පසුගිය වසරේ අගෝස්තු මාසයේ දී කාර්ය සාධනය වැඩි කරන තහනම් ද්‍රව්‍ය (තහනම් උත්තේජක) භාවිතයට වැරදිකරු වූ මහනුවර ක්‍රීඩා සමාජයේ සහ ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමේ සාමාජිකයෙකු වූ තිලිණ විජේසිංහ හට වසර හතරක තහනමක් පැනවීමට බලධාරීන් තීරණය කර ඇත.
මෙම තහනමත් සමඟින් තිලිණ විජයසිංහ හට ක්‍රීඩා කිරීම, පුහුණු කිරීම ඇතුළු රග්බි ක්‍රීඩාවට සම්බන්ධ සියලූම ක්‍රියාකාරකම් සඳහා වසර හතරක් යන තුරු සහභාගි වීම තහනම් වේ.
නුවර ධර්මරාජ විද්‍යාලයෙන් බිහි වූ ඉතාමත් කැපී පෙනෙන ක්‍රීඩකයෙකු වූ තිලිණ පාසල් වියේ දී දැක්වූ ඉහළ දස්කම් නිසාවෙන් පාසල් ක්‍රීඩා පිටියෙන් සමුගෙන කෙටි කලකට පසු ඔහුට මහනුවර ක්‍රීඩා සමාජය හා එක්වීමට වරම් හිමි විය.
ඒ අනුව 2015 වසරේ සිට මහනුවර ක්‍රීඩා සමාජයේ නිත්‍ය ක්‍රීඩකයෙක් වූ තිලිණ අන්තර් සමාජ රග්බි ශූරතා පහක් සිය කණ්ඩායමට දිනා දීමට ඉහළ දායකත්වයක් දැක්වූ අතර ඔහු ක්‍රීඩා කළ සෑම වසරකම වැඩිම ලකුණු ලබා ගත් ක්‍රීඩකයන් 3 අතර රැඳී සිටීමට ද ඔහු සමත් විය.
අන්තර් සමාජ තලයේ නොකඩවා දැක්වූ ඉහළ දස්කම් නිසාවෙන් තිලිණ 2019 වසරේ දී ශ්‍රී ලංකා ජාතික සත් සාමාජික සහ පහළොස් සාමාජික රග්බි කණ්ඩායමට කැඳවීමට බලධාරීන් තීරණය කරන ලදි.
තවත් රග්බි පුවත්:
- Bradby Shield තරගාවලිය මුල්ම වරට අවලංගු වෙයි?
- අකාලයේ ජීවිතයට සමුදුන් ප්‍රංශ රග්බි තරුව
- රග්බි ක්‍රීඩාව ඉහළ නැංවීමට පියවර රැසක්
- රග්බි ව්‍යුහයේ වෙනසක් කිරීමට ක්‍රීඩා ඇමතිගේ අවධානය
එලෙස ජාතික කණ්ඩායම සමඟින් එක්වීමෙන් අනතුරුව ඔහු සහභාගි වූ ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියක් අතරතුර දී ඔහු තහනම් උත්තේජක භාවිතා කළ බව තහවුරු විය.
ඒ අනුව තහනම් උත්තේජක භාවිතය නිසාවෙන් තහනමක් හිමි වූ නවතම ක්‍රීඩකයා වීමට තිලිණ හට සිදු වන අතර ඔහුට පෙර නාවික ක්‍රීඩා සමාජයේ ධනුෂ්ක පෙරේරා සහ සුපුන් විජේසූරිය හට ද තහනම් උත්තේජක භාවිතය නිසාවෙන් තහනමක් පැනවීමට කටයුතු කර තිබුණි.
මීට අමතරව තිලිණ විජයසිංහගේ පාසල් වියේ කණ්ඩායම් සගයෙකු වූ රෝහණ හෙට්ටිආරච්චි ද මීට වසර කිහිපයකට පෙර තහනම් උත්තේජක භාවිතයට වැරදිකරු වීම නිසා තරග තහනමක් පැනවීමට බලධාරීන් තීරණය කර තිබුණි.
තමන්ට හිමි වූ තහනමට එරෙහිව අභියාචනාවක් ඉදිරිපත් කිරීමට තිලිණට හැකියාවක් ඇති අතර ඉදිරි මාස 3 ඇතුළත දී ඔහු විසින් එය ඉදිරිපත් කළ යුතු වේ.
>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<