ලයිසියම් සහ සාන්ත ජෝන් සම ශූරයන් ලෙසින් නම් කෙරේ

U 19 Division ii Limited Over Tournament 2023

348

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය, ශ්‍රී ලංකා ක්‍රිකට් හා එක් ව සංවිධානය කරන ලද අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ දෙවැනි පෙළ Tier A කොටසේ සම ශූරයන් ලෙසින් වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල සහ පානදුර සාන්ත ජෝන් විද්‍යාලය පත් වුනා.

මෙම කොටසේ අවසන් මහා තරගය (16දා) හම්බන්තොට, සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට සියලු විධිවිධාන යොදා තිබුණ ද පැවැති අයහපත් වාතාවරණය මත තරගය එකඳු පන්දුවක් හෝ නොයවා අතහැර දැමීමට සංවිධායකයන්ට සිදු වූවා. 

වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල තම පළමු වටය අවසන් කරන්නේ කාණ්ඩ ශූරයන් ලෙසින් වන අතර ඔවුන් අර්ධ අවසන් පූර්ව වටයේ දී අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලය පරාජය කරමින් අවසන් පූර්ව වටයට පිවිසෙන අතර එම වටයේ දී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වෙන්නේ යාපනය සාන්ත ජෝන්ස් විද්‍යාලයයි.  

එම තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමෙන අතර ඒ අනුව පෙර වටයන් හී වැඩිම ප්‍රසාද ලකුණුලාභියා ලෙසින් ලයිසියම් ක්‍රීඩකයෝ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගන්නවා. ලයිසියම් ජාත්‍යන්තර පාසල පෙර වසරේ ද මෙම තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත් අතර එහි දී ඔවුන්ට හිමි වූයේ අනුශූරතාවයි.  

පානදුර සාන්ත ජෝන්ස් විද්‍යාලය තම පළමු වටය අවසන් කරන්නේ කාණ්ඩ අනුශූරයන් ලෙසයි. ඒ අනුව ඔවුන් අර්ධ අවසන් පූර්ව වටයේ දී හමුවූ මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය පරාජය කරමින් අවසන් පූර්ව වටයට පිවිසෙනවා.  

එම වටයේ දී ඔවුන් පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය පරාජය කරමින් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගන්නවා.  

ලයිසියම් ජාත්‍යන්තර පාසල් කණ්ඩායම: ලස්කිත උදේශ් (නායක), ගරුක සංකේත්, සනුජන් බාස්කරන්, කෙවින් පෙරේරා, බිම්සර වීරසිංහ, ශවිඳු සිල්වා, දනිඳු නවරත්න, ඔමල්ක හපුආරච්චි, තරුෂ රණසිංහ, විදුශ විජේරත්න, ශලිල ප්‍රභාෂ්වර, තුශාන් ප්‍රනාන්දු, සදෙව් හෙට්ටිආරච්චි, දිනෙව් පුංචිහේවා, ගුවනිඳු ආටිගල, ට්‍රෙවින් නිශාන්තන්, මධුක පෙරේරා, සදීශ සිල්වා, නෙතුක බිනුක. 

නිලධාරීන්: මංජුල ප්‍රසන්න (ක්‍රිකට් භාර ආචාර්ය), ලාල් සේනාරත්න (ප්‍රධාන පුහුණුකරු), සංජය මෙන්ඩිස් (පුහුණුකරු), ඉසුරු පින්නදූව (පුහුණුකරු). 

සාන්ත ජෝන් විද්‍යාලයීය කණ්ඩායම: දෙනෙත් ප්‍රයංග පීරිස් (නායක), ගීත්ම ප්‍රනාන්දු, චනුක ද මෙල්, හිමාෂ් ආදිත්‍ය, සඳුන් මෙන්ඩිස්, රවිඳු පෙරේරා, රවිඳු කරුණාරත්න, හිරුෂ පීරිස්, මධුශ මෙන්ඩිස්, ලසිඳු බණ්ඩාර, ගිම්ශාන් විජේසේකර, චරිනු ප්‍රනාන්දු, කුසල් ප්‍රනාන්දු, විදත් රුක්ෂාන්, පසන් පීරිස්, නුවන් හර්ෂණ, කලන මධුශාන්, සඳුන් පද්මතිලක, තවීෂ රාජපක්ෂ, තරුල් ලක්සඳ. 

නිලධාරීන්: නාමල් ලෙනෝරා (ක්‍රිකට් භාර ආචාර්ය), උදාර මද්දුමගේ (ප්‍රධාන පුහුණුකරු), දිනුෂ්ක මධුශාන් (සහාය පුහුණුකරු). 

මෙම තරගාවලියේ Tier B කොටසේ අවසන් මහා තරගය ද වර්ෂාව හේතුවෙන් අතරමඟ නතර කෙරුණ අතර එහි දී ඊට සහභාගී වූ කොළඹ අසෝක විද්‍යාලය සහ යාපනය මධ්‍ය මහා විද්‍යාලය සම ශූරයන් ලෙසින් නම් කෙරුණා.  

මෙම තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවය ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ උප සභාපති, ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයේ විදුහල්පති ප්‍රසන්න සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වූ අතර මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ උප ලේකම් ලීලානන්ද කුමාරසිරි සහ වයස අවුරුදු 19න් පහළ තරගාවලි ලේකම් වයි. නිශාන්ත කුමාර යන මහත්වරුන් ද සහභාගී වූවා.  

දිනෙන් දින උණුසුම් වන ක්‍රිකට් පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමටThePapare  සූදානම්, රැඳී සිටින්නThePapare සමඟින්.  

 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<