ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ කාණ්ඩයේ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග ද්විත්වයක් අද (05) දවසේ දී ක්‍රියාත්මක වුනා.
එම තරගවල දී Tier A කාණ්ඩය නියෝජනය කරන මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ Tier B කාණ්ඩය නියෝජනය කරන රත්ගම දේවපතිරාජ විද්‍යාලය තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වීම කැපී පෙණුනා. ඒ පිළිවෙළින් කොළඹ නාලන්දා විද්‍යාලය සහ මාතර සාන්ත තෝමස් විද්‍යාලය පරාජය කරමිනුයි.
එම තරගවල දී කොළඹ නාලන්දා විද්‍යාලයේ මනුප මන්මිත ත්‍රිත්ව විද්‍යාලයට එරෙහි ව පන්දු 108කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 7ක් සමඟින් ලකුණු 101ක් ලබා ගැනීමට සමත් වීම කැපී පෙණුනා.
ඒ අතර මාතර සාන්ත තෝමස් විද්‍යාලයේ පෙසඳු සංජන රත්ගම දේවපතිරාජ විද්‍යාලයට එරෙහි ව ලකුණු 22කට කඩුලු 5ක් දවා ගනිමින් දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කළා.
- පාසල් ක්‍රිකට් පිටියේ සීමිත පන්දුවාර තරගාවලියේ අර්ධ අවසන් තරග ආරම්භ වෙයි
- සුලෝහිත සංග්‍රාමය විසඳුමක් නැතිව අවසන් වේ
- මහින්ද සහ තර්ස්ටන් විද්‍යාල සම ශූරයින් ලෙස කිරුළු දරයි
- තර්ස්ටන් විද්‍යාලය 07 වැනි වරටත් සහෝදර සටනේ ජය ලබයි!
- ශ්‍රී ලංකා කාන්තා ක්රිකට් කණ්ඩායම නවසීලන්තයේ දීර්ඝ තරග සංචාරයකට සැරසෙයි
කොළඹ නාලන්දා විද්‍යාලය සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අතර තරගය කොළඹ නාලන්දා විද්‍යාලයීය පිටියේ දී.
- නාලන්දා විද්‍යාලය – සියලුම දෙනා දැවී 194 (45.3)මනුප මන්මිත 101, මල්ශ ප්‍රනාන්දු 31, සෙත්මික සෙවිරත්න 2/23, තිසල් යාපා 2/37, ස්වෙත් අනුරජීව 2/50, වතිල උදාර 2/25
- ත්‍රිත්ව විද්‍යාලය – කඩුලු 7ක් දැවී 195 (46.2)දිමනත් මහවිතාන 23, පුලිෂ තිලකරත්න 33, ආදම් හිල්මි 38, වතිල උදාර 28, සංතුල් විජේයරත්න 2/35, ලිතුම් විජේකුමාර 3/22
ත්‍රිත්ව විද්‍යාලයට කඩුලු 3ක ජයක්.
රත්ගම දේවපතිරාජ විද්‍යාලය සහ මාතර සාන්ත තෝමස් විද්‍යාලය අතර තරගය මොනරාගල දිස්ත්‍රික් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
- දේවපතිරාජ විද්‍යාලය – සියලුම දෙනා දැවී 162 (40.3)දර්ශක සංදීප 37, අරෝශ සිතුමිණ 46, පුල්ජිත් වත්සුක නොදැවී 20, කුමේෂ් නුවන්ජන 2/21, පෙසඳු සංජන 5/22, මනුග ගුරුගේ 3/28
- සාන්ත තෝමස් විද්‍යාලය – සියලුම දෙනා දැවී 130 (39.2)අබ්දුල් මාජිඩ් 28, කුමේෂ් නුවනජන 31, දර්ශක සංදීප 4/21, අරෝෂ සිතුමිණ 2/26
දේවපතිරාජ විද්‍යාලයට ලකුණු 32ක ජයක්.
පාසල් ක්‍රිකට් පිටියේ තරග උණුසුම සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.