ඕස්ට්‍රේලියානු නායක Tim Paineගෙන් ලොකු වැරැද්දක්

ඉන්දීය කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු සංචාරය 2020/21

962

ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර මේ වන විට පැවැත්වෙන තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වන දිනය අතරතුර ඕස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් නායක Tim Paine ක්‍රීඩකයින් සහ ක්‍රීඩක සහායක පිරිස් සඳහා වන ICC චර්යාධර්ම පද්ධතියේ 2.8 වන වගන්තිය උල්ලංඝනය කරමින් පිටියේ විනිසුරුවරුන්ට අපහාස කර තිබේ. 

ඕස්ට්‍රේලියාවේ සිඩ්නිහි දී පැවැත්වෙන මෙම තරගයේ දී ඉන්දීය පිතිකරු Cheteshwar Pujaraගේ දැවී යාමක් මුල්කර ගනිමින් Paine ඉල්ලීමක් කළ නමුත්, පිටියේ විනිසුරුවරෙයෙක් ලෙස කටයුතු කළ ඕස්ට්‍රේලියානු ජාතික Paul Wilson එය නොදැවී යෑමක් ලෙස ප්‍රකාශ කළේය. අනතුරුව ඕස්ට්‍රේලියානුවන් සිය Review (විනිසුරු තීරණ නැවත පරීක්ෂාව) අවස්ථාවක් යොදා ගන්නා ලදි. 

තවත් ක්‍රිකට් පුවත් කියවන්න: 

කෙසේ වෙතත් තෙවන විනිසුරු Bruce Oxenford විසින් එය නොදැවීමක් ලෙස තහවුරු කර තිබුනු මොහොතේ Tim Paine, Paul Wilson විනිසුරුවරයාට නොහොඹිනා වදනින් බැන වැදී තිබුනි. එම සංවාදය කඩුල්ලේ සවිකළ තිබූ මයික්‍රෝෆෝනයක් (stump mic) හරහා ග්‍රහණය වී තිබුනු අතර ඒ අනුව Tim Paine සිදුකර තිබෙන මෙම පළමු මට්ටමේ වරද සඳහා සිය තරග මුදලින් 15%ක ගාස්තුවක දඩ මුදලක් පනවා තිබේ. 

Paineගේ මෙම ප්‍රකාශයට පිළිතුරු වශයෙන් තමන් තෙවන විනිසුරු නොවන බවත්, ඔහු අවසානයේ දී ලබාදුන්නේ තෙවන විනිසුරු විසින් ලබාදුන් තීරණය බවද Paul Wilson විනිසුරුවරයා පවසා තිබුනි. 

Paine සිය වරද පිළිගෙන තරග තීරක David Boon ලබාදුන් දඬුවම් පිළිගත් අතර එම නිසා මෙම සිදුවීමට නිල නඩු විභාගයක් නොපැවැත්වෙනු ඇත. ICC චර්යා ධර්ම පද්ධතියේ පළමු මට්ටමේ උල්ලංඝනය කිරීමක් සිදුවූ විට ඒ සඳහා නිල අවවාද කිරීමක්, තරග ගාස්තුවෙන් 50% දක්වා දඩයක් සහ අයහපත් ලකුණු එකක් හෝ දෙකක් එම ක්‍රීඩකයාට දඬුවම් වශයෙන් ලබාදීමට ICCයට හැකිය. 

මෙම ටෙස්ට් තරගයේ සිව්වන දිනය නිමා වන විට ලකුණු 407ක ඉලක්කයක් හඹා යන ඉන්දීය කණ්ඩායම කඩුලු 2ක් දැවී ලකුණු 98ක් රැස්කර ගෙන සිටින්නේ සිය ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 309ක් පසුපසින් සිටිමිනි. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<