අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු කොටසේ ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරන මහනුවර ධර්මරාජ විද්‍යාලය සහ මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය අතර අද ධර්මරාජ විද්‍යාලයීය පිටියේ ඇරඹි පුහුණු තුන් දින තරගයේ දී කාශ්‍යප දිසානායක සහ ලක්වින් අබේසිංහ ශතක රැස් කිරීමට සමත් වුනා.
කාසියේ වාසිය දිනා ගත් ධර්මරාජ විද්‍යාලය පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසෙමින් තරගය පළමු දිනයට නතර කරන විට කඩුලු 7ක් දැවී ලකුණු 395ක් ලබා සිටියා.
එම ඉනිමේ ආරම්භක පිතිකරු කාශ්‍යප දිසානායක පන්දු 128කට මුහුණ දෙමින් හතරේ පහර 18ක් සමඟින් ලකුණු 101ක් ද සහ ලක්වින් අබේසිංහ පන්දු 142කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සමඟින් නොදැවී ලකුණු 108ක් ද ලබා ගනිමින් කැපී පෙණෙන ක්‍රීඩයක් බවට පත් වුනා.
ඔවුන් දෙදෙනා අතුරින් කාශ්‍යප දිසානායක, 2 වැනි කඩුල්ලට තරිඳු වර්ණකුලගේ සමඟ එක් වෙමින් ලකුණු 178ක සබඳතාවක් ද එක් කළා. තරිඳු වර්ණකුලගේ ලබා ගත් ලකුණු සංඛ්‍යාව 81ක්. ඔහු ඒ සඳහා පන්දු 125කට මුහුණ දුන් අතර ඊට හතරේ පහර 12ක් ඇතුලත් කළා.
- 28 වැනි Battle Of The Lions තරගයේ ජය Wycherley ජාත්‍යන්තර පාසලට
- ත්‍රිත්ව ක්‍රීඩකයෝ අවසන් මහා තරගයට
- සාන්ත ඇලෝසියස් විද්‍යාලය අවසන් සටනට
- දේවපතිරාජ විද්‍යාලය අවසන් මහා තරගයට
- මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය Tier A අවසන් තරගයට!
අනතුරු ව ධර්මරාජ ඉනිමේ කැපී පෙණෙන ලකුණු සබඳතාවක් එක් වූයේ 4 වැනි කඩුල්ලටයි. එහි දී ලක්වින් අබේසිංහ සහ නායක ඉසුරු පන්නලගේ එක් ව ලකුණු 87ක සබඳතාවක් එක් කළා. ඉසුරු පන්නලගේ පන්දු 35කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 45ක් ලබා ගත්තා.
දිනයට අවසන් වන විට ලක්වින් අබේසිංහ සමඟ ඔනිජ සේසත් (8) නොදැවී පිටියේ රැඳී සිටියා.
කඩුලු දවා ගැනීමේ දී නේදන් ඊබට් ලකුණු 75කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර කෙවන් ප්‍රනාන්දු සහ බිමාෂ් සමරසිංහ කඩුලු ද්විත්වය බැගින් දවා ගත්තා.
- ධර්මරාජ විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 7ක් දැවී 395 (89.0) කාශ්‍යප දිසානායක 101, තරිඳු වර්ණකුලගේ 81, ලක්වින් අබේසිංහ නොදැවී 108, ඉසුරු පන්නලගේ 45, බිමාෂ් සමරසිංහ 2/66, කෙවන් ප්‍රනාන්දු 2/61, නේදන් ඊබට් 3/75
මෙම තරගය හෙට (21) 2 වැනි දිනයට ක්‍රියාත්මක වීමට නියමිතයි.
පාසල් ක්‍රිකට් පිටියේ තරග උණුසුම සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.