ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් එක් ව සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ Tier A කොටසේ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට මහනුවර ත්‍රිත්ව විද්‍යාලයීය ක්‍රීඩකයෝ අද (15) සමත් වුනා.
මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය සමඟ කොළඹ BRC ක්‍රීඩාංගණයේ දී පැවැති අවසන් පූර්ව තරගයේ දී ඔවුන් කඩුලු 6ක ජයග්‍රහණයක් ලබා ගනිමින් මෙම අවස්ථාව උදා කර ගන්නවා.
මෙම තරගයේ දී ජයග්‍රාහී කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරු දිමන්ත මහවිතාන පන්දු 134කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 74ක් ලබා ගන්නවා. ඊට අමතර ව චනිරු සේනාරත්න පන්දු 70කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 44ක් ද ලබා ගත්තා.
ඔවුන් දෙදෙනා එක් ව 4 වැනි කඩුල්ලට ලකුණු 82ක සබදතාවක් ද ගොඩ නගනවා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- සාන්ත අන්තෝනි විද්‍යාලය – සියලුම දෙනා දැවී 158 (50.0)සදෙව් අමරකෝන් 31, කෞෂික කුමාරසිංහ 35, කෙවන් ප්‍රනාන්දු නොදැවී 34, මලිත් රත්නායක 3/23, ස්වෙත් අනුරජීව 3/25
- ත්‍රිත්ව විද්‍යාලය – කඩුලු 4ක් දැවී 159 (45.3) දිමන්ත මහවිතාන 74, ආදම් හිල්මි 22, චනිරු සේනාරත්න නොදැවී 44, රයන් ග්‍රෙගරි 2/30
ත්‍රිත්ව විද්‍යාලයට කඩුලු 6ක ජයක්.
- දිදුල, සඳරු සහ කවිජ කැපී පෙණෙන දක්ෂතා දක්වයි
- සාන්ත ඇලෝසියස් විද්‍යාලය අවසන් සටනට
- බංගලි යෞවනයන් දීර්ඝ තරග සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට
- දේවපතිරාජ විද්‍යාලය අවසන් මහා තරගයට
- මහින්ද සහ තර්ස්ටන් විද්‍යාල සම ශූරයින් ලෙස කිරුළු දරයි
මේ අතර අද (15) දවසේ දී දෙදින සුහද තරග කිහිපයක් ද නිමා වූවා. ඒ අතුරින් රත්ගම දේවපතිරාජ විද්‍යාලය, අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලයට එරෙහි ව ඉනිමක සහ ලකුණු 16ක ජයක් ලබා ගැනීමට සමත් වීම කැපී පෙණුනා.
එම තරගයේ දී දේවපතිරාජ විද්‍යාලයේ සඳරු මල්ශාන් ඉනිම 2 දී ලකුණු 95කට කඩුලු 12ක් දවා ගැනීමට සමත් වෙනවා.
මේ අතර කඳාන සාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ ශාරුජන් ශම්මුගනාදන් මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලයට එරෙහි ව පන්දු 100කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 103ක් ලබා ගනිමින් දක්ෂතා දැක් වූවා.
අද නිමා වූ තරගවල කෙටි ලකුණු පුවරු
මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය සහ කඳාන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය අතර තරගය සාන්ත සෙබස්තියන් විද්‍යාලයීය පිටියේ දී.
- සාන්ත බෙනඩික්ට් විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 263 (64.0)දිදුල එදිරිසූරිය 120, ට්‍රිශාන් සිල්වා 29, විහඟ රත්නායක 21, මානික්‍ය දේශප්‍රිය 35, අයේෂ් ගජනායක නොදැවී 20, අදේශ් අල්මේදා 2/33, මලින්ත සිල්වා 2/77, අදීශ තිලකරත්න 2/30, රයන් දිසානායක 2/62
- සාන්ත සෙබස්තියන් විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 264 (78.4)උශේන් සිල්වා 45, ලශේන් ප්‍රනාන්දු 68, රයන් දිසානායක 40, අදේශ් අල්මේදා 36, ශෙෆාන් ප්‍රනාන්දු නොදැවී 28, අයේෂ් ගජනායක 3/40, මෙවන් දිසානායක 3/68, සමිඳු පීරිස් 2/40
- සාන්ත බෙනඩික්ට් විද්‍යාලය– දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී 211 (43.0)දිදුල එදිරිසූරිය 20, සමිඳු පීරිස් 27, ශාරුජන් ශන්මුගනාදන් නොදැවී 103, මෙන් දිසානායක නොදැවී 55, රයන් දිසානායක 2/73
තරගයේ විසඳුමක් නෑ.
කුරුණැගල සාන්ත ආනා විද්‍යාලය සහ වත්තල සාන්න අන්තෝනි විද්‍යාලය අතර තරගය සාන්ත ආනා විද්‍යාලයීය පිටියේ දී.
- සාන්ත ආනා විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 249 (67.0)දිනුග අබේසේකර 33, කුශාන් සුබසිංහ 95, චමිත් සසෙන්ජන 83, කවිඳු සේනාදි 6/59
- සාන්ත අන්තෝනි විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 184 (86.5)ශනෙල් යෝගරත්න 38, තරුශ ප්‍රනීත් 30, චමොද් සංදීප 26, රිද්ම කොළඹගේ නොදැවී 55, කෙවින් නානායක්කාර 5/88, යශ්මිත් ජයසුන්දර 2/23, ශෙහාන් කුමාර 3/26
- සාන්ත ආනා විද්‍යාලය- දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 101 (24.3) දිනුග අබේසේකර 22, කුශාන් සුබසිංහ නොදැවී 33, බුද්ධිම නන්දසිරි 37, කවිඳු සේනාදි 2/50
තරගයේ විසඳුමක් නෑ.
රත්ගම දේවපතිරාජ විද්‍යාලය සහ අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලය අතර තරගය අම්බලන්ගොඩ මහජන ක්‍රීඩාංගණයේ දී.
- ශ්‍රී දේවානන්ද විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 161 (49.1)දනිඳු ඉනෝෂ 33, ආංශු ප්‍රේමචන්ද්‍ර 21, මහිම් දේශායි 70, සඳරු මල්ශාන් 7/55
- දේවපතිරාජ විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 285 (82.3)අරෝෂ සිතුමිණ 25, පුල්ජිත් වත්සුක 23, ගිම්හාන් රසාංජන 62, සඳරු මල්ශාන් 26, මතීශ සාරංග 43, යසිරු ලක්ශාන් 34, රවිඳු ද සිල්වා 5/100, සවිනු ගිහන්සිත් 3/35
- ශ්‍රී දේවානන්ද විද්‍යාලය- දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 108 (34.0) රවිඳු ද සිල්වා 37, මහිම් දේශායි 26, සඳරු මල්ශාන් 5/40, දර්ශක සංදීප් 3/36
දේවපතිරාජ විද්‍යාලයට ඉනිමක සහ ලකුණු 16ක ජයක්.
පාසල් ක්‍රිකට් පිටියේ තරග උණුසුම සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.