තරංගගේ ඔටුන්න වෙනත් අයෙක්ට

1845
Thisara Perera

දෙසැම්බර් මස 10 වනදා ආරම්භ වන ඉන්දු ශ්‍රී ලංකා එක්දින හා විස්සයි විස්ස තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට, තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා පත් කර ඇත.

උපුල් තරංග නායකත්වයෙන් ඉවත් කරයි?

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක උපුල් තරංග එළඹෙන ඉන්දීය සංචාරයේ..

සාන්ත ජෝසප් විද්‍යාලයේ ආදී සිසුවෙක් වන ඇන්ජලෝ මැතිව්ස්, සිම්බාබ්වේ කණ්ඩායම සමඟින් පැවති එක්දින තරගාවලිය 3-2ක් ලෙස පරාජයට පත්වීමෙන් පසුව සිය නායකත්වයෙන් ඉල්ලා අස්වූ අතර අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට පත්වුයේ වමතින් පිත්ත හසුරුවන උපුල් තරංගයි.

ඔහුගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරගාවලි තුනක් පිළිවෙළින් දකුණු අප්‍රිකාවට, ඉන්දියාවට හා පාකිස්තානයට එරෙහිව 5-0ක් ලෙස පරාජය විය. නමුත් තරංග ශ්‍රී ලංකා එක්දින හා විස්සයි විස්ස නිල නායකයා ලෙස නායකත්වය ඉටු කළේ නිමා වූ ඉන්දීය සංචාරයේ සිටයි. දකුණු අප්‍රිකානු තරගාවලියේ දී තරංග නායකත්වයට පත් වූයේ මැතිව්ස් ආබාධයකට ලක්ව සිටි නිසාවෙනි.  

ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට අඛණ්ඩව එක්දින තරග 12ක් පරාජයට පත්ව ඇති අතර, එක්දින ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල 8 වැනි ස්ථානයේ පසුවෙයි. ඒ අනුව නව නායක තිසර පෙරේරා ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම මෙහෙයවනු ලබන 22 වැනි නායකයා වන අතර ඔහු ශ්‍රී ලංකා විස්සයි විස්ස  කණ්ඩායමේ ද නායකයා වනු ඇත.

තරංග පාකිස්තානයට එරෙහිව ලාහෝර් නුවර පැවැත්වූ තුන්වන විස්සයි විස්ස තරගයට සහභාගී වීම ප්‍රතික්ෂේප කිරීම නිසාවෙන් එම තරග තුනේ දී ශ්‍රී ලංකාව මෙහෙය වීමේ අවස්ථාව තිසරට ලබා දෙන ලදි.

එහි දී විස්සයි විස්ස තරග තුනම පරාජයට පත් වුවත් නායකත්වයේ සුවිශේෂී ලක්ෂණ තිසර තුලින් ප්‍රදර්ශනය විය.

ජෙෆ්රි වැන්ඩර්සේට අවස්ථාවක්

දකුණතින් පා දඟපන්දු යවන යොවුන් ක්‍රීඩක ජෙෆ්රි වැන්ඩර්සේ දිල්ලි හිදී ආරම්භ වන ඉන්දු – ශ්‍රී ලංකා..

2009 වසරේ දී කල්කටා හිදී ඉන්දියාවට එරෙහිව සිය මංගල එක්දින තරගය ක්‍රීඩා කළ පෙරේරා, එම තරගයේ දී පන්දු 14ක් තුල ලකුණු 31ක් ලබා ගත්තේය. එක්දින තරග  125ක් ක්‍රීඩා කර ඇති පෙරේරාගේ එක්දින තරගවල ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 17.57ක් වන අතර කඩුලු දවා ගැනීමේ සාමාන්‍ය  32.62ක් වේ.

ඔබ සිතන විදිහට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට මේ අවස්ථාවේ තේරීපත් විය යුතු නායකයා තිසර ද? නැතිනම් වෙනත් අයෙක් ද? ඔබේ අදහස පහතින් Comment කරන්න

  තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න