ඉදිරි කාලයේ දී එක්දින සහ පන්දුවාර 20 ක්‍රිකට් තරගවල දී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙය වීම සඳහා නායකයෙකු පත් කිරීම පිළිබඳ සාකච්ඡා කිරීමේ අරමුණින් ඊයේ (ජනවාරි 3) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවති විශේෂ හමුවක දී තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා එම තනතුරින් ඉවත් කිරීමට තීරණය වී තිබේ.
දේශීය තරගාවලියට එක්වන විදෙස් ක්‍රිකට් තරු
ශ්‍රී ලංකා දේශීය ක්‍රිකට් තරගාවලිය සඳහා විවිධ කණ්ඩායම් නියෝජනය කරමින් මෙවර විදෙස්..
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල, ජාත්‍යන්තර ක්‍රිකට් කටයුතු සම්බන්ධ උප සභාපති කේ. මතිවානන්, ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරි ඈෂ්ලි ද සිල්වා, ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානී ග්රැහැම් ලැබ්රෝයි, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු අසංක ගුරුසිංහ සහ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ යන මහත්වරුන් මෙම සාකච්ඡාව සඳහා සහභාගී වී තිබේ.
පසුගිය වසරේ දී දකුණු අප්‍රිකාව, පාකිස්තානය සහ ඉන්දියාවට එරෙහිව තරග 5-0ක් ලෙස පූර්ණ තරගාවලි පරාජයන්ට මුහුණ දීමත් සමඟ එහි නායකත්වය දැරූ උපුල් තරංග වෙනුවට තිසර පෙරේරා හට නායකත්වය පැවරුණේ මෑතක දී අවසන් වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය තුල දී යි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඊයේ (3) සිදු වූ සාකච්ඡාවලට අනුව එළඹෙන බංග්ලාදේශ තරග සංචාරයේ සිම්බාබ්වේ කණ්ඩායම ද එක්වන තුන් කොන් එක්දින තරගාවලියේ සිට නායකත්වය නැවත ඇන්ජලෝ මැතිව්ස් හට පැවරීමට හෝ වත්මන් ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් ඒ සඳහා යොදා ගැනීමට වැඩි අවධානයක් යොමුව තිබේ.
”මේ සාකච්ඡාව අතරතුර දී තේරීම් කමිටු සභාපතිවරයා මා සමඟින් පැවසුවේ ඔවුන් නායකත්ව වගකීම භාර දීම සඳහා ඇන්ජලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් පිළිබඳ සලකා බලමින් සිටින බවයි.” ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා පැවසීය.
විශ්වාස කටයුතු ආරංචි මාර්ග අනුව සීමිත පන්දුවාර නායකත්වය පැවරීමේ වැඩි බර පවතින්නේ එක්දින තරග 98ක් මෙහෙයවීමේ අත්දැකීම් සහිත ඇන්ජලෝ මැතිව්ස් හටයි. ඔහු යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින ජයග්‍රහණ 47කට සහ පරාජ 45කට හිමිකම් කියන අතර පසුගිය ජූලි මාසයේ දී සිම්බාබ්වේ කණ්ඩායම හමුවේ ශ්‍රී ලංකාව ලද තරග 3-2ක එක්දින තරගාවලි පරාජයත් සමඟ මැතිව්ස් නායකත්වයෙන් ඉල්ලා අස් විය.
“ශ්‍රී ලංකාවේ නියම ක්‍රිකට් ඉස්සරහදී බලා ගන්න පුළුවන්” හතුරුසිංහ
1980 ගණන්වල දී ක්ලයිව් ලොයිඩ් යටතේ බටහිර ඉන්දීය කොදෙව්වන් ක්‍රීඩා කළ කැලිප්සෝ ක්‍රිකට්..
චන්දිමාල් ටෙස්ට් තරග තුල දී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට නායකත්ව ගුණාංග පෙන්නුම් කර ඇති අතර, පකිස්තානයට එරෙහිව ලද තරග 2-0ක ටෙස්ට් තරගාවලි ජය මෙන්ම ඉන්දීය කණ්ඩායමට එරෙහිව ඉන්දියාවේ දී ම ටෙස්ට් තරග දෙකක් ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට සමත් වීම ද ඊට උදාහරණ ලෙස දැක්විය හැකිය.
කෙසේ වෙතත් සීමිත පන්දු වාර නායකයා පිළිබඳ අවසන් තීරණයක් ගැනීමේ දී මේ වන විට පාදයේ ආබාධයකට ලක්ව සිටින මැතිව්ස් නැවත සුවය ලබන ආකාරය මෙන්ම චන්දිමාල් හට එක්දින කණ්ඩායමේ ස්ථිර ස්ථානයක් ලබා ගැනීමට ඇති හැකියාව පිළිබඳව ද දැඩි අවධානයක් යොමු වනු ඇත. සීමිත පන්දුවාර නායකයා කවුරුන්ද යන්න පිළිබඳ අවසන් තීරණයක් ලබන 9 වැනිදා ගැනීමට නියමිතව තිබේ.
අනාගතය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ එක්දින සහ පන්දු වාර 20 සුක්කානම භාර දිය යුත්තේ කාට ද ? ඔබේ අදහස පහතින් දක්වන්න.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<