ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කළ ආරාධිත ක්‍රීඩා සමාජ Tier B එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනිමට Galle ක්‍රිකට් සමාජය අද (09) සමත් වුනා. ඔවුන් මීට පෙර මාසයේ දී Tier B කොටසේ ආරාධිත ක්‍රීඩා සමාජ තෙදින ක්‍රිකට් තරගාවලියේ ද ශූරයන් වීමට සමත් වීම කැපී පෙණෙනවා.
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ගාල්ල ක්‍රීඩකයන්ගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Malay ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 205ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් Galle කණ්ඩායම කඩුලු 8ක් පමණක් දැවී තවත් පන්දු 3ක් ඉතිරිව තිබිය දී ලකුණු 209ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කළා.
Malay CC – සුදාරක දක්ෂිණ (නායක), හිරන්ත ජයසිංහ, කාවින්ද ඊශ්වර, බුද්ධික මධුශාන්, අස්ලාන් සම්සුදීන්, ටෙරන් බාස්කරන් (කඩුලු රකින්නා), කලන මධුශංක, වෝශිත අමරසිංහ, ඉශාන් අබේසේකර, ලසේන් ගුණරත්න, මල්ක මධුශංක.
Galle CC – අමිත් එරංග (නායක), නිමන්ත ගුණසිරි, තරිඳු රුක්ශාන්, ලිසුල ලක්ශාන් (කඩුලු රකින්නා), රජීව වීරසිංහ, බුද්දික හසරංග, හසිත සුරංග, නිමන්ද සුබසිංහ, හංසමාන ද සිල්වා, චානක දේවින්ද, අමිත කෞශල්‍ය.
පළමුවෙන් පන්දුවට පහර දුන් Malay කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වූයේ බුද්ධික මධුශාන්. ඔහු පන්දු 104කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 67ක් ලබා ගන්නවා.
ඊට අමතර ව ආරම්භක පිතිකරු හිරන්ත ජයසිංහ ද පන්දු 43කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 40ක් ලබා ගන්නවා.
ඉනිමේ හොඳම ලකුණු සබඳතාව වන්නේ 8 වැනි කඩුල්ලට වෝෂිත අමරසිංහ සහ ඉශාන් අබේසේකර එක් කළ ලකුණු 41යි. එහි දී වෝෂිත අමරසිංහ පන්දු 41කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 37ක් ලබා ගත්තා.
ඉශාන් අබේසේකර ලබා ගත් ලකුණු සංඛ්‍යාව 15ක්. ඒ වෙනුවෙන් ඔහු පන්දු 16ක් පමණක් වැය කළ අතර ඊට හතරේ පහරක් ද ඇතුලත් වුනා.
කඩුලු දවා ගැනීමේ දී අමිත කෞශල්‍ය ලකුණු 37කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව චානක දේවින්ද කඩුලු 3ක් ද, බුද්ධික හසරංග සහ රජීව වීරසිංහ කඩුල්ල බැගින් ද දවා ගත්තා.
- Ace Capital යොවුන් ශූරතාව දිනා ගනී
- චරිත් – අවිශ්ක NSL ශූරතාව අගනුවරට රැගෙන එයි
- Engineers කණ්ඩායම Professional’s ක්‍රිකට් ශූරතාව දිනයි
- 9 වැන්නේ සිට T20 අතීතය විමසමු
- Tier B ශූරතාව Galle CC දිනා ගනී
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ගාලු ක්‍රීඩකයෝ ප්‍රතිවාදී ලකුණු ප්‍රමාණය පසු කිරීමේ දී සීරුමාරුවෙන් කටයුතු කළා. එහි දී පළමු කඩුල්ල වෙනුවෙන් පිටියට පිවිසි නායක අමිත් එරන්ද සහ නිමන්ත ගුරුගේ එක් ව පන්දු 53ක දී ලකුණු 45ක් එක් කළා.
ඉනිමේ පළමු කඩුල්ල ලෙසින් පන්දු 26ක දී හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 17ක් ලබා තිබිය දී නිමන්ත ගුණසිරි දැවී ගිය අතර ඊට පසු පන්දුවාරයේ දී අමිත් එරන්ද ගේ ඉනිම ද අවසන් වුනා. ඒ වෙද්දී ඔහු පන්දු 30කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 23ක් ලබා සිටියා.
අනතුරු ව 3 වැනි කඩුල්ල වෙනුවෙන් ද ලකුණු 45ක සබඳතාවක් එක් කිරීමට තරිඳු රුක්ෂාන් සහ ලිසුල ලක්ෂාන් සමත් වුනා. එම කඩුල්ලේ සබඳතාව බිඳී යන්නේ තරිඳු රුක්ෂාන්ගේ දැවී යෑමත් සමඟිනුයි. ඔහු දැවී යන විට පන්දු 50කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 22ක් ලබා සිටියා.
ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව යැවුණ 5 වැනි පන්දුවේ දී ලිසුල ලක්ෂාන් ද තම ඉනිම නිමා කර ගත්තා. ඒ වෙද්දී ඔහු පන්දු 43කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 22ක් ලබා සිටියා.
අනතුරු ව හසිත සුරංග පන්දු 30කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 26ක් ලබා ගත්තා. ගාලු ඉනිමේ වැඩිම ලකුණුලාභියා වෙන්නේ නිමන්ද සුබසිංහ. ඔහු තරගය ජයග්රහණයෙන් කෙළවර වන විට පන්දු 37කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 27ක් ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දී කාවින්ද ඊශ්වර, සුදාරක දක්ෂිණ සහ ඉශාන් අබේසේකර කඩුලු 2ක් බැගින් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
Malay CC – සියලුම දෙනා දැවී 205 (45.5) හිරන්ත ජයසිංහ 40, බුද්ධික මධුශාන් 67, වෝෂිත අමරසිංහ 37, චානක දේවින්ද 3/34, අමිත කෞශල්‍ය 4/37,
Galle CC – කඩුලු 8ක් දැවී 209 (49.3) අමිත් එරන්ද 23, තරිඳු රුක්ෂාන් 22, ලිසුල ලක්ෂාන් 22, හසිත සුරංග 26, නිමන්ද සුබසිංහ නොදැවී 27, සුදාර දක්ෂිණ 2/39, කාවින්ද ඊශ්වර 2/24, ඉශාන් අබේසේකර 2/49
Galle කණ්ඩායමට කඩුලු 2ක ජයක්.
- අවසන් මහා තරගයේ වීරයා – අමිත කෞශල්‍ය (GalleCC)
- තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා – මධුශංක ප්‍රේමරත්න (Air Force SC)
- තරගාවලියේ දක්ෂතම පිතිකරු – ආසිරි ද සිල්වා (Navy CC)
- තරගාවලියේ වීරයා – තරිඳු සිරිවර්ධන (Old Dharmapalians CC)
දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.