අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු කොටසේ සුහද ක්‍රිකට් තරග කිහිපයක් අද (17) දවසේ දී ද පැවැති අතර එම තරග අතුරින් මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ආරම්භක පිතිකරු පුලිශ තිලකරත්න ශතකයක් වාර්තා කිරීම කැපී පෙණුනා.
ඔහු මෙම ශතකය ලබා ගන්නේ මාතර සාන්ත තෝමස් විද්‍යාලයට එරෙහිවයි. වෙල්ලස්සේ දී පැවැති මෙම තරගයේ දී ඔහු පන්දු 227කට මුහුණ දෙමින් හතරේ පහර 16ක් සමඟින් ලකුණු 143ක් ලබා ගන්නවා.
ඊට අමතර ව අද දවසේ දී මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ම වතිල උදාර අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත් වූවා.
මේ අතර අද දවසේ හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලයේ දකුණතින් පා දඟ පන්දු යවන කෙවන් ප්‍රනාන්දු සමත් වෙනවා. ඔහු කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයට එරෙහි ව ලකුණු 17කට කඩුලු 4ක් දවා ගනිමින් මෙම දක්ෂතාව දක්වනවා.
වර්ෂාව හේතුවෙන් අද පැවැති සෑම තරගයකට ම බාධා එල්ල වූවා.
අද අවසන් වූ තරග
කුරුණෑගල මලියදේව විද්‍යාලය සහ කොළඹ මහානාම විද්‍යාලය අතර තරගය කුරුණෑගල මලියදේව විද්‍යාලයීය පිටියේ දී.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- මලියදේව විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 214 (66.2)රජිත් නවෝද්‍ය 69, දිමත් අබේසිංහ 23, දිමන්ත අරුශ 30, විනුක ගලප්පත්ති 75, දුල්නිත් සිගේරා 2/42, චාමික හීනටිගල 3/64, සිතුම් විහඟ 2/41, අනුක විජේවර්ධන 2/41
- මහානාම විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 247 (61.4) දුල්නිත් සිගේරා 23, වෙනුර කවිත්‍ර 37, සනුල් වීරරත්න 43, චාමික හීනටිගල 30, ඕසඳ මුතුගම 25, අනුක් විජේවර්ධන 45, දිමත් අබේසිංහ 4/68, නේත්‍ර නිර්මල 2/37
- මලියදේව විද්‍යාලය –දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 53 (15.2)දිමන්ත අරූෂ නොදැවී 17, දුල්නිත් සිගේරා 2/23
තරගයේ විසඳුමක් නෑ.
- විනුක සහ රජිත් ලකුණු අතරට
- ත්‍රිත්ව ක්‍රීඩකයෝ අවසන් මහා තරගයට
- බංගලි යෞවනයන් දීර්ඝ තරග සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට
- පාසල් ක්රිකට් තරග රැසක් දින දෙකේ සිට දින තුන දක්වා පරිවර්තනයක්
- සාන්ත ඇලෝසියස් විද්‍යාලය අවසන් සටනට
අද ආරම්භ වූ තරග
මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ මාතර සාන්ත තෝමස් විද්‍යාලය අතර තරගය වෙල්ලස්ස විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී.
- ත්‍රිත්ව විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 7ක් දැවී 333 (86.0)පුලිශ තිලකරත්න 143, ආදම් හිල්මි 34, රජිඳු තිලකරත්න 26, වතිල උදාර 65, ස්වෙත් අනුරජීව 21, ලෝශිත දික්සිත් 3/59
මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය සහ කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය අතර තරගය මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී.
- ඩී. එස්. සේනානායක විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 142 (55.0)ශනාල් බිනුක්ෂ 19, සොහාන් යාපා 45, තරුශ දසුන් 2/29, චාරුක ඒකනායක 3/39, කෙවන් ප්‍රනාන්දු 4/17
- සාන්ත අන්තෝනි විද්‍යාලය – පළමු ඉනිම කිසිවෙක් නොදැවී 4 (1.2)
මෙම තරග ද්විත්වය හෙට (18) 2 වැනි සහ අවසන් දිනයටත් ක්‍රියාත්මක වීමට නියමිතයි.
පාසල් ක්‍රිකට් පිටියේ තරග උණුසුම සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.