පාසල් ක්‍රිකට් වසන්තයේ විශාල අවධානයක් හිමි කරගන්නා ක්‍රිකට් ගැටුමක් වන තර්ස්ටන් – ඉසිපතන 45 වැනි එක්දින ක්‍රිකට් තරගය ඊයේ (09) දිනයේ ක්‍රියාත්මක වුනා.
පී. සරා ඕවල් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු මෙම තරගයේ කාසියේ වාසිය තර්ස්ටන් නායක තනුග පලිහවඩන හට හිමි වූ අතර, ඔහුගේ තීරණය වුනේ පළමුව පන්දුවට පහර දීමයි.
ඒ අනුව තර්ස්ටන් ඉනිම ආරම්භ කිරීමට දිනාල් ඉඳුවර සහ තනුජ රාජපක්ෂ පිටියට පිවිසුණු අතර, ඔවුන් දෙදෙනා විසින් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 134ක් එක් කිරීමට සමත් වුනා.
මෙහි දී තනුජගේ පිත්තෙන් ඉනිමට එක් වූ ලකුණු සංඛ්‍යාව 67ක්. තනුජ එසේ සිය ඉනිම නිමා කළත්, දිනාල් ඉඳුවර තවදුරටත් නොදැවී කඩුල්ලේ රැඳී සිටිමින් සිය ඉනිම ක්‍රියාත්මක කළා.
මෙහි දී ඔහු පන්දු 128ක් තුළ ලකුණු 115ක් ලබා ගැනීමට සමත් වූ අතර, ඒ වෙනුවෙන් ඔහු හතරේ පහර 08ක් සහ හයේ පහර 02ක් එකතු කර ගැනීමට සමත් වුනා.
මීට අමතරව ඉක්මන් ඉනිමක් දියත් කළ විහස් තෙව්මික පන්දු 45කින් නොදැවුණු ලකුණු 52ක් ලබා ගැනීමට සමත් වුනේ තර්ස්ටන් ඉනිම ලකුණු 308ක් කරා රැගෙන යමිනුයි.
- දේවපතිරාජ විද්‍යාලය අවසන් මහා තරගයට
- වසර 52කට පසුව උතුරු රන් සටනේ ජය යාපනයට
- මොරටු රන් එක්දින කුසලානය වේල්ස් කුමරුවන්ට
- 146 වැනි නිල් මහා සටනේ ජය සාන්ත තෝමස් විද්‍යාලයට!
- Major Club ශූරතාව Bloomfield දිනා ගනී
තර්ස්ටන් විද්‍යාලය විසින් ලබා දුන් ලකුණු 309ක දැවැන්ත ඉලක්කය හඹා යාම වෙනුවෙන් ඉසිපතන ක්‍රීඩකයින් පිටියට පිවිසුනත් ඔවුන්ට බලාපොරොත්තු වූ තරමේ අභියෝගයක් එල්ල කිරීමට හැකියාවක් ලැබුණේ නැහැ.
මෙහි දී ඉසිපතන ඉනිමේ ඉහළම ලකුණු ලාභියා වූ දිල්ප රුවනක ලකුණු 40ක් ලබා ගැනීමට සමත් වූ අතර, වෙනත් එකදු පිතිකරුවකු හෝ ඊයේ දිනයේ සාර්ථක නොවීම මත ඉසිපතන ඉනිම ලකුණු 132කට සීමා වුනා.
මෙහි දී ඉසිපතන ඉනිම බිඳ දැමීමේ මූලිකත්වය ගෙන කටයුතු කළ යොවුන් සිල්ප කඩුලු 4ක් දවාගන්නා අතරේ, විහස් තෙව්මික කඩුලු 3ක් සහ තනුග පලිහවඩන කඩුලු 2ක් දවා ගැනීමට සමත් වුනා.
ඒ අනුව මෙම තරගයෙන් කොළඹ තර්ස්ටන් විද්‍යාලය ලකුණු 176ක දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වුනා.
- තරගයේ වීරයා – විහස් තෙව්මික
එමෙන්ම මෙම තරගයේ සජීවී දසුන් ඔබ වෙත සමීප කළ සේම 2025 පාසල් ක්‍රිකට් වසන්තයේ සියලු උණුසුම් තරග දසුන්, තරග විස්තර ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Dinal Induwara | run out (Chanul Dinoth) | 115 | 128 | 0 | 0 | 89.84 |
Thanuja Rajapaksha | c Dasith Perera b Maleesha Sandaruwan | 67 | 73 | 0 | 0 | 91.78 |
Rachintha De Silva | st Ranmith Senarath b Dimuthu Tharuka | 1 | 11 | 0 | 0 | 9.09 |
Sethru Fernando | c Ranmith Senarath b Mohomed Asjad | 20 | 21 | 0 | 0 | 95.24 |
Vihas Thevmika | not out | 52 | 45 | 0 | 0 | 115.56 |
Pathum Dananjaya | not out | 27 | 23 | 0 | 0 | 117.39 |
Extras | 26 (b 26 , lb 0 , nb 0, w 0, pen 0) |
Total | 308/4 (50 Overs, RR: 6.16) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Chanul Dinoth | 2 | 0 | 21 | 0 | 10.50 | |
Dimuthu Tharuka | 10 | 0 | 62 | 1 | 6.20 | |
Menula Dambakumbura | 10 | 1 | 72 | 0 | 7.20 | |
Navindu Hettiarachchige | 1 | 0 | 22 | 0 | 22.00 | |
Mohomed Asjad | 10 | 0 | 37 | 1 | 3.70 | |
Maleesha Sandaruwan | 7 | 0 | 44 | 1 | 6.29 | |
Dasith Perera | 10 | 0 | 49 | 0 | 4.90 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Navindu Hettiarachchige | c Thanuja Rajapaksha b Lasindu Punsara | 0 | 7 | 0 | 0 | 0.00 |
Ruchith Rodrigo | c Sethru Fernando b Yovun Silpa | 4 | 4 | 1 | 0 | 100.00 |
Mohomed Asjad | c Thanuja Rajapaksha b Yovun Silpa | 9 | 8 | 1 | 0 | 112.50 |
Maleesha Sandaruwan | c Thanuga Palihawadana b Yovun Silpa | 0 | 3 | 0 | 0 | 0.00 |
Ranmith Senarath | c Thanuja Rajapaksha b Vihas Thevmika | 28 | 28 | 5 | 0 | 100.00 |
Lesandu Kalpage | c Pathum Dananjaya b Yovun Silpa | 11 | 17 | 1 | 0 | 64.71 |
Chanul Dinoth | lbw b Thanuga Palihawadana | 1 | 9 | 0 | 0 | 11.11 |
Dilpa Ruwanaka | b Vihas Thevmika | 40 | 76 | 4 | 0 | 52.63 |
Dimuthu Tharuka | lbw b Vihas Thevmika | 4 | 12 | 0 | 0 | 33.33 |
Dasith Senal | b Thanuga Palihawadana | 17 | 32 | 2 | 0 | 53.12 |
Menula Dambakumbura | not out | 0 | 4 | 0 | 0 | 0.00 |
Extras | 18 (b 0 , lb 2 , nb 0, w 16, pen 0) |
Total | 132/10 (33.2 Overs, RR: 3.96) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Yovun Silpa | 10 | 0 | 47 | 4 | 4.70 | |
Lasindu Punsara | 3 | 0 | 23 | 1 | 7.67 | |
Thanuga Palihawadana | 9 | 0 | 37 | 2 | 4.11 | |
Vihas Thevmika | 8.2 | 1 | 20 | 3 | 2.44 | |
Sethru Fernando | 3 | 1 | 3 | 0 | 1.00 |