ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරනු ලබන නැගීඑන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය මෙම මස 13 වැනිදා පටන් ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිතයි.
කණ්ඩායම් අටක සහභාගීත්වයෙන් යුතුව පැවැත්වීමට නියමිත මෙම තරගාවලියට සහභාගී වීමට නියමිත කණ්ඩායම් තුනක් හෙට (10) දිනයේ දි ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවයි වාර්තා වන්නේ.
ඒ අනුව ඕමාන කණ්ඩායම හෙට උදෑසන ද, ඉන්දීය කණ්ඩායම හෙට දහවල් කාලයේ සහ නේපාලය හෙට සවස් වරුවේ ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇත.
මීට අමතරව පාකිස්තාන කණ්ඩායම ලබන 11 වැනිදා ද, එක්සත් අරාබි එමීර් රාජ්‍යය කණ්ඩායම ලබන 12 වැනිදා ද ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.
එමෙන්ම තරගාවලියට සහභාගී වීමට නියමිත ඇෆ්ගනිස්තාන සහ බංග්ලාදේශ කණ්ඩායම් මේ වන විටත් ශ්‍රී ලංකාවට පැමිණ තිබීම විශේෂත්වයක්.
- ආසියානු ක්‍රීඩා උළෙල ගැන BCCI වෙතින් විශේෂ තීරණයක්
- පාකිස්තාන ටෙස්ට් කණ්ඩායම දිවයිනට
- “අපි තාමත් හොඳ කණ්ඩායමක්” – Mehidy
- බංග්ලාදේශ ක්රිකට් ප්‍රධානියාගෙන් Tamimට විශේෂ ඉල්ලීමක්
- LPL විකාශන අයිතියේ කැපී පෙනෙන වෙනසක්
තරගාවලියේ සියලු තරග කොළඹ SSC, CCC, පී.සරා ඕවල් සහ ආර්.ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණ හතර මූලික කර ගනිමින් පැවැත්වීමට නියමිත අතර, පන්දුවාර 50 ක්‍රිකට් තරගාවලියක් ලෙස මෙම තරගාවලිය පැවැත්වුණු ඇති.
එමෙන්ම එළඹෙන 13 වැනිදා තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශයත්, ඇෆ්ගනිස්තානය සහ ඕමානයත් තරග බිමට පිවිසීමට නියමිතයි.
මෙම තරගාවලිය පිළිබඳ සියලු ම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<