ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ Tier B කාණ්ඩයේ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට රත්ගම දේවපතිරාජ විද්‍යාලය අද (09) සමත් වුනා.
ඒ කඳාන ද මැසිනෝද් විද්‍යාලය සමඟින් කොළඹ BRC ක්‍රීඩාංගණයේ දී පැවැති අවසන් පූර්ව තරගයෙන් ලකුණු 63ක ජයග්‍රහණයක් ලබා ගැනීමත් සමඟයි.
කාසියේ වාසිය දිනා ගත් ද මැසිනෝද් විද්‍යාලයීය නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි දේවපතිරාජ විද්‍යාලයීය ක්‍රීඩකයෝ කඩුලු 9ක් දැවී ලකුණු 198ක් ලබා ගත්තා.
එම ඉනිම වෙනුවෙන් ගිම්හාන් රසාංජන පන්දු 96කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 73ක් ලබා ගෙන දක්ෂතා දැක් වීම කැපී පෙණුනා. ඊට අමතර ව නායක මතිෂ සාරංග පන්දු 69කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 48ක් ලබා ගත්තා. ඔවුන් දෙදෙනා එක් ව 5 වැනි කඩුල්ලට පන්දු 111ක දී එක් කළ ලකුණු සබඳතාවක් 88ක්.
කඩුලු දවා ගැනීමේ දී ප්‍රනීත් විතානගේ, ශරිත් සුදීන සහ දිනෝෂ් ජෙලෝන් කඩුලු ද්විත්වය බැගින් දවා ගත්තා.
- මනුප, පෙසඳු පරාජිත ඉනිමේ දක්ෂතා දක්වයි
- තැන තැන Big Match තොරතුරු
- පාසල් ක්‍රිකට් තරග රැසක් දින දෙකේ සිට දින තුන දක්වා පරිවර්තනයක්
- Tier B කිරුළට මහින්ද – තර්ස්ටන් ගැටෙයි
- මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය Tier A අවසන් තරගයට!
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ද මැසිනෝද් විද්‍යාලයීය ක්‍රීඩකයන් සියලුම දෙනා දැවී ලබා ගැනීමට හැකි වෙන්නේ ලකුණු 135ක් පමණයි. එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා බවට පත් වෙන්නේ නායක ශෙවාන් වෙල්ගම. ඔහු පන්දු 51කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 27ක් ලබා ගන්නවා.
කඩුලු දවා ගැනීමේ දී සඳරු මල්ශාන් ලකුණු 18කට කඩුලු 3ක් සහ දර්ශක සංදීප ලකුණු 19කට කඩුලු 2ක් දවා ගන්නවා. ඊට අමතර ව අරෝෂ සිතුමිණ, චමිඳු පද්මික, පින්සර දුතංග සහ දියත් සංජිත කඩුල්ල බැගින් බෙදා ගන්නවා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
රත්ගම දේවපතිරාජ විද්‍යාලය සහ කඳාන ද මැසිනෝද් විද්‍යාලය අතර තරගය කොළඹ BRC ක්‍රීඩාංගණයේ දී.
- දේවපතිරාජ විද්‍යාලය – කඩුලු 9ක් දැවී 198 (50.0) දර්ශක සංදීප 27, ගිම්හාන් රසාංජන 73, මතීෂ සාරංග 48, දිනෝෂ් ජෙලොන් 2/42, ප්‍රනීත් විතානගේ 2/26, ශරිත් සුදීන 2/30
- ද මැසිනෝද් විද්‍යාලය – සියලුම දෙනා දැවී 135 (41.5) නෙශාන් ඩයස් 20, දිනෝෂ් ජෙලොන් 22, ශෙවාන් වෙල්ගම 27, දර්ශක සංදීප 2/19, සඳරු මල්ශාන් 3/18
දේවපතිරාජ විද්‍යාලයට ලකුණු 63ක ජයක්.
පාසල් ක්‍රිකට් පිටියේ තරග උණුසුම සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<