Youth පිටිය වැනසූ කෙල්ලෝ

U 19 Girls Sri Lanka Youth League 2024

3

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කළ කාන්තා වයස අවුරුදු 19න් පහළ Sri Lanka Youth League විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය පසුගියදා සූරියවැව, මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමා වූයේ ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් පිටියට අලුතින් ම ක්‍රීඩිකාවන් කිහිප දෙනෙක් ම දායාද කරමිනුයි.  

කණ්ඩායම් 4ක් එක් පැවැති මෙම තරගාවලියේ ශූරතාව ගාල්ල කණ්ඩායමට හිමි වූ අතර අනුශූරතාව මහනුවර කණ්ඩායම සතු වූවා.  

තරගාවලියේ ගමන් මඟ 

  Team 1  Team 2  Results 
1  Galle  Dambulla  Galle කණ්ඩායමට ලකුණු 81ක ජයක්. 
2  Colombo  Kandy  Kandy කණ්ඩායමට කඩුලු 6ක ජයක්.  
3  Dambulla  Colombo  Colombo කණ්ඩායමට කඩුලු 4ක ජයක්.  
4  Galle  Kandy  Galle කණ්ඩායමට ලකුණු 49ක ජයක්.  
5  Galle  Colombo  Galle කණ්ඩායමට ලකුණු 12ක ජයක්.  
6  Dambulla  Kandy  Kandy කණ්ඩායමට කඩුලු 6ක ජයක්.  
7  Colombo  Kandy  Kandy කණ්ඩායමට කඩුලු 5ක ජයක්.  
8  Dambulla  Galle  වර්ෂාව හේතුවෙන් තරගය අතහැර දැමුවා.  
9  Kandy  Galle  Galle කණ්ඩයමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත කඩුලු 9ක ජයක්.  
10  Colombo  Dambulla  Colombo කණ්ඩායමට ලකුණු 39ක ජයක්.  
11  Dambulla  Kandy  Kandy කණ්ඩායමට කඩුලු 5ක ජයක්.  
12  Colombo  Galle  Galle කණ්ඩායමට කඩුලු 7ක ජයක්.  
  අවසාන මහා තරගය 
13  Galle  Kandy  Galle කණ්ඩායමට කඩුලු 10ක ජයක්.  

 

තරගාවලියේ දක්ෂතම පිතිකාරිනියෝ 

  • තරගාවලියේ වීරයා – දැහැමි සනෙත්මා (Colombo U 19 Girls කණ්ඩායම)

කොළඹ අනුලා විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට අවතීර්ණ වූ දැහැමි සෙනෙත්මා නිමා වූ තරගාවලියේ දී ඉනිම 6ක දී ලකුණු 139ක් ලබා ගනිමින් දක්ෂතා දැක් වූ පිතිකාරිනියන් අතුරින් පළමු අසුනට පත් වෙනවා.  

ඇය තරගාවලියේ දී වැඩිම ලකුණු ලබා ගන්නේ ගාල්ල කණ්ඩායමට එරෙහිවයි. ඇය එහි දී ගාල්ල සමඟ පැවැති පළමු තරගයේ දී පන්දු 34කට මුහුණ දෙමින් හතෙර් පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 35ක් ද සහ නැවත ගාල්ල සමඟ පැවැති තරගයේ දී පන්දු 38කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 40ක් ද ලබා ගන්නවා.  

ඇය මෙම තරගාවලියේ තමන් සහභාගී වූ ඉනිම් 6න් 5ක දී ම නොදැවී පිටියේ රැඳී සිටිම කැපී පෙණුන අතර ඒ අනුව ඇයගේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය තරගයකට 139.0ක් බවට ද පත් වුනා.  

දකුණතින් මඳ වේග පන්දු යවන ඇය පන්දු යැවීමේ දී ද කඩුලු 4ක් දවා ගන්නවා.  

මේ වෙද්දී ඇය වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් එක්දින සහ විස්සයි විස්ස තරගවලට සහභාගී වී සිටිනවා. 

  • තරගාවලියේ දක්ෂතම පිතිකාරිනිය – සංජනා කාවින්දි (Galle U 19 Girls කණ්ඩායම)

තරගාවලියේ දක්ෂතම පිතිකාරිනියන් ලැයිස්තු ගත කිරීමේ දී ඒ ලෙසින් පළමු ස්ථානය හිමිකර ගත් කොළඹ කණ්ඩායමේ දැහැමි සෙනෙත්මා තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙසින් සම්මාන දිනා ගනිද්දී මෙම ලැයිස්තුවේ 2 වැනි ස්ථානය දිනා ගත් ගාල්ල කණ්ඩායමේ සංජනා කාවින්දි තරගාවලියේ දක්ෂතම පිතිකාරිනිය ලෙසින් සම්මාන දිනා ගන්නවා.

ඇය මෙම තරගාවලියේ දී තරග 6ක ඉනිම් 5ක දී ලකුණු 125ක් ලබා ගනිමින් මෙම ඇගයීමට හිමිකම් කියනවා. මෙම දක්ෂතා ලැයිස්තුවේ ඇයගේ හොඳම ඉනිම බවට පත් වෙන්නේ මහනුවර කණ්ඩායමට එරෙහි ව පන්දු 44කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලබා ගත් ලකුණු 43යි.  

රත්ගම දේවපතිරාජ විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට අවතීරණ වු ඇය තවත් 15 හැවිරිදි වියේ පසුවෙන්නියක්. එසේ වූව ද ඇය මේ වන විට ද ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම නියෝජනය කිරීමට සමත් ව සිටින අතර නිමා එංගලන්තය, ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැති තුන්කොන් එක්දින සහ විස්සයි විස්ස තරගාවලියේ සටන්කාමී පිතිකාරිනියක් ලෙසින් ද දක්ෂතා දැක් වූවා.  

එහි දී ඇය ඔස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහි ව පැවැති එක්දින තරගයේ දී අර්ධ ශතකයක් වාර්තා කිරීමට ද සමත් වූවා.  

ඔවුන් දෙදෙනාට අමතර ව මෙම ලැයිස්තුවේ තෙවැනි ස්ථාන ගාල්ල කණ්ඩායමේ හිරුණි හංසිකා හිමිකර ගනිද්දී කොළඹ කණ්ඩායමේ එරන්දි වර්ණකුලසූරිය සිව් වැනි ස්ථානයත් සහ මහනුවර කණ්ඩායමේ කවිශ්කා අබේරත්න 5 වැනි ස්ථානයත් හිමිකර ගන්නවා.  

තරගාවලියේ වාර්තා වෙන්නේ අර්ධ ශතක 2ක් පමණක් වන අතර එය ගාලු කණ්ඩායම නියෝජනය කළ හිරුණි හංසිකා සහ රශ්මිකා සෙව්වන්දි අතර බෙදී යනවා.  

ඒ අතර තරගාවලියේ පිතිකාරිනියක් විසින් ඉනිමක වාර්තා කරන ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාව වූයේ හිරුණි හංසිකා විසින් Dambulla කණ්ඩායමට එරෙහි ව ලබා ගන්නා ලද ලකුණු 51යි. පන්දු 42කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සමඟින් වාර්තා කරන ලද එම ඉනිම තරගාවලියේ ලබා ගත් ප්‍රථම අර්ධ ශතකය ද වූවා. 

රශ්මිකා සෙව්වන්දි විසින් ලබා ගන්නා ලද අර්ධ ශතකය Colombo කණ්ඩායමට එරෙහිව ලබා ගන්නා ලදි. 

මේ අතර තරගාවලියේ වැඩිම හතරේ පහර එල්ල කළ ක්‍රීඩිකාව ලෙසින් ලැයිස්තු ගත වෙන්නේ කොළඹ කණ්ඩායමේ එරන්දි වර්ණකුලසූරියයි. ඇය හතරේ පහර 19ක් සහ හයේ පහරක් එල්ල කරමින් එම ලැයිස්තුවේ පළමු ස්ථානයට පත් වෙනවා.   

  Player  Team  Mat  Inns  Runs  HS  Ave  50s 
1  දැහැමි සෙනෙත්මා  Colombo  6  5  139  40*  139.0  0 
2  සංජනා කාවින්දි   Galle    5  125  43  31.25  0 
3  හිරුණි හංසිකා   Galle  6  4  110  51  36.67  1 
4  එරන්දි වර්ණකුලසූරිය  Colombo  6  6  108  35  18.0  0 
5  කවිශ්කා අබේරත්න   Kandy  6  6  97  32*  32.33  0 

 

පන්දු යවන්නියන්ගේ දක්ෂතා 

  • තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නිය – ශෙහාරා ඉඳුවරී (Galle U 19 Girls කණ්ඩායම)

තරගාවලියේ වැඩිම කඩුලුලාභීන් අතර පෙරමුණ ගැනීමට ගාල්ල කණ්ඩායමේ ශෙහාරා ඉඳුවරි සමත් වෙනවා. රත්ගම දේවපතිරාජ විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට පිවිසි ඇය තරග 6ක දී කඩුලු 9ක් ලබා ගනිමින් මෙම ලැයිස්තුවේ පළමු ස්ථානයට පත් වෙන අතර ඇයගේ ඉනිමක හොඳම පන්දු යැවීම ලෙසින් සටහන් වෙන්නේ මහනුවර කණ්ඩායමට එරෙහි ව ලකුණු 23කට දවා ගත් කඩුලු 4යි.   

අවසන් මහා තරගයේ දී ද ඇය ප්‍රතිවාදී කඩුල්ලක් දවා ගන්නා ලද අතර ඒ අනුව මෙම තරගාවලියේ දී ඇය සතුවන කඩුලු ප්‍රමාණය 10ක්.  

මේ අතර තරගාවලියේ ඉනිමක හොඳම පන්දු යැවීමේ වාර්තාව අගනුවර කණ්ඩායමේ විශ්මි සොයිසා සතු කර ගන්නවා. ඇය මෙම දක්ෂතාව දක්වන්නේ දඹුල්ල කණ්ඩායමට එරෙහි ව ලකුණු 07කට කඩුලු 4ක් දවා ගනිමිනුයි.  

  Player  Team  Mat  Overs  Runs  Wkts  Best  3s 
  ශෙහාරා ඉඳුවරි  Galle  6  16.0  72  9  4/23  1 
  විශ්මි සොයිසා  Colombo  5  18.2  75  8  4/07  1 
  ප්‍රමුධි මෙත්සරා  Kandy  6  19.5  112  8  3/23  1 
  වගීෂ ජයවර්ධන  Dambulla  6  18.0  77  6  2/20  0 
  දනුලි තෙන්නකෝන්  Dambulla  6  18.2  99  6  2/19  0 

 

  • අවසන් මහා තරගයේ වීරයා – හිරුණි හංසිකා (Galle U 19 Girls කණ්ඩායම)

රත්ගම දේවපතිරාජ විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට පිවිසි හිරුණි හංසිකා තවමත් 17 වැනි වියේ පසුවෙන තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන ක්‍රීඩිකාවක්. අවසන් මහා තරගයේ දී ඇය තුන් ඉරියව්වෙන් ම දක්ෂතා දැක් වීම කැපී පෙණුනා.  

පිතිකාරිනියක් ලෙසින් ඇය පන්දු 37කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් නොදැවී ලකුණු 41ක් ලබා ගන්නා ලද අතර පන්දු යැවීමේ දී ලකුණු 12කට කඩුලු 4ක් දවා ගන්නවා. 

ඇය මෙම තරගාවලියේ අවසන් මහා තරගයට පෙර තරග 5ක ඉනිම් 4කට සහභාගී වෙමින් ලකුණු 110ක් ලබා ගන්නවා. ඊට තරගාවලියේ ආරම්භක තරගයේ දී ලබා ගන්නා ලද අර්ධ ශතක ඉනිම ද ඇතුලත්.  

පිතිකාරිනියක ලෙසින් දැක් වූ එම දක්ෂතාවලට අමතර ව ඇය පන්දුවාර 5ක් පමණක් යවා කඩුල්ලක් ද ලබා ගන්නවා.  

මේ වන විට ද ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම නියෝජනය කර ඇති ඇය මේ වසර ආරම්භයේ මෙරට දී පැවැති ඔස්ට්‍රේලියාව, එංගලන්තය සහ ශ්‍රී ලංකාව සහභාගී වූ තුන්කොන් විස්සයි විස්ස තරගාවලිය මෙන් ම එක්දින තරගාවලිය ද නියෝජනය කළා. 

වයස අවුරුදු 19න් පහළ Girls Sri Lanka Youth League ක්‍රිකට් තරගාවලිය එක් වූ සියලුම ක්‍රීඩිකාවන්ට ThePapare වෙතින් උණුසුම් සුබ පැතුම්! 

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<