පළමු වරට පැවැත්වීමට නියමිත Kashmir ප්‍රිමියර් ලීගය (KPL) සඳහා තරග වැදීම වෙනුවෙන් Muzaffarabad Tigers කණ්ඩායම විසින් හිටපු ශ්‍රී ලංකා සුපිරි පිතිකරු තිලකරත්න ඩිල්ෂාන් මිලට ගෙන තිබෙනවා.
පාකිස්තානු ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන මේ තරගාවලිය අගෝස්තු 6 වැනිදා සිට 16 දක්වා කණ්ඩායම් 6ගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතයි.
තවත් ක්‍රිකට් පුවත්
- එක්දින තරගාවලියේ පෙරමුණත් එංගලන්තයට
- වීදි සංචාරයේ ගිය ක්‍රීඩකයින් තිදෙනාට වැඩ වරදියි
- ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු නායකයින් හඬ අවදි කරයි
- වනිඳු හසරංග ලොව හොඳම T20 පන්දු යවන්නන් පහ අතරට
- දිවයිනට පැමිණි මෙන්ඩිස්, දික්වැල්ල සහ ගුණතිලක නිරෝධායනයට
- LPL තාක්ෂණික කමිටුවේ මුල් පුටුව හිටපු ක්‍රිකට් ක්රීඩකයෙකුට
තිලකරත්න ඩිල්ශාන්ට අමතරව දකුණු අප්‍රිකාවේ හිටපු ක්‍රීඩක Herschelle Gibbs, එංගලන්ත හිටපු ක්‍රීඩකයින් වන Monty Panesar, Matt Prior, Owais Shah සහ Phil Mustard යන ක්‍රීඩකයින් මේ තරගාවලියට එක්වනු ලබන විදෙස් ක්‍රීඩකයින් වෙනවා.
Overseas Warriors, Muzaffarabad Tigers, Rawalakot Hawks, Bagh Stallions, Mirpur Royals, Kotli lions යන කණ්ඩායම් 6 මේ තරගාවලියට එක්වනු ලබන කණ්ඩායම් වන අතර මූලික වටයේ දී සෑම කණ්ඩායමක් තරග 5 බැගින් ක්‍රීඩා කොට ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් 4 playoffs වටය දක්වා සුදුසුකම් ලබාගන්නවා.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<