ලෝක ශූර බොක්සිං ක්‍රීඩක Tyson Fury (ටයිසන් ෆියුරි) සිය යළි ආගමනය වෙනුවෙන් ප්‍රදර්ශනාත්මක බොක්සිං තරගයකට සූදානම් වන බව වාර්තා වනවා.
එහි දී ඔහුගේ ප්‍රතිවාදියා වනු ඇත්තේ “ලොව ශක්තිමත්ම මිනිසා” ලෙස සම්මාන දිනා ඇති Hafthor “Thor” Bjornsson (හෆ්තොර් බ්යෝර්න්සන්).
ඊට අදාළ සාකච්ඡා මේ වන විට පැවැත්වෙමින් තිබෙන බව ෆියුරි විසින් මාධ්‍ය වෙත පවසා තිබෙනවා. 33 හැවිරිදි එංගලන්ත ජාතිකයෙකු වන ෆියුරි පසුගිය අප්‍රේල් මාසයේ දී බොක්සිං ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීම ප්‍රකාශයට පත්කළේ WBC හෙවිවෙයිට් බොක්සිං ශූරයා වශයෙන්. ඔහු ඇමරිකානු බොක්සිං ශූර Deontay Wilderට (ඩියෝන්ටේ වයිල්ඩර්) එරෙහිව ලැබූ ජයග්‍රහණ කිහිපයක් සමඟින් පසුගිය වසර කිහිපයේ දී ම බොක්සිං පුවත් මවන්නට වුනා.
ප්‍රදර්ශනාත්මක තරගයේ දී ඔහුගේ ප්‍රතිවාදියා වනු ඇතැයි සැලකෙන හෆ්තොර්, ශක්තිය මැන බලන ලෝක තරගාවලි රැසක දී ජනප්‍රිය වූ චරිතයක්. එකම වසරක දී ආනෝල්ඩ් ක්ලැසික්, යුරෝපයේ ශක්තිමත්ම මිනිසා සහ ලොව ශක්තිමත්ම මිනිසා යන සම්මාන ත්‍රිත්වයම දිනා ගත් එකම ක්‍රීඩකයා ලෙසයි ඔහුව සැලකෙන්නේ.
- සොනී ලිස්ටන් අභිරහස
- ඇලිසන් ෆීලික්ස්ගේ සුවිශේෂීත්වය
- මාස තුනක පූර්ණ විවේකයක් ගන්නැයි වෝන් කෝලිට කියයි
- ජැක්සන් වෝන් තම පියාට වූ පොරොන්දුව ඉටු කරයි
“ඒක පොඩි විනෝදයකුත් වෙයි”, ෆියුරි Telegraph සමඟින් අදහස් දක්වා තිබුණා.
“ඒක ලොකු දෙයක් වෙයි. අපි කියමු ප්‍රේක්ෂකයන් 70,000ක් විතර ඉන්න තැනකට බහින්න ලැබෙනවා කියලා. එයාට (හෆ්තොර්) බොක්සිං කියන්නෙ මොකක්ද කියලා පෙන්නන්න ලැබෙනවා කියලා. පාරක් දෙකක් මිස් කරලා එයාව නොකවුට් කරනවා කියලා.” ඔහු උද්දාමයෙන් පවසා තිබුණා.
මෙය බොක්සිං ක්‍රීඩාවේ ප්‍රවණතාවක්. අතිශය මුදල් ගැවසෙන ක්‍රීඩාවක් වන වෘත්තීය බොක්සිං ක්‍රීඩාවේ ජනප්‍රියත්වය වෙනුවෙන් මෙවැනි ප්‍රදර්ශනාත්මක තරග පැවැත්වීමෙන් දෙපාර්ශ්වයටම මුදල් ලැබෙන මුදල් කන්දරාව නිසා ඕනෑම ක්‍රීඩකයෙකු එවැනි ආරාධනයක් ප්‍රතික්ෂේප කරන්නේ කලාතුරකින්.
හෆ්තොර් ප්‍රසිද්ධ බොක්සිං ක්‍රීඩාවට අවතීර්ණ වුනේ 2021 වසරේ දීයි. මෙතෙක් තරග දෙකක දී අපරාජිත වන්නට සමත්ව තිබෙන ඔහු ෆියුරිගේ අදහස් දැක්වීම ගැන ප්‍රති-අදහස් දක්වා තිබුණේ,
“මට ගානක්වත් නෑ”, යනුවෙන්.
>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<