ගාලු ක්‍රීඩිකාවෝ 19න් පහළ Youth ශූරතාව දිනා ගනී

3
U 19 Girls Sri Lanka Youth League -

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කළ කාන්තා වයස අවුරුදු 19න් පහළ Youth League විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට Galle U 19 Girls කණ්ඩායම අද (15) සමත් වුනා.

සූරියවැව, මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගාවලියේ අවසන් මහා තරගය සඳහා එක් වූයේ ගාලු කණ්ඩායම සමඟින් Kandy U 19 Girls කණ්ඩායමයි.

එහි දී පළමුවෙන් පන්දුවට පහර දුන් මහනුවර ක්‍රීඩිකාවෝ සියලුම දෙනා දැවී ලකුණු 87ක් ලබා ගත් අතර එම ඉලක්කය කිසිවෙක් නොදැවී සපුරා ගැනීමට ගාලු ක්‍රීඩිකාවෝ සමත් වූවා.

Kandy U 19 Girls කණඩායම –

අසෙනි තලගුණේ (නායිකාව), හිරුණි දිසානායක (කඩුලු රකින්නිය), ප්‍රමුදි මෙත්සරා, විමෝක්ෂා බාලසූරිය, කවිශ්කා අබේරත්න, සඳුනි බෝලවත්ත, මිතාලි අයෝද්‍යා, දරණි දිසානායක, නිරාශා ගිම්හානි, මල්මි හේරත්, චමොධි මෙන්ඩිස්.

Galle U 19 Girls කණ්ඩායම –

රශ්මිකා සෙව්වන්දි (නායිකාව), සංජනා කාවින්දි, රිශ්මි සංජනා, හිරුණි හංසිකා, සුමුදු නිසංසලා (කඩුලු රකින්නිය), ලක්නි නිම්සරා, ශෙහාරා ඉඳුවරී, රශ්මි නේත්‍රාංජලී, චමෝදි මුණසිංහ, නෙතඟි ඉසුරංජලී, විශ්මි සාවින්දි.

අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනා ගත් මහනුවර ක්‍රීඩිකාවෝ පළමුවෙන් පන්දුවට පහර දීම තෝරාගත් නමුත් එම තීරණය සාධාරණීය කරණය කිරීමට ඔවුන් කිසිවෙක්ටත් හැකි වූයේ නැහැ.

ඔහුන්ගේ ඉනිමේ පළමු කඩුලු 7 ලකුණු 60ක් වෙද්දී දවා ගැනීමට ප්‍රතිවාදී පන්දු යවන්නියෝ සමත් වූවා. අනතුරු ව 8 වැනි කඩුල්ලේ දී 85ක දී ලකුණු 21ක් ලබා ගැනීමට නිරාශා ගිම්හානි (14*) සහ මිතාලි අයෝද්‍යා (12) සමත් වුනා. එය ඉනිමේ හොඳම ලකුණු සබඳතාව බවට ද පත් වුනා.

කඩුලු දවා ගැනීමේ දී හිරුණි හංසිකා ලකුණු 12කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යවන්නිය බවට පත් වුනා. ඊට අමතර ව චමෝදි මුණසිංහ ලකුණු 16කට කඩුලු 3ක් දවා ගනිමින් ඇයට අනගි සහයෝගයක් ලබා දුන් අතර ශෙහාරා ඉඳුවරී ද කඩුල්ලක් දවා ගත්තා.

ගාලු ඉනිම ආරම්භ කරන්නේ සංජනා කාවින්දි සහ හිරුණි හංසිකා විසින්. ඔවුන් දෙදෙනා එක් ව ආරම්භ කළ ඉනිම ජයග්‍රහණයෙන් කෙළවර කිරීමට ද ඔවුන් සමත් වෙනවා. ඒ අනුව ඔවුන් පන්දු 72ක් තුළ ලකුණු 88ක් ලබා ගනිමින් කඩුලු 10ක ජයග්‍රහණය ඔවුන් සතු කර ගන්නවා.

ගාලු ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූයේ හිරුණි හංසිකා. ඇය පන්දු 37කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් නොදැවී ලකුණු 41ක් ලබා ගන්නවා. සංජනා කාවින්දි ලබා ගත් ලකුණු සංඛ්‍යාව 27ක්. පන්දු 35කින් සමන්විත එම ඉනිමට හතරේ පහර 2ක් ද ඇතුලත් වුනා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

Kandy U 19 Girls කණඩායම – කඩුලු 9ක් දැවී 87 (20.0) විමෝක්ෂා බාලසූරිය 12, මිතාලි අයෝද්‍යා 12, නිරාශා ගිම්හානි නොදැවී 14, චමෝදි මුණසිංහ 3/16, හිරුණි හංසිකා 4/12

Galle U 19 Girls කණ්ඩායම – කිසිවෙක් නොදැවී 88 (11.5) සංජනා කාවින්දි නොදැවී 27, හිරුණි හංසිකා නොදැවී 41

Galle U 19 Girls කණ්ඩායමට කඩුලු 10ක ජයක්.

  • අවසන් මහා තරගයේ වීරයා – හිරුණි හංසිකා (Galle U 19 Girls කණ්ඩායම)
  • තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නිය – සෙහාරා ඉඳුවරී (Galle U 19 Girls කණ්ඩායම)
  • තරගාවලියේ දක්ෂතම පිතිකාරිනිය – සංජනා කාවින්දි (Galle U 19 Girls කණ්ඩායම)
  • තරගාවලියේ වීරයා – දැහැමි සෙනෙත්මා (Colombo U 19 Girls කණ්ඩායම)

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<