පසුගිය 20 වැනිදා ආරම්භ වුනු 2021 ආරක්ෂක සේවා (Defence Services) එක්දින ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් ඊයේ (24) යුද හමුදාව සහ ගුවන් හමුදාව අතර පැවැත්වුනා.
එහි දී යුද හමුදාව කඩුලු 4ක් දැවී ලකුණු 514ක් ලබා ගත් අතර නායක තිසර පෙරේරා සහ අසේල ගුණරත්න සුපිරි පිතිකරණයක් දියත් කරන්නට සමත් වුනා.
දොඹගොඩ යුද හමුදා ක්‍රිකට් පිටියේ දී පැවති මේ තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් නාවික හමුදාව පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර යුද හමුදා ආරම්භක පිතිකරුවන් දෙදෙනා වුනු තුලින ඩිල්ශාන් සහ අශාන් රන්දික පළමු කඩුල්ල සඳහා පන්දු 69ක් තුල ලකුණු 11 සබඳතාවයක් ගොඩනංවනවා.
අශාන් රන්දික 4 පහර 7ක් 6 පහර 5ක් එල්ල කරමින් පන්දු 41ක් තුල ලකුණු 72ක් ලබා ගන්නා විට තුලින ඩිල්ශාන් කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් 4 පහර 16ක් සහ 6 පහර 2ක් එල්ල කරමින් ලකුණු 137ක් ලබා ගන්නවා. තුලිනට ඒ සඳහා වැය වූයේ පන්දු 115ක් පමණයි.
තවත් ක්‍රිකට් පුවත්:
- දිමුත් සහ ධනංජයගේ වාර්තාගත සබඳතාවයෙන් ශ්‍රී ලංකාව ඉදිරියටම
- එංගලන්ත සුපිරි වේගපන්දු යවන්නා IPL හැර යයි
- IPL 2021; දම් සහ තැඹිලි තොප්පි හිමිකරුවන්
- බංග්ලාදේශයට එරෙහිව ලහිරු කුමාරගේ දායකත්වය අහිමි වන ලකුණු
- Kolkata Knight Riders නායකයාටත් දඬුවමක්
ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයින් තිදෙනෙක් වන සීකුගේ ප්‍රසන්න, අසේල ගුණරත්න සහ නායක තිසර පෙරේරා ද මේ තරගය සඳහා ක්‍රීඩා කළ අතර ඔවුන් තිදෙනා ද ඉතාමත් දක්ෂ පිතිකරණයක නිරත වෙමින් ලකුණු අතරට පිවිසියා.
තිසර පෙරේරා නාවික හමුදා පන්දු යවන්නන් වෙත දැඩි ප්‍රහාරයක් දියත් කරමින් සිය ශතකය සම්පූර්ණ කර ගත් අතර මුල්පෙළ යොවුන් පිතිකරුවන් ලබා ගත් ලකුණු ප්‍රමාණයට එහා ගිය වගකීමක් ඉටු කරමින් පන්දු 52ක් තුල 4 පහර 10ක් සහ යෝධ 6 පහර 7ක් එල්ල කරමින් සුපිරි ලකුණු 110ක් ලබා ගත්තා.
ඒ ඉනිම සඳහා අනෙක් අන්තයෙන් සවියක් වුනු අසේල ගුණරත්න ද 281.08ක විශ්මිත ලකුණු ලබා ගැනීමේ වේගයක් රඳවා ගනිමින් පන්දු 38කදී නොදැවී ලකුණු 107*ක් ලබා ගත්තා. අසේලගේ එම ඉනිමට 4 පහර 9ක් සහ 6 පහර 8 අන්තර්ගත වුනා. සීකුගේ ප්‍රසන්න ලකුණු 68යි.
මේ යෝධ ලකුණු සටහන ගොඩනැංවීමේ දී ක්‍රීඩා කළ යුද හමුදා පිතිකරුවන් සියලු දෙනාම 119.13කට වඩා වැඩි ලකුණු ලබා ගැනීමේ වේගයක් සටහන් කරගැනීම කැපී පෙනුණා.
පිළිතුරු ඉනිම දියත් කළ නාවික හමුදාව පන්දුවාර 24කුත් පන්දු 5ක් අවසානයේ දී සියල්ලන්ම දැවී ලබා ගත්තේ ලකුණු 56ක් පමණක් වන අතර තුලින ඩිල්ශාන්, යශෝද මෙන්ඩිස්, සුමින්ද ලක්ෂාන්, තරිඳු කෞෂාල් අතරේ කඩුලු දෙක බැගින් බෙදී ගියා.
මෙය List A ක්‍රිකට් තරග වර්ගීකරණයට නොවැටෙන නිසාවෙන් මේ තරගයේ බිහි වූ දස්කම් වාර්තා ලෙස සැලකීමට නොහැකි වන නමුත් ඒ ඒ ක්‍රීඩකයින් දැක්වූ දස්කම් අවතක්සේරු කිරීමට කිසිසේත්ම නොහැක.
යුද හමුදාව – 514/4 (50): තුලින ඩිල්ශාන් 137, තිසර පෙරේරා 110, අසේල ගුණරත්න 107*, අශාන් රන්දික 72, සීකුගේ ප්‍රසන්න 68, ඩිලන්ක අවුවර්ඩ් 2/67.
නාවික හමුදාව – 56 (24.5): තුෂාර සමරකෝන් 12, තුලින ඩිල්ශාන් 2/07, යශෝද මෙන්ඩිස් 2/08, සුමින්ද ලක්ෂාන් 2/13, තරිඳු කෞෂාල් 2/18, සීකුගේ ප්‍රසන්න 1/10.
යුද හමුදා කණ්ඩායමට ලකුණු 458ක ජයක්
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<