නේමිත දහම්ගේ දක්ෂ පිතිහරඹයත් සහ විනුක් තෙව්නත් පෑ තුන් ඉරියව් දක්ෂතාත් හේතුවෙන් ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කළ අන්තර් පාසල් වයස අවුරුදු 13න් පහළ දෙවැනි කොටසේ ක්‍රිකට් තරගාවලියේ ශූරයන් බවට පත් වීමට කොළඹ මහානාම විද්‍යාලයීය වයස අවුරුදු 13න් පහළ කණ්ඩායම සමත් වුනා.
කොළඹ රාජකීය විද්‍යාලයීය ක්‍රිකට් පිටියේ දී (5දා) පැවැති අවසන් මහා තරගයේ ප්‍රතිවාදීන් වූයේ අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න විද්‍යාලයයි.
ඔවුන් මෙම තරගය සඳහා සුදුසුකම් ලබා ගන්නේ අවසන් පූර්ව වටයේ දී මතුගම ආනන්ද ශාස්ත්‍රාලයට එරෙහි ව විසඳුමකින් තොරව අවසන් කළ තරගයේ වැඩි ප්‍රසාද ලකුණු ලබා ගැනීමෙන් අනතුරුවයි.
මහනාම විද්‍යාලය අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගන්නේ කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයට එරෙහි ව පළමු ඉනිමේ ජයග්‍රහණයක් ලබා ගනිමිනුයි.
අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනා ගත් පී. ද එස්. කුලරත්න විද්‍යාලයීය නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි මහානාම විද්‍යාලයීය ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 130ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් තම පළමු ඉනිමට පිටියට පිවිසි පී. ද එස්. කුලරත්න විද්‍යාලීය ක්‍රීඩකයන්ට ලබා ගැනීමට හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 71ක් පමණයි.
ඒ අනුව ලත් පළමු ඉනිමේ ජයග්‍රහණයත් සමඟින් මහානාම විද්‍යාලයීය ක්‍රීඩකයෝ තරගාවලියේ ශූරයන් බවට පත් වුනා.
මහානාම විද්‍යාලයීය කණ්ඩායම
යෝෂිත රාජපක්ෂ (නායක), සනුක රිත්සඳ, අරෝෂ ශශ්වත්, විනුක් තෙව්නත්, පිනිත්‍ර අභිමාන්, තශ්මිල චනුත්, දිනුග හෙට්ටිආරච්චි (කඩුලු රකින්නා), හංස වීරසිංහ, සතිල සංකේත්, ටකේශ් පෙරේරා, නේමිත දහම්.
පී. ද එස්. කුලරත්න විද්‍යාලයීය කණ්ඩායම
සඳරු මලිංස (නායක), හිමාෂ දහම් (කඩුලු රකින්නා), කලණ දිනෝද්, තශ්මික ඉමාෂ්, තිදස් මෙන්ඩිස්, ගයුක සිතුප, දිදුල ද ආබෲ, සිනෙත් මෙන්ඩිස්, නිතිෂ් තාරුක, විහඟ සත්සර, තාරුක රන්මිර.
පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි මහානාම විද්‍යාලයීය ඉනිමේ පළමු කඩුලු 5 ලකුණු 32ක් වෙද්දී දවා ගැනීමට ප්‍රතිවාදීන් සමත් වීම කැපී පෙණුන ද අවසන් කඩුල්ලේ දී 66ක සබඳතාවක් ගොඩ නගමින් තම කණ්ඩායම ගොඩ ගැනීමට නේමිත දහම් සහ විනුක් තෙව්නත් සමත් වීම කැපී පෙණුනා.
ඔවුන් දෙදෙනා එක් ව පන්දුවාර විස්සකට අධික ප්‍රමාණයක් මේ වෙනුවෙන් වැය කළා. එහි දී නේමිත දහම් පන්දු 67කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 45ක් ලබා ගත් අතර විනුක් තෙව්නත් පන්දු 56කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 17ක් ලබා ගත්තා.
ඊට අමතර ව මහානාම ඉනිම වෙනුවෙන් පිනිත්‍ර අභිමාන් පන්දු 54ක දී ලකුණු 14ක් ද සහ සනුක රිත්සඳ පන්දු 20ක දී ලකුණු 14ක් ද ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී තාරුක රන්මිර ලකුණු 18කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව සිනෙත් මෙන්ඩිස් කඩුලු 2ක් ද, තිදස් මෙන්ඩිස්, තශ්මික ඉමාෂ් සහ ගයුක සිතුප කඩුල්ල බැගින් ද දවා ගත්තා.
- ශතක ත්‍රිත්වයක් සමඟ සාන්ත පීතර – රාජකිය ගැටුම ජය පැරදුමෙන් තොරව අවසන් වෙයි
- තිසර නාලන්දා විද්‍යාලය වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක
- බංග්ලාදේශ 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරයක
- දේවපතිරාජ සහ ඩී. එස්. අවසන් මහා ගැටුමට
- ශ්‍රී සුමංගල විද්‍යාලය පළමු ඉනිමේ ජයක් ලබයි
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි පී. ද එස්. කුලරත්න විද්‍යාලයීය ඉනිමේ ආරම්භය කිසිසේත් ම සාර්ථක වූයේ නැහැ. ඔවුන්ගේ පළමු පන්දුවාර 15 තුළ ලකුණු පුවරුව දැක්වුණේ ලකුණු 14ක් ලෙසයි. ඒ වෙද්දී ඔවුන්ට කඩුලු 5ක් ද අහිමි ව තිබුණා.
එලෙස ගිය ඔවුන්ගේ ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ තශ්මික ඉමාෂ්. ඔහු පන්දු 75කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 28ක් ලබා ගත්තා. ඊට අමතර ව නායක සඳරු මලිස පන්දු 26කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් ද සමඟින් ලකුණු 13ක් ලබා ගත්තා.
අනෙක් කිසිදු පිතිකරුවෙක්ට ඉලක්කම් 2 ලකුණු සංඛ්‍යාවකට පිවිසීමට මහානාම විද්‍යාලයීය පන්දු යවන්නෝ ඉඩ ලබා නොදුන් අතර එහි දී හොඳම පන්දු යැවීම වාර්තා කළේ ආරම්භක පන්දු යැවූ විනුක් තෙව්නත්. ඔහු ලකුණු 17කට කඩුලු 3ක් දවා ගත්තා.
ඊට අමතර ව අරෝෂ ශෂ්වත් සහ තශ්මිල චනුත් කඩුලු ද්විත්වය බැගින් ද පිනිත්‍ර අභිමාන් සහ සතිල සන්කෙත් කඩුල්ල බැගින් ද දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
මහානාම විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 130 (49.4) නේමිත දහම් නොදැවී 45, විනුක් තෙව්නත් 17, සිනෙත් මෙන්ඩිස් 2/28, තාරුක රන්මිර 3/18
පී. ද එස්. කුලරත්න විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 71 (41.2) තශ්මික ඉමාෂ් 28, සඳරු මලිංස 13, විනුක් තෙව්නත් 3/17, තශ්මිල චනුත් 2/20, අරෝෂ ශෂ්වත් 2/11
තරගයේ විසඳුමක් නෑ.
දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<