කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය සහ මාතර සාන්ත සර්වේශස් විද්‍යාලය අතර කුරුණෑගල වෙළගෙදර ක්‍රීඩාංගණයේ දී පැවැති සුහද තරගය අද (13) විසඳුමකින් තොරව අවසන් වූවා.
කාසියේ වාසිය දිනා ගත් සත්කාරක ක්‍රීඩකයන්ගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි සාන්ත සර්වේශස් විද්‍යාලයීය ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට කඩුලු 9ක් දැවී ලකුළු 203ක් ලබා ගන්නවා.
එම ඉනිම වෙනුවෙන් නෙත්මල් බණ්ඩාර සහ සංජු ඩිල්ශාන් අර්ධ ශතක ඉනිම් වාර්තා කිරීමට කැපී පෙණුනා. නෙත්මල් බණ්ඩාර පන්දු 139කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 59ක් ද සහ සංජු ඩිල්ශාන් පන්දු 147කට මුහුණ දෙමින් ලකුණු 54ක් ද ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී ශෙහාන් කුමාර, යශ්මිත ජයසුන්දර සහ බසීර් ශාකීර් කඩුලු 3 බැගින් දවා ගත්තා.
සාන්ත ආනා විද්‍යාලය තම පළමු ඉනිම වෙනුවෙන් ලබා ගත්තේ සියලුම දෙනා දැවී ලකුණු 152ක් පමණයි. එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ ආරම්භක පිතිකරු වගීෂ රණසිංහ. ඔහු පන්දු 91කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 41ක් ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී රවීන් කවින්ත ලකුණු 54කට කඩුලු 5ක් දවා ගත් අතර ඊට අමතර ව සමිරු ගිම්හාන් ලකුණු 48කට කඩුලු 4ක් දවා ගත්තා.
- පෙසඳුගේ නායකත්වයේ ඉනිම තෝමසුවන්ට බලාපොරොත්තු ගෙන එයි
- අවසන් පූර්ව තරගයේ දී මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය පෙරමුණට පැමිණෙයි
- පාසල් ක්‍රිකට් පිටියේ තරග රැසක් තියුණු මුහුණුවරකට
- මලින්ත සහ සෙහඳු පන්දුවෙන් කැපී පෙනෙයි
- Youth පිටිය වැනසූ කෙල්ලෝ
ලකුණු 51ක් ඉදිරියෙන් සිටිමින් තම 2 වැනි ඉනිමට පිවිසි සාන්ත සර්වේශස් විද්‍යාලය තරගය අවසන් වන විට කඩුලු 7ක් දැවී ලකුණු 95ක් ලබා සිටියා. පළමු ඉනිමේ ද අර්ධ ශතකයක් ලබා ගත් නෙත්මල් බණ්ඩාර තරගය නතර කරන විට පන්දු 87කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 28ක් ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දී ශෙහාන් කුමාර ලකුණු 48කට කඩුලු 4ක් දවා ගත් අතර ඊට අමතර ව මනුජ විජේරත්න, බසීර් ශාකීල් සහ යශ්මිත ජයසුන්දර කඩුල්ල බැගින් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- සාන්ත සර්වේශස් විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 203 (92.4) විශ්ව සුපුන් 24, සංජු ඩිල්ශාන් 54, නෙත්මල් බණ්ඩාර 59, බසීර් ශාකීල් 3/41, ශෙහාන් කුමාර 3/26, යශ්මිත ජයසුන්දර 3/33
- සාන්ත ආනා විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 152 (55.3) වගීෂ රණසිංහ 41, කුශාන් සුබසිංහ 27, බුද්දිම නන්දසිරි 24, කෙවින් නානායක්කාර නොදැවී 23, රවීන් කවින්ත 5/54, සමිරු ගිම්හාන් 4/48
- සාන්ත සර්වේශස් විද්‍යාලය – දෙවැනි ඉනිම කඩුලු 7ක් දැවී 95 (45.6) විශ්ව සුපුන් 23, නෙත්මල් බණ්ඩාර නොදැවී 28, ශෙහාන් කුමාර 4/48
තරගයේ විසඳුමක් නෑ.
මේ අතර වයස අවුරුදු 19න් පහළ පළමු කොටසේ Tier B කාණ්ඩය නියෝජනය කරන කොළඹ වෙස්ලි විද්‍යාලය සහ වයස අවුරුදු 19න් පහළ දෙවැනි කොටස නියෝජනය කරන මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය අතර අද ආරම්භ වූ සුහද තරගයේ දී කිංග්ස්වුඩ් ක්‍රීඩකයෝ වැඩි දක්ෂතා දැක් වීම කැපී පෙණුනා.
- වෙස්ලි විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 129 (50.5) බිනොත් සංදිල් 25, රශ්මික අමරරත්න 34, කවිජ ගමගේ 4/49, ඩොමින්සර පීරිස් 4/11
- කිංග්ස්වුඩ් විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 5ක් දැවී 128 (39.0) චනුල් කොඩිතුවක්කු 22, මනුල විජේතුංග 31, ආදිල් ශෙරීෆ් 26, නිකේශල නානායක්කාර නොදැවී 27, දෙනුවන් නෙත්මල් 2/29
මෙම තරගය හෙට (14) 2 වැනි සහ අවසන් දිනයට ක්‍රියාත්මක වීමට නියමිතයි.
පාසල් ක්‍රිකට් පිටියේ තරග උණුසුම සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.