දේවපතිරාජයට කඩුලු 7ක ජයක්

U 19 Division 1 Schools Cricket

50
U 19 Division 1 Schools Cricket

කලුතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලය සහ රත්ගම දේවපතිරාජ විද්‍යාලයට අතර පැවැති වයස අවුරුදු 19න් පහළ සුහද ක්‍රිකට් තරගයෙන් කඩුලු 7ක ජයග්‍රහණයක් ලබා ගැනීමට දේවපතිරාජ විද්‍යාලය අද (09) සමත් වෙනවා.

කලුතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ දී රත්ගම දේවපතිරාජ විද්‍යාලයේ මල්ෂ සඳරු තරගයේ දී ලකුණු 153කට කඩුලු 10ක් දවා ගනිමින් දක්ෂතා දැක්වීම කැපී පෙණුනා.

ඊට අමතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලය වෙනුවෙන් මල්ෂ කවිශාන් පන්දු 116කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සමඟින් ලකුණු 68ක් ද, නඳුන් ද සිල්වා පන්දු 57කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 51ක් ද දේවපතිරාජ විද්‍යාලය වෙනුවෙන් යසිරු ලක්ශාන් පන්දු 96කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 58ක් ද සහ ආරෝෂ සිතුමිණ පන්දු 41කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 50ක් ද ලබා ගැනීමට සමත් වූවා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • තිස්ස මධ්‍ය මහා විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 142 (46.4) මල්ෂ කවිශාන් 68, නඳුන් ද සිල්වා 20, සඳරු මල්ශාන් 5/50, පුල්ජිත් වත්සුක 2/21, ගිම්හාන් රසාංජන 3/17
  • දේවපතිරාජ විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 230 (63.1) චමිඳු පද්මික 24, යසිරු ලක්ෂාන් 58, මතීෂ සාරංග 39, දියත් සංජිත නොදැවී 20, අජිත ද සිල්වා 2/77, නඳුන් ද සිල්වා 2/19, තාරුක සමින්ජිත් 2/34, අශේන් සිල්වා 3/30
  • තිස්ස මධ්‍ය මහා විද්‍යාලය – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 192(61.0) සදෙව් ඩිල්ශාන් 32, නඳුන් ද සිල්වා 51, මින්දෙව් හංසන 36, සඳරු මල්ෂාන් 5/103, ගිම්හාන් රසාංජන 3/21
  • දේවපතිරාජ විද්‍යාලය – දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 109 (15.2) අරෝෂ සිතුමිණ නොදැවී 50, ගිම්හාන් රසාංජන නොදැවී 45, හෂේන් සිල්වා 3/42

දේවපතිරාජ විද්‍යාලයට කඩුලු 7ක ජයක්.

පාසල් ක්‍රිකට් පිටියේ තරග උණුසුම සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<