විනුක සහ රජිත් ලකුණු අතරට

U 19 Division 1 Schools Cricket 2024/25

82
U 19 School Cricket

කුරුණෑගල මලියදේව විද්‍යාලය සහ කොළඹ මහානාම විද්‍යාලය අතර අද (16) කුරුණෑගල මලියදේව විද්‍යාලයීය පිටියේ දී ආරම්භ වූ සුහද ක්‍රිකට් තරගයේ දී සත්කාරක කණ්ඩායමේ විනුක ගලප්පත්ති සහ රජිත් නවෝද්‍ය අර්ධ ශතක ඉනිම් වාර්තා කිරීම කැපී පෙණුනා.

කාසියේ වාසිය ජයග්‍රහණය කළ මහානාම විද්‍යාලයේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි මලියදේව විද්‍යාලයීය ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 214ක් ලබා ගන්නවා.

එම ඉනිම වෙනුවෙන් පන්දු 81කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 75ක් ලබා ගත් අතර රජිත් නවෝද්‍ය පන්දු 136කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සමඟින් ලකුණු 69ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී චාමික හීනටිගල ලකුණු 64කට කඩුලු 3ක් දවා ගත් අතර ඊට අමතර ව සිතුම් විහඟ, අනුක විජේවර්ධන සහ දුල්නිත් සිගේරා කඩුලු ද්විත්වය බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි සංචාරක මහානාම ක්‍රීඩකයෝ තරගය පළමු දිනයට නතර කරන විට කඩුල්ලක් පමණක් දැවී ලකුණු 98ක් ලබා සිටියා.

එම ඉනිම වෙනුවෙන් මේ වන විට වෙනුර කවීත්‍ර පන්දු 82කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 36ක් ද සහ සනුල් වීරරත්න පන්දු 37කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 31ක් ද ලබා ගනිමින් පිටියේ රැඳී සිටිනවා.

ඉනිමේ දැවී ගිය එක ම කඩුල්ලේ හිමිකාරීත්වය ඕලිත නෙරංජන් සතු වෙනවා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • මලියදේව විද්‍යාලය – සියලුම දෙනා දැවී 214 (66.2) රජිත් නවෝද්‍ය 69, දිමත් අබේසිංහ 23, දිමන්ත අරුශ 30, විනුක ගලප්පත්ති 75, දුල්නිත් සිගේරා 2/42, චාමික හීනටිගල 3/64, සිතුම් විහඟ 2/41, අනුක විජේවර්ධන 2/41
  • මහානාම විද්‍යාලය – කඩුල්ලක් දැවී 98 (22.0) සනුල් වීරරත්න නොදැවී 31, වෙනුර කවීත්‍ර නොදැවී 36

මෙම තරගය හෙට (17) 2 වැනි දිනයටත් ක්‍රියාත්මක වීමට නියමිතයි.

පාසල් ක්‍රිකට් පිටියේ තරග උණුසුම සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<