2023 IPL තරගාවලියේ Play-Off තරග වටයේ තරග පැවැත්වීමට නියමිත ක්රීඩාංගණ නිල වශයෙන් ප්රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව මෙවර තරගාවලියේ Play-Off තරග හතර (Qualifier 1, Qualifier 2, Eliminator සහ Final) Chennai හි M.A.Chidambaram ක්රීඩාංගණයේ සහ Ahmedabad හි Narendra Modi ක්රීඩාංගණයේ දී පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ.
- Conway, Jadeja, මතීෂ සහ මහීෂ් චෙන්නායි දිනවයි
- IPL ඉතිහාසයේ සිදු වුන දැවැන්තම හොරකමක්!
- තාත්තට බැරි වුන දේ කරපු පුතාට තාත්තාගෙන් පැසසුම්!
- ශ්රී ලංකාවම අඬපු දවසක මාලිංගත් ඇඬුවා ලු
- ගබ්බර්ට සුව වෙන්න තවත් කල් යනවා ලු!
එම තරග පැවැත්වීමට නියමිත දින සහ ක්රීඩාංගණ මෙසේයි;
- Qualifier 1 – මැයි 23 Chennai
- Eliminator – මැයි 24 – Chennai
- Qualifier 2 – මැයි 26 – Ahmedabad
- අවසන් මහා තරගය – මැයි 28 – Ahmedabad
එමෙන් ම 2022 IPL තරගාවලියේ දී ද Qualifier 2 සහ අවසන් මහා තරගය පැවැත්වුණේ Ahmedabad හීදී වන අතර, Chennai වෙත මෙසේ IPL Play-Off තරගයක් පැවැත්වීමට අවස්ථාව හිමි වුනේ 2019 වසරෙන් පසුව වීමත් විශේෂත්වයක්.
2023 IPL තරගාවලියේ සියලු ම තරග සජීවී ව නැරඹීමේ අවස්ථාව ThePapare.com වෙතින් ඔබට හිමි වී තිබෙනවා. දිනෙන් දින උණුසුම් වන IPL තරගාවලියේ උණුසුම අත් විඳීමට රැඳී සිටින්න ThePapare.com සමඟින්.
Cricbuzz ඇසුරිනි.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<