රාජකීය – ත්‍රිත්ව බ්‍රැඩ්බි රග්බි කුසලානයේ දී විශිෂ්ට දස්කම් දැක්වීමට සමත් වූ ත්‍රිත්ව විද්‍යාලයේ ශාන් අල්තාෆ් මෙවර පාපන්දුවෙන් ද රාජකීයයන් අසරණ කිරීමට සමත් වුනා.
ත්‍රිත්ව විද්‍යාලයේ සත්කාරකත්වය යටතේ ජේ.ආර්.ජයවර්ධන කුසලානය සඳහා පැවැත්වෙන වාර්ෂික පාපන්දු තරගය අද රාජකීය සහ ත්‍රිත්ව විද්‍යාල අතර ක්‍රියාත්මක වූ අතර, එම තරගය ගෝල 2-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට ත්‍රිත්ව විද්‍යාලය සමත් වුනා.
මෙහි දී ත්‍රිත්ව විද්‍යාලයට බ්‍රැඩ්බි රග්බි කිරුළ දිනා දීමට මූලික වූ ශාන් අල්තාෆ් විසින් ගෝලයක් රැස් කිරීමට සමත් වූ අතර, අනෙක් ගෝලය උවින් විතානගේ සතු වුනා. එමෙන්ම උවින් තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස සම්මාන දිනා ගනිද්දී, ජසීම් රිස්වි දක්ෂතම දැල් රකින්නා ලෙස නම් කළා.
- SAFF U20 තරගාවලිය සඳහා ශ්‍රී ලංකා පාපන්දු සංචිතය නම් කරයි
- Nadalට පරාජයක්, රුමේනියාවට ඉතිහාසගත ජයග්‍රහණයක්!
- පිහිනන්න නොදැන ඔලිම්පික් ගිය පිහිනුම් ශූරයා
- ගංගා සිය තරග වටයේ පළමු ස්ථානයට!
මීට අමතරව 14න් පහළ A තරගය ගෝල 2-0ක් ලෙස ජය ගැනීමට රාජකීය විද්‍යාලය සමත් වූ අතර, B තරගය 0-0ක් ලෙස ජය පැරදුමෙන් තොරව නිමා වුනා.
මේ අතර 16න් පහළ A තරගය 1-0ක් ලෙස ත්‍රිත්ව ක්‍රීඩකයින් ජයග්‍රහණය කරනා අතරේ, B තරගය 1-0ක් ලෙස ජය ගැනීමට රාජකීයයන් සමත් වුනා. 18න් පහළ තරගය 0-0ක් ලෙස ජය පැරදුමෙන් තොරව නිමා වූ අතර, ත්‍රිත්ව විද්‍යාලයේ අමාර් ෆයිසාල් දක්ෂතම ක්‍රීඩකයා ලෙස සම්මාන දිනා ගත්තා.
දේශීය පාපන්දු පිටියේ උණුසුම ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<