නවසීලන්තයේ වාර්ෂික ක්‍රිකට්-රග්බි ගැටුම අද (22) දින Christchurch හි Hagley Oval ක්‍රීඩාංගණයේ දී පැවැත්වුනා. පිට පිට තෙවන වරටත් පැවති මේ තරගයේ ජයග්‍රහණය හිමිකර ගන්න Team Cricket සමත් වුනේ තියුණු තරගයකින් අනතුරුවයි.
නවසීලන්තය ක්‍රිකට් සහ රග්බි ක්‍රීඩාවේ ප්‍රබල රටක් ලෙස සැලකෙනවා. වාර්ෂිකව සංවිධානය වෙන මේ T20 Black Clash තරගයේ ආදායම පුණ්යායතනයන් සඳහා යොදවනවා.
නවසීලන්ත ක්‍රිකට් ක්‍රීඩාවේ හිටපු ප්‍රබලයන් රැසක් Team Cricket කණ්ඩායමට ඇතුළත් වන අතර හිටපු All Blacks ප්‍රබලයන් සහ වත්මන් ක්‍රීඩකයන් රැසක් අනෙක් කණ්ඩායම වන Team Rugby සඳහා ඇතුළත් වෙනවා.
Daniel Vettori, Stephen Fleming, Grantt Eliott වගේ ක්‍රිකට් ක්‍රීඩකයන් මෙන්ම Richie McCaw, Jordie Barrett වගේ රග්බි ක්‍රීඩකයන් මේ තරගයට සහභාගී වෙන නිසා තරගයට තියෙන ප්‍රේක්ෂක ආකර්ෂණය අති මහත්.
මෙවර තරගයට සහභාගී වුන සංචිත මෙසේයි,
Team Cricket: Stephen Fleming, Daniel Vettori, Grant Elliott, Peter Fulton, Jacob Oram, Kyle Mills, Craig McMillan, Nathan McCullum, Jordan Watson, Scott Styris, Adam Parore, Hamish Marshall.
Team Rugby: Israel Dagg, Ofisa Tonu’u, Jason Spice, Richie McCaw, Marc Ellis, Kaylum Boshier, Brad Weber, Jordie Barrett, Jock McKenzie, Will Jordan, Andy Ellis, Mat Sinclair.
අද තරගයේ කාසියේ වාසිය දිනාගත් Team Cricket පළමුවෙන් පන්දුවට පහර දෙන්න තීරණය කළා. Hamish Marshall සහ Peter Fulton ආරම්භ කළ Team Cricket ඉනිමේ ආරම්භක සම්බන්ධතාවය ලකුණු 62ක්.
තවත් ක්‍රිකට් පුවත් කියවන්න:
- විනය විරෝධී හැසිරීම් ගැන වාර්තාවක් ඉල්ලයි
- 154 වැනි ශ්‍රී ලංකා ටෙස්ට් හිස්වැස්මේ හිමිකරු – රමේෂ් මෙන්ඩිස්
- තිළිණ කණ්ඩම්බි Bangla Tigers ප්‍රධාන පුහුණුකරු තනතුර
- වසර 6කට පසුව මැතිව්ස්ගෙන් ශ්‍රී ලංකාවේ දී ටෙස්ට් ශතකයක්
- දෙවන ටෙස්ට් තරගයට Andersonට එන්න කියයි
Team Rugby වෙනුවෙන් ආරම්භක පන්දු යවන්නා වූ Richie McCawගේ පන්දු යැවීම බොහෝදෙනාගේ අවධානය දිනාගන්න සමත් වුනා. මඳ වේගපන්දු යවන්නෙකු වන ඔහු මුල් පන්දුවාර දෙක තුළම ලබාදුන්නේ ලකුණු 10ක් පමණයි.
කෙසේවෙතත් නියමිත පන්දුවාර 20 අවසානයේ දී Team Cricket ලකුණු පුවරුව කඩුලු 5කට ලකුණු 189ක් ලෙස දැක්වුනා. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Peter Fulton වේගවත් ලකුණු 80 ක් රැස්කළා. පන්දු යැවීමෙන් Andy Ellis කඩුලු 3ක් දවා ගන්න සමත් වුනා.
ලකුණු 190ක ඉලක්කයක් හඹා ගිය Team Rugby වෙනුවෙන් Will Jordan ලකුණු 49ක් රැස්කළා. තරගයේ 18 වන පන්දුවාරය නිමාවෙද්දී Team Rugby ලකුණු පුවරුව දැක්වුනේ කඩුලු 6කට ලකුණු 150ක් විදිහටයි.
කෙසේවෙතත් Jordie Barrettගේ ප්‍රවේගකාරී පිතිකරණය නිසා අවසන් පන්දුවාරයේ දී තරගයේ ජයග්‍රහණය සඳහා ඔවුන්ට අවශ්‍ය වෙලා තිබුනේ ලකුණු 8ක් පමණයි.
නවසීලන්තයේ හිටපු ප්‍රබලම දඟපන්දු යවන්නා වුන Daniel Vettori, ක්‍රියාත්මක කළ අවසන් පන්දුවාරයේ පළමු පන්දු දෙකෙන්ම කඩුලු දෙකක් දවා ගන්න සමත් වුනා. සිව්වන පන්දුවේ දී Jordie Barrett දවා ගැනීමත් එක්ක Team Rugby ජයග්‍රහණය අසීරු බව පෙනෙන්නට තිබුනා. අවසන් පන්දුවේ දී තරගය සමකර ගැනීමට ලකුණු 6ක් අවශ්‍ය වුනත් Jason Spiceට ලබාගන්න පුළුවන් වුනේ ලකුණු 4ක් පමණයි.
ඒ අනුව ලකුණු 2ක තියුණු ජයග්‍රහණයක් හිමිකර ගන්න Team Cricket සමත් වුනා.
පසුගිය වසර දෙකේ පැවති තරග දෙක, එක් තරගය බැගින් ජයග්‍රහණය කරන්න කණ්ඩායම් දෙකම සමත් වුනා. කෙසේවෙතත් මේ තරගයේ ජයග්‍රහණය හිමි වුනේ Team Cricket වෙතයි.
TEAM CRICKET: 189-5 : Hamish Marshall 37, Peter Fulton 80 (51 balls), Craig McMillan 4, Stephen Fleming 7, Scott Styris 6, Grant Elliott 34*, Nathan McCullum 11*
පන්දු යැවීම:
R McCaw 3-0-20-0, J Barrett 2-0-23-0, M Ellis 2-0-22-0, I Dagg 4-0-27-1, J Spice 3-24-0, K Boshier 1-0-30-0, A Ellis 3-0-15-3, Mathew Sinclair 2-0-26-1.
TEAM RUGBY: 187-9 : Ofisa Tonu’u 29, Will Jordan 49, Mathew Sinclair 5, K Boshier 31, Jock McKenzie 19, Brad Weber 7, Jordie Barrett 30*, Andy Ellis 3, Marc Ellis 0, Jason Spice 4.
පන්දු යැවීම:
K Mills 3-0-23-0, J Oram 3-0-32-0, N McCullum 3-0-20-3, S Styris 1-0-13-0, C McMillan 2-0-26-2, J Watson 1-0-20-0, D Vettori 4-0-11-3, G Elliott 2-0-42-1
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<