පුලීශ ගෙන් ශතකයක්

U 19 Division 1 Schools Cricket

219
U 19 Division 1 Schools Cricket

අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු කොටසේ ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරන  විද්‍යාලය කිහිපයක් ම අද (21) දවසේ දී ද සුහද තරග කිහිපයකට එක් වුනා. ඒ අතුරින් මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ආරම්භක පිතිකරු පුලිශ තිලකරත්න දිනයේ කැපී පෙණෙන පිතිකරු බවට පත් වුනා.

ඔහු කඳාන සාන්ත බෙනඩික්ට් විද්‍යාලයට එරෙහි ව පන්දු 121කට මුහුණ දෙමින් හතරේ පහර 17ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 121ක් ලබා ගත්තා.

ඊට අමතර ව එම කණ්ඩායමේ ම ආදම් හිල්මි පන්දු 103කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 59ක් ලබා ගනිද්දී ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ශෙහාන් ද සොයිසා ද පන්දු 54කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සමඟින්  මාතර සාන්ත තෝමස් විද්‍යාලයට එරෙහි ව ලකුණු 59ක් ලබා ගනිමින් දක්ෂතා දැක් වූවා.

මේ අතර තුන් දින තරගයක් ලෙසින් ක්‍රියාත්මක මහනුවර ධර්මරාජ විද්‍යාලය සහ මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය අතර තරගයේ දී ධර්මරාජ විද්‍යාලයේ ලක්වින් අබේසිංහ අද තම ඉනිම ලකුණු 135ක් දක්වා රැගෙන ගියා. ඔහු ඊට පන්දු 169ක් වැය කළ අතර හතරේ පහර 17ක් ද එම ඉනිමට ඇතුලත් කළා.

පිතිකරුවෙක් දක්ෂතා දැක්විමට අමතර ව ඔහු පන්දු යැවීමේ දී කඩුලු 3ක් දවා ගැනීමට සම් වුනා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

මහනුවර ධර්මරාජ විද්‍යාලය සහ මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය අතර තරගය ධර්මරාජ විද්‍යාලයීය පිටියේ දී.

  • ධර්මරාජ විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 442 (98.1) කාශ්‍යප දිසානායක 101, තරිඳු වර්ණකුලගේ 81, ලක්වින් අබේසිංහ 135, ඉසුරු පන්නලගේ 45, ඔනිජ සේසත් 28, බිමාෂ් සමරසිංහ 4/103, කෙවන් ප්‍රනාන්දු 2/61, නේදන් ඊබට් 3/75
  • සාන්ත අන්තෝනි විද්‍යාලය– පළමු ඉනිමසියලුම දෙනා දැවී 217 (59.5) ජානුක රත්නායක 41, නේදන් ඊබට් 27, බිමාෂ් සමරසිංහ 29, දිනුල් මතීශ 31, සනිතු ගුණතිලක 31, දක්ශික මනුකල්ප 4/48, ලක්වින් අබේසිංහ 3/39
  • සාන්ත අන්තෝනි විද්‍යාලය– දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 38 (14.2)

මෙම තරගය හෙට (22) 3 වැනි සහ අවසන් දිනයට ක්‍රියාත්මක වීමට නියමිතයි.

අද ආරම්භ වූ තරග

මාතර සාන්ත තෝමස් විද්‍යාලය සහ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය අතර තරගය මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ දී.

  • රිච්මන්ඩ් විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 185 (65.5)තමිඳු ප්‍රදීප්ත 20, බෙවින් ජයවර්ධන 22, ශෙහාන් ද සොයිසා 59, පෙසඳු සංජන 2/29, දිනුර පවින්ජි 2/29, මනුග ගුරුගේ 2/33, විහඟ සංකලන 2/15
  • සාන්ත තෝමස් විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 6ක් දැවී 63 (22.0)ඔචින්ත චාමික 20, මලිත් ද සිල්වා 3/29, යූරි කොත්තිගොඩ 2/13

මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ කඳාන ද බෙනඩික්ට් විද්‍යාලය අතර තරගය මහනුවර අස්ගිරිය ක්‍රීඩාංගණයේ දී.

  • සාන්ත බෙනඩික්ට් විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 147 (44.2)දුමිඳු යෙහාන් 33, මෙවන් දිසානායක 31, නදුන් ප්‍රනාන්දු 27, තිසල් යාපා 4/49, වතිල උදාර 2/38, මලිත් රත්නායක 2/34, රනුල් ගුණරත්න 2/12
  • ත්‍රිත්ව විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 2ක් දැවී 222 (48.0)පුලිශ තිලකරත්න නොදැවී 121, මහේන්ද්‍ර අබේසිංහ 31, ආදම් හිල්මි 59, ශාරුජන් ශම්මුගනාදන් 1/20

අද ආරම්භ වූ මෙම තරග ද්විත්වය හෙට (22) 2 වැනි සහ අවසන් දිනයටත් ක්‍රියාත්මකයි.

පාසල් ක්‍රිකට් පිටියේ තරග උණුසුම සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<