ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම් නියෝජනය කරන ක්‍රීඩකයන් වන ළහිරු තිරිමාන්න සහ ධනංජය ද සිල්වා අද (25) පැවති කිලෝමීටර් 2 දිවීමේ යෝග්‍යතා පරීක්ෂණය පළමු වතාවේ දී ම සාර්ථකව අවසන් කිරීමට සමත්ව තිබෙනවා.
ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ නව යෝග්‍යතා පුහුණුකරු විසින් හඳුන්වා දුන් මෙම යෝග්‍යතා පරීක්ෂණයේ දී සියලූම ක්‍රීඩකයන් මිනිත්තු 8.35කට අඩු කාලයක් තුළ දී මෙම කිලෝමීටර් 2ක දුරක් නිමා කළ යුතු වේ.
ඒ අනුව අද පැවති පරීක්ෂණයේ දී ළහිරු තිරිමාන්න විසින් මිනිත්තු 8.21ක කාලයකින් ද ධනංජය ද සිල්වා විසින් මිනිත්තු 8.20ක කාලයකින් ද එම දුර ප්‍රමාණය සම්පූර්ණ කර තිබුණා.
කොරෝනා ආසාදිතයෙකු බවට තහවුරු වීම නිසාවෙන් ළහිරු තිරිමාන්න හට සති දෙකකට පෙර පැවති ප්‍රථම යෝග්‍යතා පරීක්ෂණය මගහැරුනු අතර දකුණු අප්‍රිකානු සංචාරයේ දී ඇති වූ ආබාධය සුව නොවීම නිසාවෙන් ධනංජය ද සිල්වා හට ද එම පරීක්ෂණයට සහභාගි වීමට නොහැකි විය.
තවත් ක්රිකට් පුවත්:
- ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට The Hundred තරගාවලියෙත් ඉඩක් නැහැ
- අලුත් T20 නායකයාගේ කොදෙව් ගමනට බාධා
- Chris Gayle නැවතත් T20 සංචිතයට
ඒ අනුව අද පැවති මෙම පරීක්ෂණය සමත් වීම නිසාවෙන් ඔවුන් හට බටහිර ඉන්දීය කොදෙව්වන් සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා නම් කිරීමට නියමිත සංචිතයේ තේරීම් සඳහා ඇතුළත් වීමට හැකි වේ.
ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව්වන් සමඟින් ටෙස්ට් තරග දෙකකට සහභාගි වීමට නියමිතව ඇති අතර ඒ සඳහා සහභාගි වන ටෙස්ට් සංචිතය මේ දක්වා නම් කර නැත.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<