ටෝකියෝ ඔලිම්පික් ගම්මානයෙන් පළමු කොරෝනා ආසාදිතයා වාර්තා වී කෙටි දිනකට පසුව එම ගම්මානයේ සිටි ක්‍රීඩකයන් දෙදෙනෙකුට ද කොරෝනා වයිරසය ආසාදනය වී ඇතයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා.
ඔලිම්පික් ගම්මානය තුළ සිටි ක්‍රීඩකයන් කොරෝනා ආසාදිතයන් ලෙස හඳුනා ගත් පළමු අවස්ථාව මෙය වන අතර දකුණු අප්‍රිකානු පාපන්දු කණ්ඩායම නියෝජනය කිරීමට පැමිණි Thabiso Monyane සහ Kamohelo Mahlatsi යන ක්‍රීඩකයන් හට මෙලෙස කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව දකුණු අප්‍රිකානු පාපන්දු සම්මේලනය ප්‍රකාශ කළා.
ඔවුන්ට අමතරව දකුණු අප්‍රිකානු පාපන්දු කණ්ඩායමේ දත්ත විශ්ලේෂක Mario Masha හට ද කොරෝනා වයිරසය ආසාදනය වී ඇති අතර ඔවුන්ගේ ආශ්‍රිතයින් 21ක් දෙනෙකු ද සංවිධායකයින් විසින් හඳුනා ගෙන ඇති බව වාර්තා වෙනවා.
- ඉතිහාසය අලුත් කරමින් තවත් ශ්‍රී ලාංකිකයෙක් ඔලිම්පික් උළෙලට!
- ඔලිම්පික් ගම්මානයේ පළමු ආසාදිතයා විදේශයෙන් ආ සංවිධායකයෙක්
- Roger Federer ඔලිම්පික් සටනින් ඉවතට
- මිලියන ගණනක සිහින අරන් ඔලිම්පික් යන අපේ බලාපොරොත්තු
ඔවුන් සියල්ල තම කාමර තුළ නිරෝධායනයට යොමු කරමින් දිනපතා PCR පරීක්ෂා සිදු කිරීමට සංවිධායකයින් කටයුතු සූදානම් කර ඇති අතර ඉරිදා (18) තෙක් සිදු කළ පරික්ෂාවලින් කොරෝනා ආසාදනය වී නොමැති බව තහවුරු නොවූවන්ට ජෛව ආරක්ෂිත බුබුලක් යටතේ පුහුණුවීම් සිදු කිරීමට අවසර හිමිව තිබෙනවා.
මෙවර ඔලිම්පික් තරගාවලියේ දකුණු අප්‍රිකාව සහභාගී වන පළමු පාපන්දු තරගය බ්‍රහස්පතින්දා (22) ජපානය සමඟින් පැවැත්වීමට නියමිතයි.
මීට අමතරව ජපානය වෙත පැමිණි මහා බ්‍රිතාන්‍ය ඔලිම්පික් කණ්ඩායමේ ක්‍රීඩකයන් 6ක් සහ නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු 8 දෙනෙකු කොරෝනා ආසාදිතයෙකු හා සම්බන්ධ වී ඇති නිසාවෙන් ඔවුන් ද නිරෝධායනයට යොමු කර තිබෙනවා.
BBC ඇසුරෙනි.
>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<