තවත් ICC සම්මාන ද්විත්වයක් සඳහා ශ්‍රී ලාංකිකයින් තිදෙනෙක් නිර්දේශ ලබා තිබෙනවා.
ඊයේ (28) දිනයේ දී ICC නැගී එන ක්‍රීඩකයා සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් නිර්දේශ නාම අතරට එක් වුනා.
මේ අතර ICCය විසින් අද (29) දිනයේ දී තවත් සම්මාන කිහිපයක් සඳහා තම නිර්දේශිත නාම ඉදිරිපත් කර තිබූ අතර, එහි දී කුසල් මෙන්ඩිස්, වනිඳු හසරංග සහ චමරි අතපත්තු ඒ අතරට එක් වීම විශේෂත්වයක්.
ICC වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා
මෙම සම්මානය සඳහා ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග, කුසල් මෙන්ඩිස්, ඇෆ්ගනිස්තානයේ Azmatullah Omarzai සහ බටහිර ඉන්දීය කොදෙව් දේශයේ Sherfane Rutherford යන ක්‍රීඩකයින් නිර්දේශ ලබා තිබෙනවා.
වනිඳු හසරංග
නිමා වූ වසරේ දී එක්දින කඩුලු 26ක් දවා ගැනීමට සමත් වී ඇති වනිඳුගේ පන්දු යැවීමේ සාමාන්‍ය 15.61ක් ලෙස සටහන් වී තිබෙනවා. එමෙන්ම ඔහු විසින් සිම්බාබ්වේ දේශයට එරෙහිව ලකුණු 19කට කඩුලු 7ක් දවා ගැනීමේ දක්ෂතාව මෙම කඩුලු දවා ගැනීම් අතරින් වඩාත් කැපී පෙනුණා.
කුසල් මෙන්ඩිස්
එක්දින ඉනිම් 17කදී ලකුණු 742ක් ලබා ගැනීමට සමත් වූ මෙන්ඩිස්ගේ පිතිකරණ සාමාන්‍ය 53ක අගයක රැඳී ඇති අතර, මෙහි දී ඔහු විසින් නවසීලන්තයට එරෙහිව වාර්තා කළ ලකුණු 143ක ඉනිම වඩාත් කැපී පෙනුණු ඉනිමක් බවට පත් වුනා.
- ශ්‍රී ලංකා කණ්ඩායමේ උඳුවප් සංචාරය
- නවසීලන්තයේ සංචාරය කිරීමට නියමිත ශ්‍රී ලංකා T20 සංචිතය නම් කරයි
- නවක ක්‍රීඩකයා සමඟ ගැටුණු Kohliට දඩ නියම වෙයි!
- ශ්‍රී ලංකාව පුහුණු තරග ද්විත්වය පහසුවෙන් ජය ගනී
- චරිත් සහ දුනිත් ශ්‍රී ලංකාවේ ජය තහවුරු කරයි
ICC වසරේ විස්සයි විස්ස ක්‍රීඩිකාව
මෙම සම්මානය සඳහා ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු මෙන්ම, අයර්ලන්තයේ Orla Prendergast, දකුණු අප්‍රිකාවේ Laura Wolvaardt සහ නවසීලන්තයේ Melie Kerr යන ක්‍රීඩිකාවන් නිර්දේශ ලබා තිබෙනවා.
චමරි අතපත්තු
ගෙවුණු වසරේ දී විස්සයි විස්ස තරග 21ක් ක්‍රීඩා කර ඇති චමරි පිතිකරණ සාමාන්‍ය 40ක රඳවා ගනිමින් ලකුණු 720ක් ලබා ගැනීමට සමත් වී ඇති අතරම, ඇය විසින් කඩුලු 21ක් ද දවා ගැනීමට සමත් වී තිබීම විශේෂත්වයක්.
මෙම වසරේ දී ඇයගේ හොඳම විස්සයි විස්ස ඉනිම් ලෙස නොදැවී ලබා ගත් ලකුණු 119 මෙන්ම, ආසියානු කුසලාන අවසන් මහා තරගයේ දී ඉන්දියාවට එරෙහිව වාර්තා කළ අර්ධ ශතකය ද හඳුන්වාදිය හැකි. එමෙන්ම ඇගේ හොඳම පන්දු යැවීම ලකුණු 29කට කඩුලු 4ක් ලෙස සටහන් වුනා.
2024 වසර සඳහා ICC සම්මාන පිළිබඳ තොරතුරු මෙන්ම, ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සියලු උණුසුම් තතු විත්ති ද ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<