමේෂ් ආවින්ද සහ ලිදුල නුවංග කඩුලු ද්විත්වය බැගින් දවා ගන්නවා.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි විද්‍යාලෝක ඉනිමේ වැඩිම ලකුණුලාභියා වෙන්නේ ලිදුල නුවංග. ඔහු පන්දු 81කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 81ක් ලබා ගන්නවා.
ඔහු එම ඉනිම ක්‍රීඩා කරන්නේ ලකුණු 32කට කඩුලු 3ක් දැවී ගොස් අසරණව තිබූ අවස්ථාවේ දී පිටියට පිවිසෙමිනුයි. ඔහු සෙනිරු නිඳුවර සමඟ එක් වෙමින් 5 වැනි කඩුල්ලට ලකුණු 58ක් එක් කරනවා.
සෙනිරු නිඳුවර පන්දු 36කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 34ක් ලබා ගන්නවා.
කඩුලු දවා ගැනීමේ දී කවිජ ගමගේ ලකුණු 63කට කඩුලු 4ක් දවා ගන්නා ලද අතර ඊට අමතර ව උපාදි ජයවර්ධන කඩුලු 2ක් ද, චනුල් කොඩිතුවක්කු, යෝසත් අබේකෝන් සහ ප්‍රමුදිත බණ්ඩාර කඩුල්ලක් බැගින් ද දවා ගන්නවා.
- ගාලු ආදරවන්ත සටනට දින ස්තීර වෙයි
- මාතර රාහුල විද්‍යාලය තියුණු ජයක් කරා
- ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම ලෝක කුසලානයට පුහුණු කිරීමේ වගකීම චාමර සිල්වාට
- සාන්ත ඇලෝසියස් විද්‍යාලය අවසන් සටනට
- දේවපතිරාජ විද්‍යාලය අවසන් මහා තරගයට
පළමු ඉනිමේ වාසියත් සමඟින් දෙවැනි ඉනිමට පිටියට පිවිසි කිංග්ස්වුඩ් ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ කවිජ ගමගේ. ඔහු පන්දු 89කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 57ක් ලබා ගන්නවා.
ඔහුගේ දැවී යෑමත් සමඟින් කිංග්ස්වුඩ් ඉනිම කඩුලු 6ක් දැවී ලකුණු 87ක් වූ අතර එහි දී පෙරමුණ ගත් නිකේශල නානායක්කාර සහ ගෞරංග බණ්ඩාර එක් ව 7 වැනි කඩුල්ලට ලකුණු 66ක සබඳතාවක් එක් කරනවා. එහි දී නිකේශල නානායක්කාර පන්දු 60කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 45ක් ලබා ගත් අතර ගෞරංග බණ්ඩාර පන්දු 105කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 16ක් ලබා ගන්නවා.
කඩුලු දවා ගැනීමේ දී පුලිඳු චමුදිත සහ සෙනිරු නිඳුවර කඩුලු ද්විත්වය බැගින් ද, තරුශ ජයමිත්, ජනිශ් ඉරන්ත, ලිදුල නුවංග සහ නිමේෂ් ආවින්ද කඩුල්ල බැගින් දවා ගත්තා.
විද්‍යාලෝක හඹා ගිය ඉනිමේ දී ආරම්භක පිතිකරු නිමේෂ් ආවින්ද පන්දු 161කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සමඟින් ලකුණු 114ක් ලබා ගනිමින් තරගයේ වාසිය තම කණ්ඩායම වෙත ලබා දුන්නා.
ඊට අමතර ව ලිදුල නුවංග පන්දු 46කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 46ක් ද සහ සෙනිරු නිඳුවර පන්දු 32කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 28ක් ලබා ගත්තා.
එම ඉනිම් අවසානයේ තරගයේ පාලනය සියතට ගැනීමට කිංග්වුඩ් ක්‍රීඩකයෝ සමත් වෙනවා. කඩුලු 4ක් දැවී ලකුණු 171ක් ව තිබූ ඉනිමේ තවත් කඩුලු 4ක් ලකුණු 22කට දවා ගැනීමට ඔවුන්ට හැකි වෙනවා.
නමුත් 9 වැනි කඩුල්ලට එක් වූ සචිත්‍ය ඉඳුවර (නොදැවී 7) සහ ජනිශ් ඉරන්ත (නොදැවී 1) එක් ව තරගයේ ජයග්‍රහණය තම කණ්ඩායමට ලබා දෙන්නේ පන්දු 6ක් තුළ ආරක්ෂා වෙමින් ලකුණු 7ක් ද ලබා ගනිමිනුයි.
පරාජිත ඉනිමට කඩුලු ලබා ගැනීමේ දී කවිජ ගමගේ කඩුලු 3ක් ද, ඩොමින්සර පීරිස් කඩුලු 2ක් ද සහ චනුල් කොඩිතුවක්ක කඩුල්ලක් ලෙසින් දවා ගන්නවා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- කිංග්ස්වුඩ් විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 227 (83.3) චනුල් කොඩිතුවක්කු 33, ආදිල් ශෙරීෆ් 69, කවිජ ගමගේ 25, නිකේශල නානායක්කාර 56, සෙනිරු නිඳුවර 4/74, ලිදුල නුවංග 2/58, නිමේෂ් ආවින්ද 2/48, පුලිඳු චමුදිත 2/19
- විද්‍යාලෝක විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 191 (79.3) ලිදුල නුවංග 81, සෙනිරු නිඳුවර 34, තරුෂ ජයමිත් 23, කවිජ ගමගේ 4/63, උපාදි ජයවර්ධන 2/41
- කිංග්ස්වුඩ් විද්‍යාලය – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 161 (65.3) කවිජ ගමගේ 57, නිකේශල නානායක්කාර 45, සෙනිරු නිඳුවර 2/45, පුලිඳු චමුදිත 2/07
- විද්‍යාලෝක විද්‍යාලය – දෙවැනි ඉනිම කඩුලු 8ක් දැවී 200 (48.3) නිමේෂ් ආවින්ද 114, ලිදුල නුවංග 34, සෙනිරු නිඳුවර 28, කවිජ ගමගේ 3/80, ඩොමින්සර පීරිස් 2/51
විද්‍යාලෝක විද්‍යාලයට කඩුලු 2ක ජයක්.
පාසල් ක්‍රිකට් පිටියේ තරග උණුසුම සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<