මාරිස් ස්ටෙල්ලා ක්‍රීඩකයෝ ජයග්‍රහණය ආසන්නයට

90
U 19 Div ii Tier B Final Match

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ දෙවැනි කොටසේ Tier B කාණ්ඩයේ අවසන් මහා තරගය මග්ගොන දී ආරම්භ වූවේ ය.

එම තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි පානදුර රාජකීය විද්‍යාලයීය ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 182ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් තම පළමු ඉනිමට පිටියට පිවිසි මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය තරගය පළමු දිනයට නතර කරන විට කඩුලු 5ක් දැවී ලකුණු 153ක් ලබා සිටියේ ය.

ඒ අනුව ඔවුන්ට ප්‍රතිවාදීන් පසු කිරීමට තවත් ඇත්තේ ලකුණු 29ක් පමණක් වන අතර ඒ සඳහා ඔවුන්ට තවත් කඩුලු 5ක් අතැතිව තිබේ.

ක්‍රීඩාංගණය – Surrey Village ක්‍රිකට් ක්‍රීඩාංගණය, මග්ගොන

කාසියේ වාසිය – පානදුර රාජකීය විද්‍යාලය

පානදුර රාජකීය විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – යසිත් ප්‍රනාන්දු (නායක), ජොහාන් පතිරණ (කඩුලුරකින්නා), රන්මිරු ප්‍රනාන්දු, ලසිරු සඳකැන්, කවීෂ ප්‍රනාන්දු, සත්සර නිලංජිත්, ගවීන් යටවර, සෙනුර නිලාන්, සදෙව් විජේරත්න, දිමත් ජයසිංහ, සෙතික දිල්මිත්.

මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – සොනාල් නෙත්මිණ (නායක), නදීශ රාජකරුණා (කඩුලු රකින්නා), නිම්සර සෙනරත්, ශවේන් පෙරේරා, යොහාන් ප්‍රනාන්දු, සමෝද් නිම්සර, රවිඳු රාජපක්ෂ, මිහිසර දිසානායක, සුවහස් යාපා, ශෙනේෂ් පංචම, විශ්ව පීරිස්.

කාසියේ වාසිය දිනා ගත් පානදුර රාජකීය විද්‍යාලයීය ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසෙමින් සියලුම දෙනා දැවී ලකුණු 182ක් ලබා ගත් හ. එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ නායක යසිත් ප්‍රනාන්දු ය. ඔහු පන්දු 76කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 67ක් ලබා ගත්තේ ය.

ඔහුට අමතර ව ආරම්භක පිතිකරු රන්මිර ප්‍රනාන්දු පන්දු 44කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සමඟින් ලකුණු 48ක් ලබා ගත්තේ ය.

කඩුලු දවා ගැනීමේ දී යොහාන් ප්‍රනාන්දු ලකුණු 71කට කඩුලු 4ක් දවා ගත් අතර විශ්ව පීරිස් ද කඩුලු 2ක් දවා ගත්තේ ය.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි මාරිස් ස්ටෙල්ලා ක්‍රීඩකයෝ තරගය පළමු දිනයට නතර කරන විට කඩුලු 5ක් දැවී ලකුණු 153ක් ලබා සිටිය හ.

එම ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකරු නදීශ රාජකරුණා පන්දු 51කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 53ක් ලබා ගත්තේ ය. ලකුණු 10කට කඩුලු 2ක් දැවී තිබිය දී ශවේන් ප්‍රනාන්දු හා එක් වූ ඔහු 3 වැනි කඩුල්ලට ලකුණු 74ක සබඳතාවක් ද ගොඩ නැගීමට දායක වූවේ ය.

ශවේන් ප්‍රනාන්දු පන්දු 77කට මුහුණ දී හතරේ පහර 5ක් සමඟින් ලකුණු 77ක් ලබා ගත් අතර තරගය පළමු දිනයට නතර කරන විට යොහාන් ප්‍රනාන්දු පන්දු 70කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 39ක් ලබා සිටියේ ය.

කඩුලු දවා ගැනීමේ දී සත්සර නිලන්ජිත් ලකුණු 30කට කඩුලු 2ක් දවා ගත්තේ ය.

තරගයේ කෙටි ලකුණු පුවරුව

පානදුර රාජකීය විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 182 (56.5) රන්මිරු ප්‍රනාන්දු 48, යසිත් ප්‍රනාන්දු 67, කවීෂ පෙරේරා 20, විශ්ව පීරිස් 2/35, යොහාන් ප්‍රනාන්දු 4/71

මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 5ක් දැවී 153 (41.0) නදීශ රාජකරුණා 53, ශවේන් පෙරේරා 41, යොහාන් ප්‍රනාන්දු නොදැවී 39, සත්සර නිලංජිත් 2/30

තරගය අද (03) දෙවැනි සහ අවසන් දිනයට ක්‍රියාත්මකයි.

දෙස් විදෙස් පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<