ශ්‍රී ලංකා ක්‍රිකට් නව අධ්‍යක්ෂවරයා ලෙස පත්වූ හිටපු පුහුණුකරු Tom Moody මෙරට පළාත් සහ දිස්ත්‍රික් පුහුණුකරුවන්ගේ දස්කම් (කාර්ය සාධනය) ඇගයීමට නියමිතයි.
කෙසේ නමුත් දිස්ත්‍රික් සහ පළාත් පුහුණුකරුවන්ගේ ගිවිසුම් කාලය තවත් සය මසකින් දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.
ඉන්පසු Tom Moody සහ ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශන කමිටුවේ ප්‍රධානී අරවින්ද ද සිල්වා මහතා විසින් එම පුහුණුකරුවන්ගේ දක්ෂතා ඇගයීමට ලක්කිරීමට නියමිත අතර ඔවුන්ගේ කාර්ය සාධනය මත ඉදිරියේ දී කුමන අයවලුන්ට නැවත ගිවිසුම් ලබා දිය යුතු ද යන්න තීරණය කරනු ඇත.
තවත් ක්‍රිකට් පුවත්:
- පළමු තරගයේ දී ම තිසර දස්කම් අතරට
- කඩුලු 14ක් බිඳ වැටුණු දා; Bonnerගේ හිසේ පන්දුවක් වදියි
- 2021 T20 ලෝක කුසලානයේ සත්කාරක සටනට ශ්‍රී ලංකාවත්
- ඉරී ගිය සපත්තු මැලියම් ගා අලවන සිම්බාබ්වේ ක්‍රිකට් ක්රීඩකයින්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වන විට පළාත් පුහුණුකරුවන් 11 දෙනෙකු සහ දිස්ත්‍රික් පුහුණුකරුවන් 43 දෙනෙකු සමඟින් ගිවිසුම් ගතව ඇති අතර එම ගිවිසුම් කාලය මෙම මස (ජුනි) 15 වැනිදායින් අවසන් වේ.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<