නිකිල් ජයවීර දවසේ වීරයා වෙයි

U 19 Division 1 Schools Cricket 2024/25

126
U 19 Division 1 Schools Cricket 2024/25

අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු කොටසේ සුහද ක්‍රිකට් තරග කිහිපයක් අද (18) දවසේ දී ද පැවැති අතර එම තරග අතුරින් කොළඹ වෙස්ලි විද්‍යාලය සමඟ තරගයේ දී ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ආරම්භක පිතිකරු නිකිල් ජයවීර ශතකයක් වාර්තා කිරීම කැපී පෙණුනා.

ඔහුගේ මෙම ඉනිම පන්දු 222කින් සමන්විත වූ අතර ලබා ගත් ලකුණු සංඛ්‍යාව 170ක්. ඊට හතරේ පහර 24ක් සහ හයේ පහර 2ක් ද එක් කිරීමට ඔහු සමත් වෙනවා.

මේ අතර එම විද්‍යාලයේ ම රවිනු රන්දිනුට තම ශතකය එක් ලකුණකින් අහිමි කිරීමට වෙස්ලි විද්‍යාලයීය පන්දු යවන්නො අකාරුණික වුනා. ඔහු ලකුණු 99කට දැවී යද්දී පන්දු 159කට මුහුණ දී සිටි අතර හතරේ පහර 12ක් සහ හයෙ පහරක් ඊට ඇතුලත් කර තිබුණා.

මේ අතර මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය සහ කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය අතර තරගයේ දී සාන්ත අන්තෝනි විද්‍යාලයේ චාරුක ඒකනායක තුන් ඉරියව්වෙන් දක්ෂතා දැක්වීමට සමත් වූ අතර කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයේ දහම් නිර්මාල් අර්ධ ශතකයක් ලබා ගනිමින් දක්ෂතා දැක් වූවා.

අද ආරම්භ වූ තරග

මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ මාතර සාන්ත තෝමස් විද්‍යාලය අතර තරගය වෙල්ලස්ස විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී.

  • ත්‍රිත්ව විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 358 (98.2)පුලිශ තිලකරත්න 143, ආදම් හිල්මි 34, රජිඳු තිලකරත්න 26, වතිල උදාර 65, ස්වෙත් අනුරජීව 21, ජයවි ලියනගම 23, ලෝශිත දික්සිත් 3/69, ඔචින්ත චාමික 2/51, පෙසඳු සංජන 2/58

සාන්ත තෝමස් විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 109 (41.5) පෙසඳු සංජන 30, මනුග ගුරුගේ නොදැවී 17, මලිත් රත්නායක 4/36, ස්වෙත් අනුරජීව 2/07

සාන්ත තෝමස් විද්‍යාලය – දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී 48 (16.0) සෙනුර ගිහාන් 20

තරගයේ විසඳුමක් නෑ.

මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය සහ කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය අතර තරගය මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී.

  • ඩී. එස්. සේනානායක විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 142 (55.0)ශනාල් බිනුක්ෂ 19, සොහාන් යාපා 45, තරුශ දසුන් 2/29, චාරුක ඒකනායක 3/39, කෙවන් ප්‍රනාන්දු 4/17
  • සාන්ත අන්තෝනි විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 225 (65.3) සනුක කල්පගේ 31, තිලිණ එදිරිසිංහ 43, නේදන් ඊබට් 23, චාරුක ඒකනායක 58, දන්සිත් මතීශ 28, ශනාල් බිනුක්ෂ 4/82, යෝජිත් හෙට්ටිආරච්චි 3/39
  • ඩී. එස්. සේනානායක විද්‍යාලය- දෙවැනි ඉනිම කඩුලු 6ක් දැවී 94 (28.0) දහම් නිර්මාල් නොදැවී 51, චාරුක ඒකනායක 4/27

තරගයේ විසඳුමක් නෑ.

කොළඹ වෙස්ලි විද්‍යාලය සහ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය අතර තරගය කොළඹ වෙස්ලි විද්‍යාලයීය පිටියේ දී.

  • රිච්ම්න්ඩ් විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 4ක් දැවී 317 (77.4) නිකිල් ජයවීර 170, රවිඳු රන්දිනු 99, ශෙහාන් ද සොයිසා නොදැවී 19, දෙනුවන් නෙත්මල් 3/56

තරගයේ විසඳුමක් නෑ.

පාසල් ක්‍රිකට් පිටියේ තරග උණුසුම සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<