ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ Tier B කාණ්ඩයේ අවසන් මහා තරගය මේ මස 02 සහ 03 දෙදින මග්ගොන Surrey Village ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.
මෙම තරගය සඳහා තිඹිරිගස්කටුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය සහ පානදුර රාජකීය විද්‍යාලය සුදුසුකම් ලබා තිබේ. මෙම කණ්ඩායම් ද්විත්වය මෙම තරගාවලියේ පළමු වටයේ දී ද එකිනෙකා හමු වූ අතර එහි දී මාරිස් ස්ටෙල්ලා ක්‍රීඩකයෝ පානදුර රාජකීය විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට සමත් වුහ.
කෙසේ වෙතත් මෙම කණ්ඩායම් ද්විත්වය මේ වන විට ද ඉදිරි වසරේ තරගාවලියේ දී වයස අවුරුදු 19න් පහළ දෙවැනි කොටසේ ක්‍රිකට් තරගාවලියේ Tier A කාණ්ඩයෙන් තරග පිටියට පිවිසීමට සුදුසුකම් ලබා තිබේ.
මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය
මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය අර්ධ අවසන් පූර්ව වටය සඳහා එක් වෙන්නේ තරගාවලියට එක් වූ Y කාණ්ඩයෙන් පළමු ස්ථානයට පත් වෙමිනි.
ඔවුන් අර්ධ අවසන් පූර්ව වටයේ දී ජාඇල ක්‍රිස්තුරාජ විද්‍යාලය පරාජය කරමින් අවසන් පූර්ව වටයට එක් වෙන අතර එම වටයේ දී ඔවුන් කෝට්ටේ ජානාධිපති විද්‍යාලය පරාජය අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්හ.
මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයීය නායකයා ලෙසින් යොහාන් ප්‍රනාන්දු කටයුතු කරනු ලබන අතර උප නායකයා ලෙසින් සොනාල් නෙත්මින කටයුතු කරන්නේය.
මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – යොහාන් ප්‍රනාන්දු (නායක), සොනාල් නෙත්මිණ (උප නායක), සමෝද් අප්පුහාමි, රවිඳු රාජපක්ෂ, ශවීන් පෙරේරා, නදීෂ රාජකරුණා, මනීෂ නිම්සර, සෙනේශ් පංචම, සදරු අංජන, නවාංජය සදෙව්, ඔමිත් පෙරේරා.
ඇන්තනී ෆ්‍රැන්සිස් සහෝදරතුමා (ක්‍රිකට් භාර ආචාර්ය), මෙවන් ප්‍රනාන්දු (පුහුණුකරු)
- සිතාර සහ සහන් මහනුවර ආරක්ෂා කරයි
- 2024 LPL ක්‍රීඩක වෙන්දේසියට විදෙස් ක්‍රීඩකයින් රැසක් ලියාපදිංචි වෙයි
- ගාල්ල සහ මහනුවර ගැටෙන NSL අවසන් තරගය
- ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ 2 වැනි ජයත් වාර්තා කරයි
- නුවනිඳුගේ පිත්ත සහ සහන්ගේ පන්දුව ශ්‍රී ලංකා ජය තහවුරු කරයි!
පානදුර රාජකීය විද්‍යාලය
පානදුර රාජකීය විද්‍යාලය ද පළමු වටය සඳහා එක් වෙන්නේ Y කාණ්ඩය නියෝජනය කරමිනි. ඔවුන් එම වටයේ දී 2 වැනි ස්ථානය හිමිකර ගනිමින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වූහ.
පානදුර රාජකීය විද්‍යාලය අර්ධ අවසන් පූර්ව වටයේ දී මහනුවර කිංස්වුඩ් විද්‍යාලය පරාජය කරන ලද අතර අවසන් පූර්ව වටයේ දී අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න පරාජය කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේය.
පානදුර රාජකීය විද්‍යාලයේ නායකයා ලෙසින් යසිත් ප්‍රනාන්දු කටයුතු කරන අතර උප නායකත්වයේ වගකීම සෙතික දිල්මිත් වෙත පැවැරී තිබේ.
පානදුර රාජකීය විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – යසිත් ප්‍රනාන්දු (නායක), සෙතික දිල්මිත් (උප නායක), තිනාල් සොයිසා, දිමත් ජයසිංහ, සදෙව් විජේරත්න, සත්සර සුගතදාස, සෙහඳ ප්‍රනාන්දු, ජොහාන් පතිරණ, ලකිඳු චංචල, නිම්සර ආකාශ්, කවීෂ පෙරේරා, කේශව සුභාග්‍ය, චලන පෙරේරා, අරුණ ප්‍රනාන්දු, කනිශ්ක යටවර, සෙනුර බණ්ඩාර, ලසිරු සඳකැන්, තවීෂ ප්‍රනාන්දු.
ඩී. ඒ. කෙනත් (ක්‍රිකට් භාර ආචාර්ය), තරංග ද සිල්වා (පුහුණුකරු).
දෙස් විදෙස් පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<